DIMO නැවත වරක් SAFA වෙතින් සම්මානයෙන් පිදුම් ලබයි

DIMO නැවත වරක් SAFA වෙතින් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, Diversified කාණ්ඩයේ ඒකාබද්ධ රන් සම්මානය සහ Integrated Reporting වෙනුවෙන් තවත් රන් සම්මානයක් දිනාගනිමින් South Asian Federation of Accountants (SAFA) Best Presented Annual Report Awards, Integrated Reporting Awards and SAARC Anniversary Awards for Corporate Governance Disclosures Competition 2022 යන සම්මාන උලෙළහිදී ආයතනික වාර්තාකරණය කෙරෙහි ඔවුන් දක්වන කැපවීම මැනවින් විදහා දැක්වීය.

දකුණු ආසියාව තුළ ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය පවත්වා ගනිමින් එහි නව්‍ය ප්‍රවේශයන් කරා ගමන්කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් DIMO මෙම සම්මානයන් දිනා ගනු ලැබීය. DIMO හි මූල්‍ය සාමාන්‍යාධිකාරී සුදත් මහගෙදර මහතා සහ DIMO හි සමූහ මූල්‍ය සැලසුම් සහ පාලන ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී අමාලි ද සොයිසා මහත්මිය විසින් පසුගියදා ඉන්දියාවේ පැවති සම්මාන උලෙළහිදී DIMO වෙනුවෙන් මෙම සම්මාන පිළිගන්නා ලදී.