Huawei Watch GT2 Pro, ඕනෑම අවස්ථාවකටම ගැලපෙන ස්මාර්ට් වොච් එක

Huawei Watch GT2 Pro, ඕනෑම අවස්ථාවකටම ගැලපෙන ස්මාර්ට් වොච් එක

ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei , නව්‍ය හා ඉහළ දියුණු ස්මාර්ට් වොච් සහ ශ්‍රව්‍ය තාක්ෂණික උපකරණ හදුන්වාදීමත් සමගම තාක්ෂණික අවකාශය තුල බොහෝ දෙනාගේ අවධානය මෙම තාක්ෂණික උපාංග කෙරෙහි යොමු වී ඇත. මෙම නව හදුන්වාදීම් අතර ප්‍රමුඛතම උපාංගයක් ලෙස  Huawei Watch GT2 Pro කැපී පෙනේ. මෙය ඉහළ කාර්යක්ෂමතාවයකින් සහ ඕනෑම අවස්ථාවකට සරිලන ලෙස watch face එක මාරුකල හැකි අද්විතීය විශේෂාංගයන් ගෙන්ද   යුක්ත වේ. 

Huawei Watch GT2 Pro අඟල් 1.39 ක AMOLED ස්පර්ශක තිරයක් සහිත අතර එහි  බල බොත්තමක් (Power button) සහ ක්‍රියාකාරී බොත්තමක් ද (Function button) ඇත. එහි ප්‍රධාන රාමුව ටයිටේනියම් වන අතර එහි මුහුණත sapphire crystal වලින් සාදා ඇති අතර, එම  නිසා ඉතා සුන්දර නිමාවක් මෙයට ලැබී ඇත. මෙම ස්මාර්ට් වොච් එක ඉතා සැහැල්ලු වන අතර එහි බර  ග්‍රෑම් 52 (පටි  රහිතව) වේ.

Huawei Watch GT2 Pro පැළදීම ඉතා පහසු වන අතර ජලයට ඔරොත්තු දීමේ හැකියාවද පවතී. Huawei Watch GT2 Pro වෙළදපොලේ ඇති  අනිකුත් උපාංග වලට වඩා විශේෂ වන අතර දැනටමත් තාක්ෂණික උපාංග පිළිබද  උනන්දුවක් දක්වන අය අතර වඩාත් ප්‍රචලිත වී ඇත . ක්‍රීඩාව, ව්‍යායාම හෝ කාර්යාල වැඩ වැනි ඕනෑම අවස්ථාවක් සදහා පැළදිය හැකි වේ . Huawei Watch GT2 Pro විසින් ස්මාර්ට් වොච් පරාසයේ නව මානයක් විවර කරන අතර, මෙහි ඇති ඉහල තාක්ෂණය සහ ආකර්ෂණිය නිමාව නිසා බොහෝ දෙනෙකුගේ කතාබහටද ලක්වී ඇත .

Huawei Watch GT2 Pro විසින්  fitness technology හි  විප්ලවීය වෙනසක් සිදු කරයි. කඳු නැගීමේ මාදිලිය, එළිමහන් ධාවනය, ඔරු පැදීම, සර්ෆින් සහ ටෙනිස් වැනි ක්‍රියාකාරකම් ද,  “ව්‍යායාම ක්‍රම” 100 කට අධික සංඛ්‍යාවක්ද මෙහි අන්තර්ගතය. Huawei Watch GT2 Pro ස්මාර්ට් වොච් එක මගින් හෘද ස්පන්දන වේගය, සාමාන්‍ය වේගය, උපරිම බෑවුම, හිම මත ලිස්සා යාම සදහා විශේෂ වූ වැඩසටහන් ලබාදෙන අතර AI පද්ධතියක් මගින් එම දත්ත ව්ශ්ලේෂණය කරමින් වඩා නිරවධ්‍ය වූ වර්ධන ක්‍රමෝපායන් යෝජනා කරයි .

Huawei Watch GT2 Pro සිය නව ගොල්ෆ් මාදිලිය මගින් පුද්ගලික ගොල්ෆ් පුහුණුකරුවෙකු ලෙස ක්‍රියාත්මක වෙමින් golf ක්‍රීඩාවේ යෙදෙන්නන්ගේ  swing posture ,swing speed, frequency වැඩි දියුණු කිරීම සඳහා යෝජනා ලබා ගන්නා අතරම පරිශීලකයන්ට එම ඉරියව්ව විශ්ලේෂණය කරමින් දුර්වල හා සාර්ථක හැකියාවන් පිළිබද නිගමනයන් ලබාදේ. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Golf Pro බවට පත්වීමට අවශ්‍ය සහය ඔබට ලබාදේ.

AI ඇල්ගොරිතම සමඟ බල ගැන්වෙන මෙම ස්මාර්ට් ඔරලෝසුව රුධිර ඔක්සිජන් සන්තෘප්තිය (SpO2) හෝ හෘද ස්පන්දන වේගය පැය 24 ක් නිවැරදිව මනින අතර බලශක්ති පරිභෝජනය ඵලදායී ලෙස අඩු කරයි. Huawei TruSleep තාක්‍ෂණය සමඟින් GT2 ස්මාර්ට් ඔරලෝසුවට හොඳ නින්දක් සඳහා යෝජනා සපයන අතරම පොදු නින්දේ ගැටළු විද්‍යාත්මකව සොයා ගැනීමට සහ හඳුනා ගැනීමට අවස්ථාව සපයයි. 

Huawei TruRelax තාක්‍ෂණයේ සහාය ඇතිව එහි ආතතිය අධීක්‍ෂණය කිරීමේ අංගය අධික වැඩ බරක් ඇති පරිශීලකයින්ට ආතතිය පාලනය කිරීම සඳහා වඩාත් සුදුසු වන අතර එය ආතති මට්ටම් මුදා හැරීම සඳහා හුස්ම පුහුණුව වැනි යෝජනා සපයයි. Huawei Watch GT2 Pro හි GPS විශේෂාංගය ගමන් මාර්ගය ඉතා නිවැරදිව සටහන් කරන අතර නැවත එම මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය විට ඒ සදහා අවශ්‍ය සහය ලබාදේ.

Huawei Watch GT2 Pro අතේ ඇති හෙයින්, පරිශීලකයින්ට ව්‍යායාම හා ක්‍රීඩා වල යෙදෙන අතරතුර දුරකථනය නොමැති වුවද ඇමතුම් ලබාගැනීමේ හැකියාව ලබාදේ . එහි 4GB Memory  සමඟින්, ගීත 500 ක් දක්වා ගබඩා කිරීමේ හැකියාව ඇති අතර එමඟින් පරිශීලකයින්ට දුරකථනය නොමැතිව සංගීතයට සවන්දිය  හැකි අතර ඔවුන්ට ඇමතුම් ලැබීමට, ප්‍රතික්ෂේප කිරීමට හෝ නිශ්ශබ්ද කිරීමට  දුරකථනයේ බ්ලූටූත් සම්බන්ධතාවය උපකාරි වේ.

Huawei Share පහසුකම සමගින් එන මෙම ස්මාර්ට් වොච් එක පරිශීලකයන්ට සංගීතය සහ ඡායාරූප වැනි දත්ත හුවමාරු කිරීමේ අවස්ථාවද ලබා දේ , එවිට ඔරලෝසු මුහුණ ප්රියතම ඡායාරූප සමඟ රිසිකරණය කර සංගීතයට සවන් දීමටද ඔවුන්ට හැකි වේ. දුරස්ථ පාලකයක් ලෙසද මෙම ස්මාර්ට් වොච් එක ක්‍රියාකරන අතර දුරකථනය මගින් ඡායාරූප  ගැනීමද මෙමගින් පාලනය කල හැක. Wireless charge කිරීමේ  පහසුකම පවතින මෙම උපාංගය reverse charging පහසුකමද සලසයි. මිනිත්තු පහක රැහැන් රහිත ඉක්මන් Wireless charge කිරීම මගින් පැය 10 ක් භාවිතා කළ හැකි අතර සම්පූර්ණයෙන්ම charge කළ විට එය දින 14 ක් පමණ පවතී.