Siemens සමඟ DIMO Energy දේශීය සහ අපනයන වෙළඳපොළ සඳහා LV Power Panel නිෂ්පාදනය කරයි

Siemens සමඟ DIMO Energy දේශීය සහ අපනයන වෙළඳපොළ සඳහා LV Power Panel නිෂ්පාදනය කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි බලශක්ති අංශය වන DIMO Energy දශක හතකට අධික කාලයක් පුරා එහි දිගුකාලීන හවුල්කරුවකු  වන Siemens සමඟ එක්ව දේශීය සහ අපනයන වෙළඳපොළ සඳහා  SIEMENS SIVACON S8, SIEPAN 8PU Low Voltage (LV) Power Distribution Boards සහ Motor Control Centres (MCC) නිෂ්පාදනයට යොමු වී ඇත.

“DIMO Energy, පැනල් නිෂ්පාදන අංශයට පිවිසීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ශ්‍රී ලංකාවේ මෙන්ම ගෝලීය වෙළඳපොළේ Low Voltage Power Distribution Boards සඳහා ඇති වැඩි ඉල්ලුමයි. යටිතල පහසුකම් සංවර්ධනය, බලශක්ති ඉල්ලුම ඉහළ යාම සහ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම ආශ්‍රිත රජයේ මුලපිරීම් දේශීය වශයෙන් DIMO Energy අපේක්ෂා කරන අතර ජාත්‍යන්තර වශයෙන්, නැගී එන වෙළඳපොළවල් වෙත පිවිසීම, ගෝලීය බලශක්ති සංක්‍රමණයට සහභාගී වීම සහ උසස් බලශක්ති සහ බලශක්ති විසඳුම් අපනයනය කිරීම DIMO Energy අරමුණු කරනවා. මෙම නව මුලපිරීම ප්‍රජාවන්ගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීමේ අපගේ ආයතනික අරමුණ තවදුරටත් ශක්තිමත් කරනවා.” DIMO හි විධායක අධ්‍යක්ෂ සහ විදුලිබල සහ බලශක්ති අංශය භාරව කටයුතු කරන විජිත් පුෂ්පවෙල මහතා මෙසේ සිය අදහස් දැක්වීය.

Siemens සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය තුළින් සමාගමේ නිෂ්පාදන හැකියාවන් ජාත්‍යන්තර මට්ටමට ඔසවමින් Siemens සන්නාමය යටතේ SIVACON S8 සහ SIEPAN 8PU නිෂ්පාදනය කිරීමට DIMO Energy හට අවසරය ලබා දෙයි. SIEMENS SIVACON S8 සංකීර්ණ සහ මහා පරිමාණ කාර්මික යෙදුම් සඳහා සුදුසු වන අතර SIEPAN 8PU කුඩා පරිමාණ කාර්මික යෙදුම් සඳහා යොදා ගන්නා අතර පරීක්ෂණ වලට භාජනය වෙමින්, ඉහළම ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව පැනල් නිර්මාණය වෙයි. IEC 61439-1 වැනි ජාත්‍යන්තර තත්වයන්ට  අනුකූල මෙම පැනල, පුද්ගලයන් සහ පද්ධති යන දෙකෙහිම ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන අතර, විවිධ යෙදුම් සඳහා හොඳින් යෝග්‍ය වේ.

ආරම්භක අදියරේදී, DIMO Energy මාලදිවයින, බංග්ලාදේශය සහ අප්‍රිකානු කලාපය වැනි අපනයන වෙළඳපොළවල් කෙරෙහි අවධානය යොමු කරයි.

DIMO වැලිවේරිය පරිශ්‍රය තුළ පිහිටා ඇති වර්ග අඩි 8355ක නිෂ්පාදන සංකීර්ණය නවීන, තාක්‍ෂණිකව දියුණු උපකරණ සහ මෙවලම්වලින් සන්නද්ධව දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත අති නවීන LV power distribution පැනල් නිෂ්පාදනය කිරීමට කැපවී සිටී. මෙම පැනල් Siemens තාක්‍ෂණය භාවිතා කරමින් නිර්මාණය කර ඇත.

DIMO Energy හි නිෂ්පාදන විශේෂඥතාව Siemens විසින් පුහුණු කරන ලද මනා පළපුරුදු ඉංජිනේරුවන්ගේ හැකියාවෙන් සන්නද්ධ වී ඇත. LV පැනල් නිෂ්පාදනය ඉහළම කර්මාන්ත ප්‍රමිතීන්ට අනුකූලව සිදුවන බව මෙයින් සහතික කරයි..

Siemens සමඟ ඇති හවුල්කාරිත්වය මඟින් අති නවීන තාක්‍ෂණයන් සඳහා ප්‍රවේශය ලබා දෙනවා පමණක් නොව, Siemens හි ගෝලීය කීර්තිනාමය සහ වෙළඳපොළේ  පිළිගැනීමද DIMO Energy වෙත ලබා දෙයි. මෙම උපායමාර්ගික සහයෝගීතාවය තුළින්  දියුණු බලශක්ති බෙදාහැරීමේ පද්ධති සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම, ප්‍රශස්ත බලශක්ති බෙදාහැරීම, පාඩු අවම  කිරීම සහ රට පුරා වඩාත් විශ්වාසදායක බල සැපයුමක් ඇතුළු බොහෝ වාසි රැගෙන එයි. තවද නිෂ්පාදන නවෝත්පාදනයෙන් ඔබ්බට යමින් නිපුණතා සංවර්ධනය සහ දැනුම හුවමාරු කිරීම සඳහා ද දායක වේ. නවීන බලශක්ති සහ බලශක්ති පද්ධති කළමනාකරණය කිරීම සඳහා දේශීය වෘත්තිකයන් සහ ඉංජිනේරුවන් අතර විශේෂඥතාව පෝෂණය කිරීම මඟින්, කර්මාන්තය නංවාලීම සිදුකරයි.

Siemens සමඟ DIMO හි දිගුකාලීන හවුල්කාරිත්වය තුළින් 1958 දී චුන්නාකම් හි පළමු බලාගාරය පිහිටුවීම සහ 1995 දී Grid substation ආරම්භ කිරීම සුවිශේෂී සන්ධිස්ථාන වෙයි. 2019 දී DIMO-Siemens ඒකාබද්ධ ව්‍යාපාරය දියත් කිරීම සහ 2020 දී Siemens සමඟ DIMO Lumin power panel එකලස් කිරීමේ කර්මාන්තශාලාව ආරම්භ කිරීම මෙම ගමනේ නවතම සන්ධිස්ථාන සනිටුහන් කරයි.

මෙම නවතම උපායමාර්ගික හවුල්කාරිත්වය තුළින් ආරක්‍ෂිත සහ ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව නව්‍ය නිෂ්පාදන හඳුන්වාදීමේ ප්‍රමුඛයා බවට පත්වීමට DIMO Energy අපේක්ෂා කරයි. ඉදිරි කාලයේදී, DIMO Energy ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම LV power distribution board නිෂ්පාදකයා බවට පත්වීමේ අරමුණ ඇතිව පුළුල් පරාසයක ජාත්‍යන්තර වෙළඳපොළ ආවරණය වන පරිදි එහි පැවැත්ම වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇත.

ඡායාරූප සිරස්තලය

ශ්‍රී ලංකාව සඳහා ජර්මනියේ තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන්, AHK ශ්‍රී ලංකා නිලධාරීන්, Siemens සහ DIMO කළමනාකාරිත්වයේ නියෝජිතයින් කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ සහ දියත් කිරීමේ උත්සවයට සහභාගී වෙමින්.