
නවෝත්පාදනයෙන් ඔබ්බට ගමන් කිරීමේ අරමුණ මත පදනම් වූ OREL IT විසින් 2025 BMPC සම්මාන උළෙලේදී විශිෂ්ට ජයග්‍රහණයකින් පිදුම් ලබයි

මීළඟ පරම්පරාවේ නව්‍ය තාක්ෂණික විසඳුම් ඉදිරිපත් කරන ප්‍රමුඛතම ගෝලීය තාක්ෂණික සමාගමක් වන OREL IT විසින් Best Management Practices Company Awards (BMPC) 2025 සම්මාන උළෙලේදී ජයග්‍රහණ ද්විත්වයක් දිනා ගැනීමට සමත් විය.ඒ අනුව තොරතුරු තාක්ෂණ, මෘදුකාංග සහ BPO සේවා කාණ්ඩයේ ජයග්‍රාහකයා ලෙස සමාගම තේරී පත් වූ අතර හොඳම කළමනාකරණ ක්‍රමවේදයන් සහිත විශිෂ්ටතම සමාගම් 20 අතර ශ්‍රේණිගත වීමට ලැබීම OREL IT වෙත සුවිශේෂී ජයග්‍රහණයක් විය. තාක්ෂණික අංශය තුළ OREL IT දක්වන සුවිශේෂී නායකත්වය සහ මෙහෙයුම් විශිෂ්ටත්වය මෙන්ම ඔවුන්ගේ කැපවීම අගයමින් මෙම ගෞරව සම්මානය ප්‍රදානය කරනු ලැබුවේ ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM ශ්‍රී ලංකා) විසිනි.
නවෝත්පාදනයේ සහ විශිෂ්ටත්වයේ උරුමයක්
තාක්ෂණය තුළින් ප්‍රජාව සවිබලගැන්විය යුතු බවට ඔවුන් තුළ වූ විශ්වාසය ,ඒ වෙනුවෙන් ඔවුන් ගොඩනඟා ගත් මනා ඔරොත්තු දීමේ හැකියාව සහ අනුවර්තනය වීමේ හැකියාව මෙම දිගු ගමනට බෙහෙවින් ඉවහල් වී ඇත. එමෙන්ම ඔවුන්ගේ නිර්භීත දැක්ම ද BPOහි පුරෝගාමි සමාගමක සිට ගෝලීය තාක්ෂණික බලවතෙකු දක්වා OREL IT පැමිණි විශිෂ්ට ගමනට කදිම සාක්ෂියක් වේ. AI, මෘදුකාංග විසඳුම්, දත්ත විද්‍යාව, සයිබර් ආරක්ෂාව, Cloud පරිගණකකරණය සහ දත්ත මධ්‍යස්ථාන සේවා ආදී වශයෙන් ඉහළ වර්ධන අංශ හයක් යටතේ සමාගම AI තාක්ෂණික ඩිජිටල් යුගයේදී ව්‍යාප්ත වී තිබේ. සමාගමේ උපායමාර්ගික හවුල්කාරිත්වයන්, ගෝලීය මට්ටමේ විශේෂඥතාව සහ සහයෝගීතාවයන් ඔස්සේ ගොඩනංවා තිබෙන සමෘද්ධිමත් ව්‍යාපාරික පරිසර පද්ධතිය මෙම සාර්ථකත්වය කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතූ වී තිබේ.
අනාගතයට මැනවින් ගැළපෙන තාක්ෂණික සූදානමක් සහ ගෝලීය දැක්මක් සතු OREL IT විසින් ව්‍යාපාර වේගයෙන් ව්‍යාප්ත කිරීමට, ආරක්ෂාව වැඩි දියුණු කිරීමට, සේවාවන් පිළිබඳ නැවත වරක් අවධානය යොමු කරමින් නැවත සිතා බැලීමට සහ සාමුහිකව ඩිජිටල් අනාගතය හැඩගස්වා ගැනීමට ව්‍යාපාර සවිබල ගන්වනු ඇත.
මනුෂ්‍යත්වය නවෝත්පාදනයේ හරය වේ.
OREL ITහි වඩාත් කැපී පෙනෙන කරුණ වන්නේ යහපත වෙනුවෙන් බලවේගයක් ලෙස තාක්ෂණය උපයෝගී කර ගැනීම සඳහා ඔවුන් දක්වන නොසැලෙන කැපවීමය. ආචාර්ය උපේන්ද්‍ර පීරිස් මහතා විසින් සමාගමේ නායකත්වය සහ නිශ්චිත අරමුණක් සහිතව නවෝත්පාදන කටයුතුවල නියැළීමේ වැදගත්කම අවධාරණය කරයි.
“මෙම සම්මානයන් අපට සුවිසල් ගෞරවයක්. එමඟින් තාක්‍ෂණය හරහා අර්ථාන්විත වෙනසක් සිදු කිරීම සඳහා අප සමාගමේ කැපවීම හොඳින් තහවුරු කරනවා. එමෙන්ම දූරදර්ශී සහ විශිෂ්ට කළමනාකරණ භාවිතයන් මත පදනම් වූ නායකත්වයක් පවත්වාගෙන යාම කෙරෙහි අප ලබාදෙන ප්‍රමුඛස්ථානය පිළිබඳව මනා නිදසුනක් මෙමඟින් සපයනවා. නවෝත්පාදනයේ සීමාවන් අතික්‍රමණය කිරීමට අඛණ්ඩව කටයුතු කරමින් වේගයෙන් ව්‍යාප්ත වන ඩිජිටල් ලෝකයේ දියුණුව සඳහා ව්‍යාපාර සහ ප්‍රජාවන් සවිබල ගැන්වීමට ද අපි කැපවී සිටිනවා.” යනුවෙන් OREL IT හි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය උපේන්ද්‍ර පීරිස් මහතා පැවසුවේය.
තිරසාර වර්ධනය සඳහා සැලැස්ම විශිෂ්ට කළමනාකරණ ප්‍රතිපත්තිය වේ.
OREL IT හි සාර්ථකත්වය සඳහා හේතු වන මූලිකම කරුණු වන්නේ එහි පාලන විශිෂ්ටත්වය, නවෝත්පාදනය පදනම් කර ගත් වර්ධනය සහ පරිමාණය කළ හැකි ශ්‍රම බලකායක් එකතු කරන කළමනාකරණ දර්ශනයයි. වේගයෙන් වෙනස් වන තාක්ෂණික පරිසරයක් තුළ කාර්යක්ෂමව කටයුතු කිරීමට මේ හරහා අවස්ථාව සැකසෙන අතර පරිවර්තනීය වර්ධනයක් කර්මාන්ත තුළ නිර්මාණය කරයි.
මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් ආචාර්ය උපේන්ද්‍ර පීරිස් මහතා මෙසේ ප්‍රකාශ කළේය. “නිර්මාණශීලීත්වය පමණක් වෙනසක් ඇති කිරීම කෙරෙහි ප්‍රමාණවත් නොවන බව අපි විශ්වාස කරනවා. පැහැදිලි උපාය මාර්ගයක් සහ නිවැරදි කළමනාකරණ ප්‍රතිපත්තියක් මීළඟ පරම්පරාවේ තාක්ෂණික හැකියාවන් විවර කිරීම සඳහා අවශ්‍ය වෙනවා. OREL IT ඔස්සේ මෙම ගුණාංග ද්විත්වයම උපයෝගී කරගනිමින්, නව්‍ය මෙන්ම බලපෑම් සහගත සහ තිරසාර විසඳුම් ඉදිරිපත් කිරීම අපි සහතික කරනවා.”
ව්‍යාපාරවල අනාගතය සවිබල ගැන්වීම
OREL IT සමාගම තොරතුරු තාක්ෂණ, මෘදුකාංග සහ BPO සේවා කාණ්ඩයේ ජයග්‍රාහකයා මෙන්ම කළමනාකරණ භාවිතයන්හි ඉහළම 20 අතර ශ්‍රේණිගත වූ කැපී පෙනෙන සමාගමක් ලෙස, වඩාත් වැදගත් ගෝලීය බලපෑමක් සිදුකිරීම සඳහා ඉවහල් වන වේදිකාව නිර්මාණය කරමින් සිටියි. තවද, ව්‍යාපාර උපාය මාර්ගයන්ගෙන් ඔබ්බට ගමන් කරමින් අනාගතයට ගැළපෙන නව්‍ය විසඳුම් සමඟ ව්‍යාපාර සවිබල ගැන්වීම කෙරෙහි සමාගම වැඩි අවධානයක් යොමු කර තිබේ. පරිවර්තනීය සහ සමාජීය වශයෙන් වගකීම්සහගත තාක්ෂණය සමඟ සංකීර්ණ ගෝලීය අවකාශයේ නිරත වීමට ව්‍යාපාර වෙත සිය උපරිම දායකත්වය පිරිනැමීම ඔවුන්ගේ මෙහෙවර වේ.