DIMO Engine Care නවීන, පාරිභෝගික-කේන්ද්‍රීය සේවා මධ්‍යස්ථානයක් ලෙස නව පියවරක් තබයි
DIMO හි දිගුකාලීන සහ තාක්ෂණික වශයෙන් විශේෂිත වූ මෙහෙයුම් ඒකකයක් වන Engine Care අංශය, සුවිශේෂී පරිවර්තනයක් හරහා නව අදියරකට පිවිසී ඇත. පසුගිය කාලය පුරාවට engine overhaul කිරීම සහ machining සේවාවන්හි විශ්වාසනීය නාමයක් ලෙස පවත්වාගෙන ආ මෙම අංශය, දැන් නවීන, පාරිභෝගික අවශ්‍යතා මූලික කරගත් ඉංජිනේරු පහසුකමක් ලෙස වර්ධනය වී තිබේ. මෙම පරිවර්තනයත් සමඟ, DIMO Engine Care වඩාත් වේගවත්, පහසු සහ සම්පූර්ණ සේවා අත්දැකීමක් ලබාදීමට හැකිවන ආකාරයට නැවත සැලසුම් කර පුළුල් කර ඇත. නවීන තාක්ෂණික හැකියාවන් සහ පාරිභෝගික පහසුකම් එකට ඒකාබද්ධ කරන මෙම පහසුකම, සේවා ප්රමිතීන් නව මට්ටමකට ඉහළ නැංවීමේ අරමුණින් සංවර්ධනය කර ඇත.
මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින්, DIMO හි Automotive Engineering Solutions හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් කරුණාරත්න මහතා මෙසේ සඳහන් කළේය. “පාරිභෝගික අපේක්ෂාවන්ට අනුකූලව අඛණ්ඩව වර්ධනය වීම DIMO අපගේ ප්රමුඛ කැපවීමක්. උසස් යන්ත්‍රෝපකරණ සඳහා ආයෝජනය කිරීමෙන්, අපගේ හැකියාවන් සහ වැඩ පරිසරය වැඩිදියුණු කිරීමෙන් අපගේ පාරිභෝගිකයින්ට හොඳම නිෂ්පාදන පමණක් නොව වේගවත් හා විශ්වාසනීය සේවා අත්දැකීමක් ලබා දීම අප විසින් සහතික කරනවා.”
නවීකරණය කරන ලද මෙම පහසුකම තුළ එන්ජින් අලුත්වැඩියා කිරීමේ හා නැවත ගොඩනැගීමේ සේවාවන් පුළුල් පරාසයකින් ලබාදෙන අතර, advanced diagnostic පහසුකම් සමඟ එන්ජින් වඩාත් නිවැරදිව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට හැකියාව සපයයි.
මෙම ක්ෂේත්රය තුළ, පාරිභෝගිකයින් සිය අවශ්‍යතාවයන් උදෙසා තාක්ෂණික දක්ෂතාව, නිවැරදි කාර්ය සාධනය සහ ගුණාත්මකභාවයෙන් යුත් සේවාවක් බලාපොරොත්තු වන අතර DIMO Engine Care මෙම අපේක්ෂාවන්ට පිළිතුරු ලෙස පැහැදිලි මිල ප්‍රතිපත්තියක්, නියමිත කාලසීමාවන් තුළ සේවා සැපයීම සහ සම්පූර්ණ end-to-end විසඳුම් මඟින් විශ්වාසය ගොඩනඟාගෙන ඇත.
ඉදිරියටත් DIMO සමාගම ඉහළ නිරවද්‍යතාවයෙන් යුත් යුරෝපීය යන්ත්‍රෝපකරණ සඳහා ආයෝජනයන් සිදුකිරීමට නියමිත අතර එමඟින්, කොටස් නිශ්චිතව යන්ත්‍රගත කිරීමට හැකි වන අතර එන්ජිමේ දීර්ඝ ආයු කාලය සහ කාර්ය සාධනය වැඩි දියුණු කරන අතරම දෝෂ සහ හැරවුම් කාලය අඩු කරයි. මෙම පහසුකම, පුහුණුව ලැබූ උසස් කාර්ය මණ්ඩලයකින් සම්පූර්ණ වී ඇත. NVQ Level 4 සහ ඉහළ සුදුසුකම් සහිත, නිරන්තර පුහුණුව ලබන කාර්මික ශිල්පීන් කණ්ඩායමක් මඟින් machining සිට final testing දක්වා සියලුම ක්‍රියාවලීන් උසස් ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූලව සිදු කරයි.
මෙම Engine Care පහසුකම පුළුල් කිරීමට, වැඩිවන ඉල්ලුමට පිළිතුරු සැපයීම, උසස් යන්ත්‍රෝපකරණ සඳහා ඉඩකඩ සැලසීම සහ වැඩ වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම වැනි කරුණු හේතු වී තිබේ. මෙම නව වැඩ පරිසරය හරහා ක්‍රියාවලියන් වඩාත් ක්‍රමවත් වී, බාධාවන් අවම කරමින්, ආරක්ෂා තත්වය ඉහළ නැංවීමත් සමඟ හැරවුම් කාලය ද වේගවත් කර ඇත. මෙම සියලු සංවර්ධන හරහා පාරිභෝගිකයින්ට ඉක්මන් සේවාවක්, සම්මත ගුණාත්මකභාවයක් සහ වඩාත් වෘත්තීයමය සේවා අත්දැකීමක් ලබාදීමට හැකි වේ.
DIMO Engine Care, ISO සහතිකය සහ AERA (American Engine Rebuilders Association) ලියාපදිංචිය යටතේ ක්‍රියාත්මක වන අතර, ජාත්‍යන්තර ප්රමිතීන් හා හොඳම ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සේවා සැපයීම තහවුරු කරයි. එසේම පළමු පරීක්ෂණයේ සිට අවසාන තත්ත්ව පරීක්ෂණ දක්වා, සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ වූ සැකැස්ම මඟින් සුමට මෙහෙයුම් සහ විශ්වාසනීය ප්‍රථිපල ලබා ගත හැකිය. මෙම පරිවර්තනයත් සමඟ, DIMO Engine Care නවීන, පාරිභෝගික-කේන්ද්‍රීය ඉංජිනේරු සේවා සපයන්නෙකු ලෙස තවදුරටත් ශක්තිමත් වෙමින්, උසස් එන්ජින් කාර්ය සාධනය සමඟම විශ්වාසනීය හා කාර්යක්ෂම සේවා අත්දැකීමක් ලබාදීමට කැපවී සිටියි.