රාත්‍රි කාලයේ සෙල්ෆි ඡායාරූප ගැනීමට Super Night Selfie Mode  රැගත් V19 ස්මාර්ට් දුරකතනය ළඟදීම වෙළෙඳ පොළට

රාත්‍රි කාලයේ සෙල්ෆි ඡායාරූප ගැනීමට Super Night Selfie Mode රැගත් V19 ස්මාර්ට් දුරකතනය ළඟදීම වෙළෙඳ පොළට

ශ්‍රී ලංකාවේ නව්‍යතම ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදකයා වන vivo, ක්ෂේත්‍රයේ හොඳම විශේෂාංග ඇතුළත් සෙල්ෆි කැමරාව සහිත නවතම ස්මාර්ට් ජංගම දුරකතනය වන V19 උපාංගය වෙළෙඳ පොළට නිකුත් කිරීමට සූදානම් වෙයි. මෙම නවතම V19 ජංගම දුරකතනය ශ්‍රී ලංකාවේ සෙල්ෆි ඡායාරූප ලෝලීන් අමන්දානන්දයට පත් කරන විශේෂාංග රැසකින් අනූන උපාංගයකි.

කුමන ආලෝක තත්ත්වයක් පැවතියද, මෙහි සෑම කැමරා දසුනකින්ම හොඳම සේල්ෆි කැමරා විශිෂ්ටත්වය විදහා දක්වමින් V19 යළිත් වරක් සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කිරීමට නියමිතය. ඒ සඳහා 32+8MP ඉදිරිපස ද්විත්ව කැමරාවද, 48MP පිටුපස ප්‍රධාන කැමරාවද ඇතුළත් AI Quad කැමරා වෙනස් ආලෝක තත්ත්වයන් ග්‍රහණය කර ගැනීම සඳහා විශේෂයෙන් ක්‍රියාකාරී වන අතර, ඒ හේතුවෙන් පරිශීලකයින්ට ඉතා දුර්වල ආලෝකයන් යටතේ වුව ද, ඡායාරූපාගාරයක බඳු සෙල්ෆි ඡායාරූපයන්හි අත්දැකීම විඳ ගත හැකිය. එබැවින් මෙම නවතම ස්මාර්ට් ජංගම දුරකතන මාදිලිය පරිශීලකයින් අතට පත් වන්නේ ද, ‘ඔබගේ රාත්‍රිය ආලෝකවත් කරන්න ̓ යන තේමාවෙන් යුතුවය.

V19 ස්මාර්ට් ජංගම දුරකතනයෙහි සුවිශේෂී විශේෂාංගය වන Super Night Selfie mode මගින් අඩු ආලෝකයක් යටතේ වුවද, හොඳින් ආලෝකවත් වුණු සෙල්ෆි ඡායාරූප ලබා ගැනීමට පරිශිලකයින්ට අවකාශ සලසා දෙයි. ඒ, එකිනෙකට වෙනස් රාමු 14 ක් හා සංයෝජනය කරමින් Multiple-Exposure තාක්ෂණය මුසු කරමින් මෙම උපාංගය මගින් අඩු ආලෝක තත්ත්වයන් තුළදී සෙල්ෆි ඡායාරූපයන්හි ආලෝකය ඉහළ නංවන බැවිනි. පරිපූර්ණ සෙල්ෆි කාර්යයක් සඳහා මෙහි ඇතුළත් Aura Screen Light වඩා හිතකර ආලෝක මට්ටමක් දැක්වීම පිණිස, දුරකතන තිරය ආලෝකවත් කරයි.  

V19, 2019 වසරේදී දියත් කරන ලද V17 Pro හි අනුප්‍රාප්තිකයා ලෙසින් සැලකිය හැකි උපාංගයේ L- හැඩැති මොඩියුලයක් ද ඇති අතර එය එහි පූර්වගාමියා වූ vivo V17 Pro උපාංගයටද සමාන වේ. Vivo V19 හි AMOLED තිරය සහ පිටුපස කැමරා සැකසුමක් ද, තිරයෙහි ඇඟිලි සලකුණු ස්කෑනරයක් ද (In-display fingerprint scanner) ඇති අතර, ඉදිරිපස කාචයට ඉහළින් flasher මෙන්ම ද්විත්ව punch-hole සැකසුමක් ද පිහිටා තිබේ.

Vivo Mobile Lanka සඳහන් කරන්නේ, V19 උපාංගයේ තිරය, එහි කැමරා සැකසුම තරමටම සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවයි. E3 OLED මගින් සැදුණු උපාංගයේ අඟල් 6.44 LIV Super AMOLED FHD තිරය විදහා දක්වමින් Dual iView Display සමගින් හොඳම දර්ශන අත්දැකීම පරිශිලකයින් හට ලබා දේ. ඒ DCI-P3 වර්ණ සියල්ල සඳහා සහය දක්වමින්, වර්ණ රැසක අත්දැකීමක් තිලිණ කරමිනි.

නුදුරේදීම නිකුත් වීමට නියමිත vivo V19 හි තවත් ප්‍රධාන අංගයක් වන්නේ අද්විතීය වර්ණයන්ගෙන් යුතු එහි නිමාවයි. Vivo Mobile Lanka සමාගම සඳහන් කරන්නේ, නවතම V19 ස්මාර්ට් ජංගම දුරකතනය, Gleam Black සහ Sleek Silver යන සිත් ඇදගන්නා වර්ණයන්ගෙන් යුක්තව නිකුත් කෙරෙන බවයි.

මෙම උපාංගය Qualcomm Snapdragon 712 AIE චිප්සෙට්- පද්ධති සහයෙන් ක්‍රියාත්මක වේ. 8GB RAM සහ 128GB / 256GB සංකලනය කර ඇති, octa-core චිප්සෙට් මගින් සුමට ක්‍රියාකාරීත්වයක් හා කිසිදු ප්‍රමාදයකින් තොරව බහු කාර්ය සාධනයක් ලබා දෙන අතර, මෙම උසස් මට්ටමේ චිප්සෙට් පද්ධති සහය මෙන්ම, RAM-ROM සංයෝජනය මගින් සහතික කෙරෙන්නේ, එදිනෙදා භාවිතයේ දී  වඩාත් සුමට ක්‍රියාකාරිත්වයයි.

රට තුළ පැවති කොව්ඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන්, මෙම නවතම ස්මාර්ට් ජංගම දුරකතනය වෙළෙඳ පොළට නිකුත් වීම ප්‍රමාද වූ  අතර, සමාගම පෙර සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ඉහළ වෙළෙඳ පොළ ප්‍රවණතාවක් අපේක්ෂා කරන බවයි.

එනිසා V19 නවතම ස්මාර්ට් ජංගම දුරකතනය ජුනි මස අග දී දියත් කරමින් vivo, දේශීය වෙළෙඳ පොළට යළි ප්‍රවිශ්ට වීම සනිටුහන් කිරීමට නියමිතය.