Alumex PLC පුහුණු වැඩසටහන් හරහා දේශීය නිෂ්පාදක ප්‍රජාවගේ හැකියාවන් සවිබලගන්වයි

Alumex PLC පුහුණු වැඩසටහන් හරහා දේශීය නිෂ්පාදක ප්‍රජාවගේ හැකියාවන් සවිබලගන්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය වන Alumex PLC හී ලුමින් (Lumin) නිෂ්පාදන කාණ්ඩයට අයත් ඇලුමිනියම් ෆැබ්රිකේටර්වරුන් (Fabricators) දක්ෂතාවයෙන් හා හැකියාවෙන් පරිපුර්ණ සහතිකලත්, පුහුණු ප්‍රජාවක් බවට පරිවර්තනය කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද Lumin Certified Fabricators Club යටතේ ක්‍රියාත්මක කරන ලද තවත් පුහුණු වැඩසටහනක් පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී.

1986 වසරේ සිට දේශීය ෆැබ්රිකේටර්වරුන් වෙනුවෙන් සහයෝගය දක්වමින් Alumex මෙරට පාරිභෝගික ප්‍රජාවගේ විශ්වාසය දිනාගෙන තිබේ. පසුකාලීනව ආරම්භ කරන ලද මෙම Lumin Certified Fabricators Club හි මූලික අරමුණ වනුයේ පාරිභෝගික ප්‍රජාව වෙනුවෙන් වඩාත් ගුණාත්මක සේවාවක් සමඟින් දේශීය නිෂ්පාදන කර්මාන්තයේ නියුතු පිරිස් පුහුණු හා සහතිකලත් ප්‍රජාවක් බවට පත්කිරීමයි.

පසුගිය ජුනි මාසයේ දී පවත්වන ලද මෙම වැඩසටහන සඳහා Lumin නිෂ්පාදන ප්‍රජාවගේ සහභාගීත්වය හිමි වු අතර, එහිදී ඉදිරි වැඩකටයුතු, නව වෙළෙඳ ප්‍රවණතාවයන් මෙන්ම දැනුම හුවමාරු වැඩසටහන් ද සංවිධානය කර තිබුණි. මෙහි තවත් කැපීපෙනෙන අවස්ථාවක් ලෙස බාහිර සංවිධාන නියෝජනය කරමින් “අර්බුද හමුවේ සිය දක්ෂතාවයන් වර්ධනය කරගැනීම” වැනි මාතෘකා යටතේ ආරාධිත දේශකයින් හා චින්තකයින් සිය දැනුම හා අත්දැකීමක් බෙදාගැනීම සිදුවිය.

Alumex PLC හී කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා මෙම වැඩසටහන පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් Alumex PLC නිරන්තරයෙන්ම කැපවී කටයුතු කරනවා. අපගේ විවිධ පුහුණු වැඩසටහන් හරහා, නිෂ්පාදකයින් නවීන තාක්ෂණය භාවිතය සඳහා යොමුකිරීමට අපිට හැකියාව ලැබි තිබෙනවා. එසේම ඔවුන් තුළ සැඟවී සිටින ව්‍යවසායකයා දැනුමෙන් හා ආකල්ප වලින් පෝෂණ කිරීමටත් අපි ශක්තිමත් පදනමක් නිර්මාණය කර තිබෙනවා. Alumex PLC අපගේ මූලික අරමුණ නම් නිරතුරුවම මෙම ගමන්මඟේ ඔවුන්ට ශක්තියක් වෙමින් ඔවුන් ජයග්‍රහණය කරා රැගෙන යෑමයි.”

වසර 25 ක් පුරාවට දේශීය නිෂ්පාදකයින් සවිබලගැන්වීම හා සංවර්ධන වෙනුවෙන් Alumex PLC කැපවී කටයුතු කර ඇති අතර 20,000 කට පමණ අධික ෆැබ්රිකේටර්වරුන් පිරිසක් වෙනුවෙන් පුහුණු වැඩසටහන් දිවයින පුරා සංවිධානය කර තිබේ. තවද, Alumex විසින් ගෝලීය වශයෙන් කීර්තිමත් ඇලුමිනියම් පද්ධතින්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධයක් ලබාදෙමින් නිෂ්පාදන කර්මාන්තයේ අනාගතය වෙනුවෙන් පුහුණු වැඩසටහන් දිගුකාලීනව සංවිධානය කිරීමට සැලසුම් කර තිබේ.

Alumex හී ප්‍රමුඛතම සන්නාමයක් වන Lumin නිෂ්පාදනයන් UKAS වැනි ජාත්‍යන්තර ස්වාධීන රසායනාගාර යටතේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව වඩාත් උසස් හා ගුණාත්මක බවින් යුක්ත නිෂ්පාදනයන් මෙරට පාරිභෝගිකයන් වෙත ලබාදෙන එකම සන්නාමය ලෙස සැළකිය හැකිය. මේ නිසාම වර්තමානය වනවිට මෙරට පාරිභෝගික විශ්වාසය දිනාගැනීමට Lumin ෆැබ්රිකේටර්වරුන්ට හැකියාව ලැබී ඇත.

දිවයින පුරා පිහිටි Lumin මධ්‍යස්ථාන හරහා පාරිභෝගිකයන්ට ස්වකීය අවශ්‍යතාවයන්ට සරිලන පරිදි උසස් තත්ත්වයේ ඇලුමිනියම් දොර, ජනෙල් පද්ධති සැලසුම්කරගැනීමේ හැකියාව මෙන්ම වර්ධනය කරගැනීමට තාක්ෂණික සහයෝගය ලබාගත හැකිය. මෙම මධ්‍යස්ථාන මඟින් දේශීය පාරිභෝගික ප්‍රජාව වෙනුවෙන් වඩාත් වේගවත් විසඳුම් ලබාදීම සිදුවේ.

යාවත්කාලීන වන නිෂ්පාදනයන් හා විශේෂාංගයන් පිළිබඳව නිරතුරුවම පුහුණු වැඩසටහන් මඟින් Lumin නිෂ්පාදකයින් දැනුවත්කිරීම සිදුකරන අතර ශ්‍රී ලංකාවේ අංක එකේ ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය ලෙස සිය වෙළෙඳපළ ස්ථාවරත්වය සමඟින් Lumin නිෂ්පාදක ප්‍රජාව සවිබලගැන්වීම Alumex හී මූලික අරමුණයි.

හේලීස් සමූහයේ අනුබද්ධිත Alumex PLC 1986 වසරේ සිට වර්තමානය දක්වා ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වශයෙන් කටයුතු කරනු ලබයි. වසර 35 කට අධික ක්ෂේත්‍ර ප්‍රවීණත්වය සමඟ බලපත්‍රලාභී සමාගමක් ලෙස ගෝලීය වශයෙන් ප්‍රසිද්ධියට පත් ඇලුමිනියම් දොර, ජනෙල් සහ ගොඩනැඟිලි සඳහා උපයෝගී කරගනු ලබන ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම විශේෂිත වාණිජමය යෙදුම් හා පද්ධති සැකසීම වැනි පුළුල් නිෂ්පාදන ජාලයක් Alumex සතුව පවතියි. 

පාරිභෝගික ප්‍රජාව වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රමීතින්ට අනුකූලව බෙදාහැරීමේ පද්ධතියක් හරහා පුළුල් පරාසයක නේවාසික හා කාර්මික නිෂ්පාදනයන් ද සැපයීම සිදුකරන අතරම ජාත්‍යන්තර වශයෙන් සිය නිෂ්පාදනයන් ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය මෙන්ම සිංගප්පූරුව, ඉතාලිය සහ ජර්මනිය වෙත ද අපනයනය කිරීමට Alumex PLC සමත් ව තිබීම සුවිශේෂි කරුණකි.