ශ්‍රී ලංකාව ආසියාවේ වඩාත් නිර්මාංශ රට බවට පත් කිරීමේ අරමුණින් වැඩසටහනක් ඇරඹේ

ශ්‍රී ලංකාව ආසියාවේ වඩාත් නිර්මාංශ රට බවට පත් කිරීමේ අරමුණින් වැඩසටහනක් ඇරඹේ

VegVoyages Foundation, Vegan Travel Asia, Animal Climate and Health Save Foundation India, The Save Movement සහ Thrive Philanthropy ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සමඟ එක්වෙමින් ශ්‍රී ලංකාව සඳහාම විශේෂයෙන් සැකසූ ශාක මත පදනම් වූ සූපශාස්ත්‍ර පාඨමාලා/වැඩමුළුවක් සංවිධානය කර ඇත. මෙම පාඨමාලා හා වැඩමුළුව සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයෙන්ම ක්‍රියාත්මක වේ. ආගන්තුක සත්කාර ක්‍ෂේත්‍රයේ වඩාත්ම නිර්මාංශ මිත්‍රශීලී රට බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ  අභිලාෂයන්හි ඉදිරි පියවරක් ලෙස මෙම වැඩමුළුව සැලසුම් කර ඇති අතර, “දේශගුණික හදිසි තත්ත්වය හේතුවෙන් තිරසාර භාවිතයන් සමඟ ශාක පදනම් වූ ආහාර පද්ධතියකට අවශ්‍ය ගෝලීය පරිවර්තනයක් ලබා දීම මෙහි මූලික අරමුණය. The (Bio) Diversity Project, Clean Ocean Force Lanka සහ EarthLanka Youth Network හි නියෝජිතයෙකු මෙම පරිවර්තනීය මුලපිරීම සඳහා සහය වීමට සහභාගී වනු ඇත.

මෙම වැඩසටහන සූපවේදීන්, ව්‍යාපාර හිමිකරුවන් සහ ශාක ආශ්‍රිත කර්මාන්ත ව්‍යාප්ත කිරීමට උනන්දුවක් දක්වන පුද්ගලයන් සඳහා මෙන්ම පාසල් සහ විශ්වවිද්‍යාල සඳහා විවෘත වේ. එසේම ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සඳහා වැඩමුළු ප්‍රවේශය නොමිලේ ලබාදීම ද සුවිශේෂී කරුණකි. මෙම වැඩසටහනට සහභාගී වන වෘත්තිකයන්ට නව ප්‍රවණතා පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට මෙන්ම ඔවුන්ගේ වෘත්තීය ජීවිතයට ප්‍රායෝගික කුසලතා හරහා ප්‍රතිලාභ රැසක් ලබාගැනීමට  කදිම අවස්ථාවක් වේ. තරඟකාරී කර්මාන්තයක් තුළ ඉදිරියෙන් සිටීම ඉතා වැදගත් වන අතර, මෙම වැඩමුළුව ඔස්සේ මූල්‍ය පිරිවැයකින් තොරව ඒ සඳහා ඉවහල් වන නවීන දැනුම, වෘත්තීය දියුණුව සහ  ශුන්‍ය පිරිවැය යන  ආගන්තුක සත්කාර අංශයේදී අත්‍යවශ්‍ය අංශ ගණනාවක් පිළිබඳ මනා දැනුමක් පිරිනමන බැවින් එය අද්විතීය අවස්ථාවක් වනු ඇත.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින්, Save Movement සහ Plant Based Treaty Campaign හී කලාපීය සම්බන්ධිකාරක (ආසියාව) සහ සත්ව දේශගුණික හා සෞඛ්‍ය සුරැකීමේ පදනමේ අධ්‍යක්ෂ, Aprarjita Ashish මෙනවිය මෙසේ පැවසීය.“දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේදී  තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීමට මෙම වැඩමුළුව ඉතා වැදගත් වනු ඇතැයි මම සිතනවා. එය වගකීම් සහිත පරිභෝජනය සහ නිෂ්පාදනය, දේශගුණික ක්‍රියාකාරකම් මෙන්ම යහපත් සෞඛ්‍ය සහ යහපැවැත්ම ඇතුළු තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) 17න් අටක් සමඟ සමපාත වෙනවා. මෙම අවස්ථාවට සහභාගීවන්නන් ද ශාක පදනම් කරගත් පිළිවෙත් අනුගමනය කිරීමට යොමුවීම ඔස්සේ වඩාත් තිරසාර  අනාගතයක් සඳහා ඔවුන්ගේ දායකත්වය ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. එමෙන්ම වර්ධනය වෙමින් පවතින සත්ව ආහාරවලින් තොර ආහාර නිෂ්පාදනයේ නව ප්‍රවණතාවයන්ට අනුගතවෙමින් වෙළෙඳපල වෙත පිවිසීම ඔස්සේ ඔවුන්ගේ කීර්ති නාමය මෙන්ම තරඟකාරී බවද ඉහළ යනවා.”

ගෝලීය වෙළෙඳපල තුළ  සෞඛ්‍යසම්පන්න ජීවන රටාව පිළිබඳව සීඝ්‍රයෙන් වර්ධනය වන නව ප්‍රවණතාවය හේතුවෙන් සූප ශාස්ත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන පිරිසට මෙන්ම වෘත්තිකයන්ට මෙම වැඩමුළුව තිරසාර භාවය සහ ආගන්තුක සත්කාර පිළිබඳව වැදගත් අවස්ථාවක් වන අතර මේ ඔස්සේ තිරසාර ලාභ සහ ව්‍යාපාර වර්ධනය සඳහා නව මංපෙත් විවර කරයි.  අති නවීන දැනුමෙන් සමන්විත  මෙම පාඨමාලාව සම්පූර්ණ කිරීම  තිරසාර භාවිතයන් පිළිබඳ ජාත්‍යන්තර අවබෝධයක් ලබාගැනීමට හා සමපාත වේ .

Vegan Travel Asia සහ VegVoyages පදනමේ සම-නිර්මාතෘ Zac Lovas මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “Vegan Travel Asia by VegVoyages, දේශගුණික විපර්යාස සහ එහි විනාශකාරී බලපෑම්වලට විසඳුම් සෙවීමේ හදිසි අවශ්‍යතාවය අපි හඳුනාගෙන තිබෙනවා . බටහිර රටවල්වල පමණක් නොව අපට ආගන්තුක අනෙකුත් රටවලද වනාන්තර විනාශය ,දූෂණය සහ ශ්‍රම සූරාකෑම ඇතුළු සංචාරක කටයුතු සහ සත්ව කෘෂිකර්මාන්තය හරහා ඇතිවන පාරිසරික පරිහානිය පිළිබඳව අප සියැසින් දුටු අතර මෙවැනි  තිරසාර සංචාරක පිළිවෙත් පිළිබඳ වැඩපිළිවෙළක්  දියත් කිරීම සඳහා අපව යොමුකළ හේතු සාධකය එයයි.

එසේම මෙම විවෘත මහජන වැඩමුළු මාලාව සැප්තැම්බර් 6 සහ 7 යන දිනයන්හිදී Ranbath Organic හිදී පෙරවරු 10.00 සිට 12.30 දක්වා පැවැත්වේ.

භූතානය සහ ඉන්දියාව යන දෙරටේම ශාක පදනම් කරගත් සත්කාරක පරිවර්තන වැඩමුළු ක්‍රියාත්මක කර ඇත. මෙම මුලපිරීම සඳහා භූතාන සංචාරක දෙපාර්තමේන්තුවේ සහ එහි දේශීය ආහාර යෙදුම් හවුල්කරුවන්ගේ ප්‍රශංසාවට හිමි වූ  දේශීය සහ විදේශීය සංචාරකයන් මේ පිළිබඳ දක්වන ලද  උනන්දුව හේතුවෙන් හෝටල් සහ ආපනශාලා 50කට අධික සංඛ්‍යාවක් මෙම ශාක පදනම් කරගත් ආගන්තුක සත්කාර වැඩපිළිවෙළට සම්බන්ධ විය. නිර්මාංශ ආහාර පිසීම පිළිබඳව දිගු ඉතිහාසයක් ශ්‍රී ලංකාවට තිබෙන අතර මෙම වැඩමුළු හරහා එය නැවත ප්‍රවර්ධනය කිරීම සඳහා හැකියාව ලැබේ.