Rank Container Terminals හි කාර්යක්ෂමතාවය වර්ධනයට DIMO වෙතින් Kalmar Reach Stacker
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, මෙරට ලොජිස්ටික් අංශයේ ප්රමුඛයෙකු වන Rank Container Terminals (RCT) වෙත Kalmar Reach Stacker රථයක් ලබා දී ඇත. RCT හි ඔරුගොඩවත්ත මධ්‍යස්ථානයේදී නිල වශයෙන් මෙම Reach Stacker රථය භාරදුන් අතර ඒ සදහා RCT හි නිලධාරීන්, රේගු නිලධාරීන් සහ DIMO නියෝජිතයන් රැසක් සහභාගි වී සිටියහ.
නැව්ගත බහාලුම් මෙහෙයවීමට, ප්‍රවාහනය කිරීමට සහ ගොඩගැසීම සඳහාම නිර්මාණය කර ඇති බහුකාර්ය මෙන්ම කාර්යක්ෂම විසඳුමක් ලෙස Kalmar Reach Stacker හැඳින්විය හැකිය. මෙහි තිබෙන නම්‍යශීලී ස්වභාවය, කාර්යක්ෂමතාවය සහ පහසුවෙන් කෙටි දුරක් රැගෙන යාමට ඇති හැකියාව සම්බන්ධයෙන් මෙය වඩාත් ප්‍රචලිත අතර එය RCT හි මෙහෙයුම් විධිමත් කරමින් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම කෙරෙහි බෙහෙවින් වැදගත් වේ.
මේ පිළිබඳ අදහස් දක්වමින්, RCT හි සභාපති රවී විජේරත්න මහතා මෙසේ සඳහන් කළේය. “නවීන තාක්ෂණයෙන් නිමවුණු Kalmar Reach Stacker සතු උසස් මෙහෙයවීම් හැකියාව, බහාලුම් විධිමත්ව ගොඩගැසීමේ හැකියාව සහ කඩිනම් ප්‍රවාහන හැකියාව සමඟින් අපගේ වැඩ කටයුතු පහසු කරන බව අපට විශ්වාසයි. මෙම රථයේ ඉහළ කාර්ය සාධනය සහ දිගුකල් පැවැත්ම සහතික කර ඇති අතර DRU450 යනු වැය කරන මුදලට උපරිම වටිනාකමක් ලබා දෙන හොඳම Reach Stacker රථය ලෙස හැඳින්විය හැකියි. බහාලුම් හැසිරවීමේ උපකරණවල කාර්යක්ෂමතාවය, විශ්වසනීය බව සහ උසස් තාක්ෂණය සම්බන්ධයෙන් DIMO සතු පළපුරුද්ද මෙම Kalmar Reach Stacker රථය DIMO වෙතින්ම තෝරා ගැනීම කෙරෙහි හේතු වූ ප්‍රධාන සාධකයක් වුණා. Kalmar හි දේශීය නියෝජිතයා ලෙස DIMO විශේෂඥ සහායක් මෙන්ම ඉක්මන් සේවාවක් පිරිනමන අතර ඔවුන් ඉහළ මෙහෙයුම් ප්රමිතීන් පවත්වා ගැනීම සඳහා නිරන්තරයෙන් කැපවී සිටිනවා. එබැවින් Kalmar Reach Stacker යනු නිසැකවම අපගේ කාර්යක්ෂමතාව උසස් තලයකට රැගෙන යාම සඳහා සුදුසුම තේරීමක්.”
DIMO හි විධායක අධ්යක්ෂ චමින්ද රණවන මහතා මේ පිළිබඳ සිය අදහස් එකතු කළේ මෙසේය. “ශ්‍රී ලංකාවේ භෞතික පිහිටීම සමඟ බහාලුම් හැසිරවීම සඳහා වූ ඉල්ලුම දිනෙන් දින ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව DIMO සහ Kalmar සිය සහයෝගීතාවය ඔස්සේ මෙරට ලොජිස්ටික් ක්ෂේත්රය සම්බන්ධ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට සූදානම්ව සිටිනවා. DIMO හි අලෙවියෙන් පසු අසමසම සේවාව මෙන්ම Kalmar සතු උසස් ගණයේ උපකරණ, වරායන්හි ඵලදායිතාව සහ තිරසාරභාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා ඉවහල් වනු ඇත. කලාපයේ ලොජිස්ටික් කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැංවීමේ අරමුණට අවශ්‍ය නව්‍ය විසඳුම් ලබාදීමට අපි කැපවී සිටිනවා.”
Kalmar Reach Stacker හි සවිමත් බව සහ බලසම්පන්න එන්ජිම එහි උසස් මෙහෙයවීම් හැකියාවන් සහ කාර්යක්ෂමතාවය සහතික කරයි. එහි ඇති නිවැරැදි චලනයන් බහාලුම් විධිමත්ව ගොඩගැසීමට අවකාශය සකසයි. තවද, මෙහි අන්තර්ගත කාර්යක්ෂම සැකැස්ම මඟින් පටු අවකාශයන්හි පහසුවෙන් ගමන් කිරීමට මෙන්ම බහාලුම් ඉක්මනින් ප්‍රවාහනය කිරීමට ද අවස්ථාව සලස්වයි. එසේම මෙය එකිනෙකට වෙනස් බහාලුම් එසවුම් ධාරිතා හතරකින් යුක්ත වන අතර, බහාලුම් හැසිරවීමේ මෙහෙයුම්වල කාර්යක්ෂමතාවය සහතික කරගනිමින් ක්‍රියාකරුවන්ට සිය දෛනික මෙහෙයුම් සඳහා සුදුසු මාදිලියක් තෝරා ගත හැකිය. මෙම ප්රතිලාභ සහ යන්ත්‍රයේ අක්‍රීය කාලය අවම කිරීමට මෙන්ම සමස්ත ඵලදායිතාවය වැඩිදියුණු කිරීමට ඇති හැකියාව නිසා බාධාවකින් තොරව මෙහෙයුම් කටයුතු කරගෙනයාමට RCT වෙත හැකියාව ලැබෙනු ඇත.
නඩත්තු කටයුතු, හදිසි අලුත්වැඩියාව සහ නියම අමතර කොටස් සැපයීම ඇතුළු සේවා රැසක් සපයමින් මෙරට Kalmar උපකරණ සඳහා අලෙවියෙන් පසු පුළුල් සේවාවක් පිරිනැමීමට DIMO කැපවී සිටියි. DIMO සතු මනා පුහුණුවක් සහිත ප්‍රවීණ තාක්ෂණික ශිල්පීන් සහ දෝෂ නිරීක්ෂණය සඳහා තිබෙන අති නවීන මෙවලම් මඟින් නිරවද්‍ය මෙන්ම උසස් සේවයක් පිරිනමනු ඇත.