Bybit Pay ක්‍රිප්ටෝ ගෙවීම් ක්‍රමවේදය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Bybit Pay ක්‍රිප්ටෝ ගෙවීම් ක්‍රමවේදය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Off By Mic

වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, Bybit Pay හි ගෝලීය ව්‍යාප්තියේ තවත් එක් පියවරක් ලෙස ශ්‍රී ලංකාවට සිය සේවාවන් හඳුන්වා දෙන බව සාඩම්බරයෙන් නිවේදනය කරයි. මෙහි ආරම්භක අදියර ලෙස, භෞතික වෙළඳසැල් 50 ක් සහ ඩිජිටල් වෙළඳුන් 50 දෙනෙකු සඳහා මෙම සේවාව හඳුන්වා දීමට නියමිතයි. එමඟින් ශ්‍රී ලංකාවේ වර්ධනය වන ඩිජිටල් ගෙවීම් ජාලය තුළ සිල්ලර වෙළෙඳාම, සේවා සැපයීම සහ මාර්ගගත වාණිජ්‍යය ඇතුළු ක්ෂේත්‍ර රැසක්පුරා පුළුල් පැවැත්මක් නිර්මාණය කිරීම අරමුණු කෙරේ.

Bybit Pay, දේශීය අවශ්‍යතාවලට අනුවර්තනය වෙමින් සියගෝලීය සබඳතා ඔස්සේ එක් දේශයකට පමණක් සීමා නොවන ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන ගෙවීම් පද්ධතියක් ලෙස එහි පැවැත්ම ශක්තිමත් කර ඇත. 130%ක් වූ ජංගම දුරකථන භාවිතය සහ දිනෙන් දින වර්ධනය වන ඩිජිටල්කරණය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාකාරී ගෙවීම් වෙළඳපොළක් පවතී. එය නවෝත්පාදනයන් සඳහා වන ව්‍යාපාරික අවස්ථාවලින් මෙන්ම කඩිනම් සහ ලාභදායී ඩිජිටල් මූල්‍ය විසඳුම් සඳහා වන ඉල්ලුමකින් ද සමන්විතවේ. එබැවින් Bybit Pay හඳුන්වා දීම, ශ්‍රී ලංකාවේ දේශීය වෙළෙඳුන්ට සහ අනෙකුත් රටවලින් පැමිණෙන සංචාරකයින් යන දෙපාර්ශවයටම ප්‍රයෝජනවත් වන ක්‍රිප්ටෝ පාදක ගෙවීම් ක්‍රම සැපයීමට උපකාරී වනු ඇත.

ඩිජිටල් වත්කම්: ව්‍යාපාර සඳහා විශ්වාසනීය සහ පහසුවෙන් භාවිත කළහැකි විසඳුමක්

Bybit Pay මඟින් සෑම කෙනෙකුටම ඩිජිටල් මුදල් භාවිතා කිරීම පහසු කරයි. ව්‍යාපාරයේ ප්‍රමාණය කුමක් වුවත්, ක්‍රිප්ටෝ ගෙවීම් පිළිබඳ පෙර අත්දැකීම් නොමැති වුවත්, කුඩා සාප්පු, සේවා සපයන්නන් හෝ මාර්ගගත වෙළෙන්දන් යන ඕනෑම අයෙකුට මෙම වැඩසටහනට සම්බන්ධ වීමෙන් ක්‍රිප්ටෝ ගෙවීම් පද්ධතියක් ස්ථාපිත කිරීමට හැකියාව ලැබේ.

CeyPay භාවිතයෙන් මෙම සේවාව ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා Bybit Pay, Ceylon Cash සමඟ එක්ව කටයුතු කරයි. එමඟින් දේශීය ව්‍යාපාර සඳහා ක්‍රිප්ටෝ ගෙවීම් ක්‍රමවේදයන් වෙත පහසුවෙන් අනුගත වීමට සහ ඩිජිටල් වත්කම් පදනම් කරගත් වාණිජ්‍යය කරා යන ගෝලීය ව්‍යාපාරයට ද සහභාගී වීමට අවස්ථාව සැලසේ.

මෙම නව වැඩසටහන හරහා, Bybit Pay විසින් සාම්ප්‍රදායික සිල්ලර වෙළෙඳසැල් සහ සේවා සපයන්නන් සඳහා Android POS උපාංග 50ක් ස්ථාපිත කිරීමටත්, ඒ සමඟම තෝරා ගැනීමේ ක්‍රියාවලියක් ඔස්සේ ඩිජිටල් වෙළෙඳුන් 50ක් සක්‍රිය කිරීමටත් කටයුතු කරනු ඇත. මේ සඳහා වන අයදුම්පත මේ වන විට විවෘතව පවතී.

මෙහි ප්‍රධාන වාසි

ශ්‍රී ලංකාවේ වෙළෙඳුන් Bybit Pay සඳහා සහාය වීමට හේතු වන බොහෝ කරුණු අතර, දේශීය ව්‍යාපාර සහ පාරිභෝගිකයන් මුහුණ දෙන ප්‍රධාන අභියෝග විසඳිය හැකි සාධක කිහිපයක් මෙහිදී කැපී පෙනේ.

  • අතිශය වේගවත් බව: Bybit Pay ජාලය තුළ සිටින වෙළඳුන්ට සහ පාරිභෝගිකයින්ට API හරහා ක්ෂණික ගෙවීම් තහවුරු කිරීම සහ ගනුදෙනු පියවීම සිදුකළ හැකිවීමෙන් තත්පර කිහිපයක් ඇතුළත ගෙවීම් සිදුකල හැකිය. එමඟින් පැරණි ක්‍රමවේදයන් වල සාමාන්‍යයෙන් දක්නට ලැබෙන දින ගණනක ප්‍රමාදයන් සිදු නොවේ.
  • ලාභදායී ප්‍රවේශය: තරඟකාරී ගාස්තු යටතේ දේශීය සහ ජාත්‍යන්තර ගෙවීම් සඳහා සහාය දක්වන බැවින්, ශ්‍රී ලාංකීය ව්‍යාපාරවලට ගෝලීයකරණය වීමට ඇති අවම පිරිවැයකින් යුත් ක්‍රමවේදයකි. මෙම පිරිවැය වාසිය කුඩා ව්‍යාපාරවලට වැඩි ලාභයක් හිමිකර ගැනීමේ අවස්ථාව මෙන්ම දේශීය ජනතාවට සහ විදේශීය සංචාරකයින්ටද ප්‍රතිලාභ අත්කර දෙයි.
  • වර්ධනය වන පාරිභෝගික පදනම: වෙළඳුන්ට දේශසීමා හරහා පමණක් නොව නව පරපුරේ ගනුදෙනුකරුවන් පිරිසක්වෙතද ළඟා විය හැකිය. ක්‍රිප්ටෝ භාවිතා කිරීමට කැමති, ඩිජිටල්කරණය වූ පාරිභෝගිකයින් සාම්ප්‍රදායික ගෙවීම් ක්‍රම මඟ හැරිය හැකි අතර Bybit Pay මඟින් ව්‍යාපාරවලට මෙම පාරිභෝගිකයන්ගේ ගෙවීම් ලබා ගැනීමට ඉඩ සලසයි. එය ඔවුන්ගේ පාරිභෝගික පදනම වර්ධනය කර ගැනීමට උපකාරී වේ.
  • විශ්වාසය සහ ආරක්ෂාව: වංචා වැළැක්වීම සහ ඊට අදාළ පියවරයන් සමඟින් නිර්මාණය කර ඇති Bybit Pay හි ශක්තිමත් ජාලය සහ ආරක්ෂක පහසුකම්, ගෙවීම් අනුමත කිරීමේ අනුපාත ඉහළ නංවයි. මෙය ප්‍රතික්ෂේප වූ ගෙවීම් හෝ ආරවුල් ඇතිවීමේ අවස්ථා අඩු කරමින් අනවශ්‍ය අවදානම් සහ පිරිවැය වළක්වා ගැනීමට වෙළඳුන්ට උපකාරී වේ.
  • තෝරාගැනීමේ නිදහස: ගෙවන්නන්ට සහ වෙළඳුන්ට, ඔවුන්ගේ අභිමතය පරිදි ක්‍රිප්ටෝ මුදල් හෝ ෆියට් මුදල් වලින් ගනුදෙනු පියවීමේ හැකියාව පවතී.

Bybit හි කලාපීය කළමනාකරු වන Nazar Tymoshchuk මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ ජනතාවට තාක්ෂණය ඉතා හුරුපුරුදු වීමත්, රටට බොහෝ ජාත්‍යන්තර සංචාරකයින් පැමිණීමත්, ප්‍රතිලාභ ලබා ගත හැකි විවිධ ව්‍යාපාර වර්ග රාශියක් පැවතීමත් නිසා  ක්‍රිප්ටෝ ගෙවීම් සඳහා ශ්‍රී ලංකාව කදිම රටක්. මෙම හඳුන්වා දීම සංචාරය කරන හෝ ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයින් සඳහා ගෙවීම් පහසු, වේගවත් සහ සීමා රහිත කිරීම වෙනුවෙන් Bybit Pay සිදුකරන කැපවීමේ කොටසකි.”

Bybit Pay විසින් තෝරා ගත් වෙළෙඳුන් 100 දෙනා පිළිබඳ විස්තර ඇතුළත් නාමාවලියක් පරිශීලකයින් සඳහා ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරන අතර ශ්‍රී ලංකාව පුරා වෙළෙඳ ජාලය අඛණ්ඩව වර්ධනය කිරීමට අපේක්ෂා කරයි. මෙම හඳුන්වාදීම ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන වැඩසටහන් සඳහා සහාය වන අතරම, ප්‍රධාන ව්‍යාපාරික සහ පාරිභෝගික අභියෝගයන්ට ද විසඳුම් සපයයි. එමෙන්ම, මෙය සහභාගී වන වෙළඳුන් දේශීය වර්ධනයට සහ ජාත්‍යන්තර තරඟකාරීත්වයට වඩා හොඳින් සේවය කිරීමට ද සූදානම් කරයි.

#Bybit / #TheCryptoArk 

Bybit පිළිබඳව

Bybit යනු වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන අතර, එය මිලියන 70කට අධික පරිශීලකයින්ගෙන් යුත් ගෝලීය ප්‍රජාවකට සිය සේවය සපයයි. 2018 දී ආරම්භ කරන ලද Bybit, ක්‍රිප්ටෝ මුදල් සැමට විවෘත, සාධාරණ සහ භාවිතයට පහසු පද්ධතියක් ලෙස නිර්මාණය කිරීම අරමුණු කරන අතර Web3 කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් ශක්තිමත් පද්ධති ගොඩනැගීමට සහ බ්ලොක්චේන් නවෝත්පාදනයන් දිරිමත් කිරීමට ප්‍රමුඛ බ්ලොක්චේන් හවුල්කරුවන් සමඟ එක්ව ක්‍රියා කරයි. ආරක්ෂිත, භාවිතයට පහසු, විවධ වෙළඳ විකල්ප සහ උසස් බ්ලොක්චේන් මෙවලම් ලබා දීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන Bybit, සාම්ප්‍රදායික මූල්‍ය ලෝකය (TradFi) නව විමධ්‍යගත මූල්‍ය ලෝකය (DeFi) සමඟ සම්බන්ධ කරන අතර එමගින් සංවර්ධකයින්ට, නිර්මාණකරුවන්ට සහ බ්ලොක්චේන් පිළිබඳ උනන්දුවක් දක්වන අයට Web3 වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට අවස්ථාව සලසා දෙයි. විමධ්‍යගත මූල්‍යකරණයේ අනාගතය සොයා යන්න Bybit.com වෙත පිවිසෙන්න.

Bybit පිළිබඳ වැඩි විස්තර සඳහා, කරුණාකර Bybit Press වෙත පිවිසෙන්න.