DIMO සිය නව්‍ය ගොඩනැගිලි සේවා විසඳුම් සමඟ Cinnamon Life හි යටිතල පහසුකම් සවිබල ගන්වයි

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු විශිෂ්ටත්වයේ ප්‍රමුඛයා වන DIMO, සිය හවුල්කරු වන Siemens සමඟ එක්ව මෙරට ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life සඳහා අති නවීන ගොඩනැගිලි සේවා විසඳුම් රැසක් පිරිනමන ලදී. මෙම ව්‍යාපෘතිය සුඛෝපභෝගී හෝටලයක්, නිවාස, සහ වෙළෙඳ සංකීර්ණ ආදී පහසුකම් රැසකින් සමන්විත වන අතර DIMO හි අති නවීන මෙන්ම අනාගතයට ගැළපෙන ගොඩනැගිලි යටිතල පහසුකම් සඳහා වූ තාක්‍ෂණයෙන් එය සවිබල ගැන්වේ.
ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීම සඳහා, DIMO විසින් විශ්වසනීයත්වය සහ නිරවද්‍යතාවය සඳහා ගෝලීය වශයෙන් පිළිගැනීමක් ලද Siemens Sinteso Fire Detection and Alarm System මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් යොදවා ඇත. මෙම පද්ධතිය ASAtechnology™ විශේෂාංගයෙන් යුත් අතර එහි බහු-සංවේදක උපාංග මඟින් ව්‍යාජ-අනතුරු ඇඟවීම්වලින් තොරව නිවැරදිව අනතුරු හඳුනාගැනීමේ ඉහළ හැකියාවක් ලබාදෙයි.
FK-5-1-12 clean agent තාක්ෂණය සහිත Siemens Sinorix 5112 Fire Suppression System මඟින් වේගවත් මෙන්ම පරිසර හිතකාමී ගිනි නිවීමේ විසඳුම් මෙහිදී සපයා දී ඇත. එමඟින් දේපල සහ දත්තයන්ට ඇතිවිය හැකි අවදානම අවම කරමින් තීරණාත්මක මෙහෙයුම් කලාප සුරක්ෂිත කරයි.
ව්‍යාපෘතියේ HVAC, ආලෝකකරණය, ගින්නෙන් ආරක්ෂාව, බලශක්ති පද්ධති, සෝපාන සහ ජල සැපයුම් පාලනය ආදිය Siemens හි Building Management System (BMS) හරහා ස්වයංක්‍රීය කරයි. එමඟින් බලශක්ති කාර්යක්ෂමතාව, සුවපහසුව සමග මෙහෙයුම් විශිෂ්ටත්වයක් අත්පත් කරගැනීමට Cinnamon Life ව්‍යාපෘතියට හැකියාව ලැබේ.
Cinnamon Life ව්‍යාපෘතිය සඳහා ගොඩනැගිලි සේවා විසඳුම් ලබාදීමේ දී DIMO හි ප්‍රධාන හවුල්කරු ලෙස කටයුතු කළ ගෝලීය තාක්‍ෂණයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Siemens, ව්‍යාපෘතියේ සැලසුම් අවධියේ සිට ක්‍රියාත්මක කිරීම දක්වා සිය දායකත්වය ලබා දෙනු ලැබීය. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙම සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා DIMO වෙත මනා මග පෙන්වීමක් මෙන්ම දැනුමක් ද Siemens විසින් ලබාදෙන ලදී.
මෙහි තවත් එක් පියවරක් ලෙස DIMO විසින් ඉහළ කාර්යසාධනයක් සහිත ආලෝකකරණ විසදුම් සැපයීම ද සිදු කරන ලදී. මෙම ස්මාර්ට් විසඳුම ඔස්සේ ආලෝකය ස්වයංක්‍රියව පාලනය වේ. ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව මෙහි ලොබී, කොරිඩෝ සහ පොදු ස්ථානයන් ආලෝකමත් කර ඇති අතර, එමඟින් බලශක්ති පරිභෝජනය සහ මෙහෙයුම් පිරිවැය අවම කරමින් මනා අත්දැකීමක් එම ස්ථානය වෙත පැමිණෙන සියලුම දෙනා වෙත පිරිනමයි.
මෙහි උසස් Access Control System මඟින් RFID cards, biometrics, PIN pads සහ vehicle recognition භාවිත කරමින් ආරක්ෂිත සහ පහසු පිවිසුම් හැකියාවක් ද මේ තුලින් ලබාදෙයි. Fire alarms, CCTV සහ BMS platforms සමඟ මෙම පද්ධතිය සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ වී තිබේ. එමඟින් නිවාස, වාණිජ කලාප සහ සේවා ස්ථාන වල ආරක්ෂාව වැඩි දියුණු කරයි.
Dome, bullet, PTZ, thermal සහ ANPR කැමරා තුලින් මෙහි ඇති CCTV Surveillance System හරහා දින 07 පැය 24 පුරාම මනා ආවරණයක් ලබාදෙයි.
මෙහි Public Address System මඟින් දෛනික යාවත්කාලීන කිරීම්වල සිට හදිසි ඉවත් කිරීම් දක්වා සන්නිවේදනය සහතික කරයි. අභ්‍යන්තර සහ බාහිර අවකාශයන් හරහා වේගවත්, පැහැදිලි පණිවිඩ හුවමාරු කර ගැනීමට හැකිවන ලෙස මෙම සන්නිවේදන පද්ධති පිහිටුවා ඇත.
මේ පිළිබඳ අදහස් දක්වමින් DIMO හි විධායක අධ්‍යක්ෂ විජිත් පුෂ්පවෙල මහතා මෙසේ ප්‍රකාශ කළේය. “Cinnamon Life ව්‍යාපෘතියට මෙම විසදුම් ලබාදීම සඳහා සුදුසු සැපයුම්කරුවකු ලෙස DIMO තෝරාපත් කර ගැනීම කෙරෙහි, පුළුල් සහ ඒකාබද්ධ ගොඩනැගිලි සේවා විසඳුම් පිරිනැමීම සඳහා DIMO සමාගම දක්වා ඇති ප්‍රවීණත්වය මහත් සේ ඉවහල් වුණා.”
DIMO අනාගතය සඳහා ගැළපෙන, ආරක්ෂිත සහ තිරසාර ගොඩනැගිලි යටිතල පහසුකම් සඳහා නව්‍ය විසඳුම් සපයමින් Cinnamon Life ව්‍යාපෘතිය සඳහා සිය දායකයත්වය ලබා දී ඇති අතර එමඟින් DIMO සතු ඉංජිනේරු හැකියාවන් මානව පැහැදිලි වේ.