Sirus Migration එළඹෙන ජුලි මසදී ශ්‍රී ලාංකිකයන්ට අයදුම් කළ හැකි ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සුවිශේෂී සංක්‍රමණ අවස්ථාවන් නිවේදනය කරයි

Off By Mic

Sirus Migration Education යනු ඔස්ට්‍රේලියාව කේන්ද්‍ර කරගත් ප්‍රමුඛ පෙළේ සංක්‍රමණ සහ උපදේශන ආයතනයක් වන අතර, එළඹෙන ජුලි මස ශ්‍රී ලංකාවේ සති දෙකක විශේෂ සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව ආයතනය විසින් නිවේදනය කර ඇත. මෙම වැඩසටහන, ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට සහ සිසුන්ට ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ලියාපදිංචි සංක්‍රමණ හා අධ්‍යාපන වෘත්තිකයන් ඍජුවම සම්බන්ධ වීමේ අවස්ථාව ලබා දෙන සුවිශේෂී වැඩසටහන් දෙකකින් සමන්විතය.

මෙම සුවිශේෂී වැඩසටහන් දෙකෙන් පළමුවැන්න, නවසීලන්ත ව්‍යවසායක සේවා වීසා (නවසීලන්ත ව්‍යාපාරික වීසා) උපදේශන දිනයක් ලෙස සැලසුම් කොට ඇති අතර, මෙමඟින් ශ්‍රී ලාංකික ව්‍යාපාර හිමියන්ට නවසීලන්තයේ ව්‍යවසායක සේවා වීසා අවස්ථාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට මනා අවස්ථාවක් හිමි වනු ඇත. ව්‍යාපාරික සංක්‍රමණ පිළිබඳ විශේෂඥවරියක මෙන්ම බලපත්‍රලාභී සංක්‍රමණ උපදේශකවරියක වන අශානි යාපා (202401434) විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලබන මෙම වැඩසටහන මඟින්, එක් එක් අයදුම්කරුවන්ගේ ඉලක්කවලට ගැළපෙන පරිදි, ඍජු හා වඩාත් විශ්වසනීය මඟ පෙන්වීමක් ලබා දෙනු ඇත.

මෙම වැඩසටහන ජුලි මස 4 සහ 5 යන දෙදින පුරා වෙන්නප්පුව Sirus Migration කාර්යාලයේ පැවැත්වෙන අතර, ජුලි 11 සහ 12 යන දෙදින නුගේගොඩ Sirus Migration කාර්යාලයේදී උපදේශන වැඩසටහන පැවැත්වීමට නියමිතය. සහභාගී වන පිරිසට උපදේශකවරුන් තනි තනිව මුණගැසී අවශ්‍ය උපදේශනය ලබා ගැනීමට මෙහිදී අවස්ථාව සලසා ඇති අතර, අවම ආයෝජන සීමාවක් සහ වසර දෙකක් තුළ ස්ථිර පදිංචිය සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ඇතුළු සමස්ත සංක්‍රමණ ක්‍රියාවලිය පිළිබඳ වඩාත් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට ද අවස්ථාව හිමි වනු ඇත.  මෙම වීසා බලපත්‍ර මඟින් මුළු පවුලටම සංක්‍රමණය වීමේ සහාය ලැබෙන අතර, දරුවන් සඳහා නොමිලේ රජයේ පාසැල්වල අධ්‍යාපන අවස්ථා ද හිමි වන බැවින් දියුණුව හඹා යන ලාංකික ව්‍යවසායකයන්ට මෙය ඉතා යෝග්‍ය සැලසුමක් වනු නොඅනුමානය.

මෙම උපදේශන වැඩසටහන, කුඩා හා මධ්‍ය පරිමාණ යන ව්‍යවසායකයන් දෙපිරිස සඳහාම විවෘත වූවකි. පහසුවෙන් වර්ධනය කළ හැකි සහ අවශ්‍ය පරිමාණයට සකස් කළ හැකි සාර්ථක ව්‍යාපාර සැලසුම් ලෝකයට රැ‌ගෙන යන්නට වෙර දරන ලාංකික ව්‍යවාසයකයන්ට මෙය ඉතා වටිනා අවස්ථාවක් වනු ඇත. තුන්වන පාර්ශවයක නියෝජිතයන් සම්බන්ධ නොවී, පැහැදිලි හා මනා විනිවිදභාවයකින් යුතුව නවසීලන්තයේ විශේෂඥ උපදේශකවරුන් වෙතින් සුදුසු උපදේශනයන් ලබා ගැනීමට ද අයදුම්කරුවන්ට මෙහිදී අවස්ථාව ලබා දී ඇත.

Sirus Migration Education විසින් සංවිධාන කරනු ලබන දෙවැනි වැඩසටහන Sirus Migration & Education Open Day නමින් විවෘත දිනයක් ලෙස පැවැත්වීමට සැලසුම් කොට ඇති අතර, මෙය ජුලි 12 නුගේගොඩ කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වෙනු ඇත. ලියාපදිංචි සංක්‍රමණ නියෝජිත ඉසුරු යාපා සහ ඔස්ට්‍රේලියානු ප්‍රධාන කාර්යාලයේ සාමාජිකයන් විසින් මෙහෙයවීමට නියමිතය. මෙම වැඩසටහන ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ අධ්‍යාපන හා සංක්‍රමණ අවස්ථාවන් පිළිබඳ උනන්දුවක් දක්වන සිසුන් හා කුසලතා ඇති පිරිස් ඉලක්ක කරනු ලැබූවකි.

සහභාගී වන පිරිසට නිවැරදි අධ්‍යාපන මාර්ග, සංක්‍රමණ ප්‍රතිපත්තිවල මෑත කාලීනව ඇති වූ වෙනස්කම්, ශිෂ්‍යත්ව හා අරමුදල් අවස්ථා හඳුනා ගැනීමට මෙන්ම, කුසලතා සහිත සංක්‍රමණික අවස්ථා සහ සංචාරක වීසා පිළිබඳව ද තොරතුරු හා මඟ‌ පෙන්වීම් ලැබෙනු ඇත. විදෙස් අධ්‍යාපනයට හෝ ආයෝජන අවස්ථාවන් සඳහා සූදානම් වන පිරිසට ප්‍රායෝගික සහය ලබා දෙන මෙම වැඩසටහන ඉතා ඵලදායී වනු නිසැකය.

සංක්‍රමණ හා අධ්‍යාපන අවස්ථා සඳහා විශ්වාසදායක මාර්ග සොයන ශ්‍රී ලාංකිකයන්ගේ වෙනස්වන අවශ්‍යතාවන් සපුරාලීම වෙනුවෙන් මෙම සුවිශේෂී වැඩසටහන් දෙකම සැලසුම් කොට ඇත. ක්ෂේත්‍රය තුළ වසර 20කට වැඩි කාලයක් පුරා සාර්ථකත්වය සලකුණු කළ Sirus Migration Education හි බලපත්‍රලාභී වෘත්තීය උපදේශකවරුන් මුහුණට මුහුණ පුද්ගලිකවම හමු වී තමන්ගේ අනාගත අභිලාෂන්ට ගැළපෙන වඩාත් යෝග්‍ය සංක්‍රමණ සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීමට සහභාගී වන පිරිසට අවස්ථාව සැලසීම මෙහි ඇති වඩාත් වැදගත්ම ප්‍රතිලාභයයි.

ඔබගේ උපදේශන අවස්ථාව වෙන් කරවා ගැනීමට හෝ වැඩිදුර විස්තර දැනගැනීමට +61 450 674 787 වට්සප් අංකය, [email protected]. ඊමේල් ලිපිනය හෝ www.sirusmigration.com.au වෙබ් අඩවියට පිවිසෙන්න.

උපුටා ගැනීම: අද දෙරණ