කොළඹ Marina Square හි LV power distribution පද්ධතිය සැලසුම් කිරීම සහ සැපයීම DIMO ආයතනයට පැවරේ

Off By Mic

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, කොළඹ පිහිටි Marina Square සුඛෝපභෝගී මහල් නිවාස සහ සාප්පු සංකීර්ණ ව්‍යාපෘතිය සඳහා Low Voltage (LV) Power Distribution පද්ධතියක් සැලසුම් කිරීමටත් සහ සැපයීමටත් අවස්ථාව උදා කරගනු ලැබීය.

DIMO විසින් සපයනු ලබන මෙම  අති නවීන LV power distribution පද්ධතිය මඟින් ව්‍යාපෘතියේ සමස්ත ආරක්ෂාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරන අතරම, Marina Square හි සුවිශේෂී අවශතාවයන්  සඳහා එය නිර්මාණය කර ඇත. SIEMENS හි Type-Tested (Design-Verified) SIVACON LV Switchboards, Sub/Floor Distribution Boards සහ DIMO Lumin සන්නාමය යටතේ නිෂ්පාදනය කරන ලද නව්‍ය Apartment DB ඒකක මෙම පද්ධතිය තුළ අන්තර්ගත වේ.

SIEMENS සමඟ පවතින බලපත්‍රලාභී හවුල්කාරිත්වයක් යටතේ වැලිවේරියේ පිහිටි DIMO නිෂ්පාදනාගාරයේ  දී මෙම LV Switchboards දේශීයව නිෂ්පාදනය කරන අතර IEC 61439-1 සහ 2 ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදිත මෙම පැනල් මඟින් ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මකභාවයක් සහ ආරක්ෂාවක් සහතික කරයි. උසස් කාර්ය සාධනයක්, නම්‍යශීලී බවක් සහ අසමසම ආරක්ෂාවක් ලබා දෙන මෙම SIVACON LV Switchboards ලොව විශිෂ්ටතම “Arc-Free” Switchboards වලින් එකක් වන අතර මෙහි Double-Front PCC, පේටන්ට් බලපත්‍රලාභී hole-less තාක්ෂණයෙන් සහ උසස් වාතාශ්‍ර පද්ධතිවලින් සමන්විත වේ. එසේම ඒවා 7,000A සහ 150kA දක්වා ශ්‍රේණිගත කර ඇති අතර සංකීර්ණ මෙන්ම ඉහළ ධාරිතාවයකින් යුත් විදුලි බෙදාහැරීමේ පරිසරයන් සඳහා වඩාත් සුදුසු වේ.

මෙම ව්‍යාපෘතිය යටතේ මහල් නිවාස 1,088ම  DIMO Lumin Apartment DB වලින් සමන්විත බැවින් සංකීර්ණ කේබල් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති අතර සම්බන්ධ කිරීම අවම කාලයක් තුළ කාර්යක්ෂමව සිදු කළ හැක. දුෂ්කර තත්වයන්ට ඔරොත්තු දීම  සමඟ ඩිජිටල් ඒකාබද්ධ කිරීම්  සඳහා සහාය වීමට Apartment DBs ගොඩනගා ඇති අතර මෙමඟින් අනාගතයට සුදුසු ආකාරයේ නේවාසික යටිතල පහසුකම් පිරිනමයි. තවද වැලිවේරිය DIMO  කර්මාන්තශාලාවේ  මෙම  DIMO Lumin Apartment DB නිෂ්පාදනය කරනු  ලබයි.

මේ පිළිබඳව අදහස් දක්වමින්  DIMO හි විධායක අධ්‍යක්ෂ මෙන්ම  එහි බලශක්ති ඉංජිනේරු අංශයේ ප්‍රධානී විජිත් පුෂ්පවෙල මහතා මෙසේ සඳහන් කළේය. “මෙම Marina Square ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වූයේ සැපයුම්කරුවෙකුගෙන් ඔබ්බට ගිය  විශ්වසනීය, නව්‍ය සහ සේවා විශිෂ්ටත්වය පිළිබඳ සහතික ලත් හවුල්කරුවෙකුගේ සහයයි. අපි SIEMENS වැනි ගෝලීය සන්නාම සමඟ ගොඩනගා ගත් ශක්තිමත් හවුල්කාරිත්වය හා බලශක්ති විසඳුම් පිළිබඳ අප සතු විශේෂඥතාව  Marina Square හි මෙම  LV  පද්ධතිය ස්ථාපනය  සඳහා DIMO තෝරාගැනීමට ඉවහල් වුණා. DIMO හි  ඉංජිනේරු හැකියාවන් සහ  දේශීය නිෂ්පාදන විශිෂ්ටත්වය පිළිබඳ කදිම සාක්ෂියක් මෙම ව්‍යාපෘතිය මඟින් සපයනවා.”

Access Engineering PLC සහ China Harbour Engineering Company (CHEC) යන ප්‍රමුඛයන් විසින් සංවර්ධනය කරන ලද කොළඹ Marina Square, මහල් 36කින් යුත් කුළුණු පහකින් සමන්විත වේ. එක් නිදන කාමරයක සිට නිදන කාමර 4ක් දක්වා ඇති මහල් නිවාස පහසුකම් මෙහි ස්ථාපිත කර තිබෙන අතර ඇතැම් මහල් නිවාස පෞද්ගලික උද්‍යානවලින් ද සමන්විත වේ. Infinity pool, clubhouse, gym, සෞඛ්‍ය මධ්‍යස්ථාන ඇතුළු පහසුකම් රාශියකින් සමන්විත සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ කළ වාණිජ පරිශ්‍රයක් ලෙස නිර්මාණය කර ඇති Marina Square, ස්වභාවික ආලෝකකරණය සහ නැවුම් වාතාශ්‍රය සහිත සුවිශේෂී අත්දැකීමක් පිරිනමයි.