Jaffna International Trade Fair 2023 හීදී  DIMO සිය සුවිශේෂී සන්නාම සහ සේවා ප්‍රදර්ශනය කරයි.

Jaffna International Trade Fair 2023 හීදී  DIMO සිය සුවිශේෂී සන්නාම සහ සේවා ප්‍රදර්ශනය කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, පසුගියදා පැවැත්වුණු Jaffna International Trade Fair 2023 හීදී තම සමාගම විසින් පිරිනමනු ලබන විසඳුම් සහ ලොව හොඳම ඉංජිනේරුමය සන්නාම කිහිපයක් ප්‍රදර්ශනය කරන ලදී. 2023 මාර්තු 3 වන දින සිට මාර්තු 5 දක්වා යාපනය මුට්ට්‍රවෙලි ක්‍රීඩාංගනයේදී මෙම වෙළඳ ප්‍රදර්ශනය පැවැත්වුණු අතර එහිදී DIMO කලාපයට විශාල නරඹන්නන් ප්‍රමාණයකගේ ආකර්ෂණය හිමි විය.

වර්ග අඩි 1,200ක එළිමහන් ඉඩ ප්‍රමාණයක් සහ වර්ග අඩි 11,000ක ගෘහස්ථ ඉඩ ප්‍රමාණයක් ආවරණය කරමින් DIMO සිය විවිධ නිෂ්පාදන සහ සේවා ප්‍රදර්ශනය කරන ලදී.

යාපනය ප්‍රදේශයේ සිටින ප්‍රජාවන්ගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීම උදෙසා DIMO සිය උපරිම දායකත්වය සැපයීමට නිරතුරුව කටයුතු කරන අතර එහි එක් පියවරක් ලෙස පසුගියදා පැවති Jaffna International Trade Fair 2023 හීදී DIMO Academy of Technical Skills (DATS) තුලින් හඳුන්වාදෙන වෘත්තීය අධ්‍යාපන පුහුණු පාඨමාලා සහ උසස් අධ්‍යාපන පාඨමාලා, BLACK + DECKER, DEWALT, STANLEY, STIHL, Di-TEC බලශක්ති මෙවලම් සහ ගෘහ උපකරණ, DIMO LUMIN ආලෝකකරණ විසඳුම්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට CO2 අවශෝෂණයක් සිදු කල හැකි GRAPHENSTONE තීන්ත ආලේපන, WD-40 lubricants, Ferri Automotive Components සහ MICHELIN, BFGoodrich, KUMHO, SAILUN, MRF, ALLIANCE, JINYU, COMPASAL, Montex සහ CAMSO Tyre වැනි සමාගමේ සුවිශේෂී සන්නාමයන් සහ සපයනු ලබන සේවාවන් පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දීමට කටයුතු කරනු ලැබීය.

තවද DIMO Agribusinesses යටතේ පවතින ඔවුන්ගේ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ පෙළ වන මහින්ද්‍රා ට්‍රැක්ටර්, ස්වරාජ් ට්‍රැක්ටර්, LOVOL අස්වනු නෙළන යන්ත්‍ර, Boat Tractor සහ HomeBiogas නිෂ්පාදන ද මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි. එසේම දේශීයව එක්ලැස් කරන ලද DIMO බට්ටා රථය ප්‍රදර්ශනය කිරීමත් ඔවුන්ගේ TATA සේවා පැකේජ සහ අමතර කොටස් පිළිබඳව නරඹන්නන් දැනුවත් කිරීමත් සිදු කරන ලදී. සිය සේවා කාණ්ඩය යටතේ එන්ජින් අලුත්වැඩියා කිරීමේ විසඳුම් සපයන DIMO Engine Care සහ ඩීසල් පොම්ප අලුත්වැඩියාව සිදු කරන DIMO Diesel Lab පිළිබඳව ද ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරන ලදී.