හාවස්ටර් රබර් ට්‍රැක් සඳහා ලංකාවේ එකම වගකීමේ සහතිකය DIMO වෙතින් ගෙනෙන LOVOL හාවස්ටර් සඳහා පමණයි
මෙවර යල කන්නයට නිවසටම ගොස් ලබාදෙන අලෙවියෙන් පසු සේවා සමඟ LOVOL හාවස්ටර් පංච මහා නිධානය ද හඳුන්වා දෙයි

හාවස්ටරයක ඇති රබර් ට්‍රැක් සඳහා ශ්‍රී ලංකාව තුළ ලබාදෙන පළමු සහ එකම වගකීම් සහතිකය DIMO Agribusinesses සිය LOVOL හාවස්ටර් හරහා පිරිනමයි. LOVOL හාවස්ටර්වල ඇති රබර් ට්‍රැක්වල ආයු කාලය පිළිබද විශ්වාසය තවත් සවිමත් කරමින් වැඩ පැය 500ක් දක්වා වගකීම් කාලයක් DIMO සමාගමේ කෘෂි අංශය වන DIMO Agribusinesses ලබාදෙනවාත් සමඟ මෙවර යල කන්නයේ දී LOVOL පාරිභෝගිකයන් සඳහා ගෙයින් ගෙයට ගොස් ලබාදෙන LOVOL සේවා සත්කාරය සහ DIMO බට්ටා ලොරි රථ දිනා ගැනීමට අවස්ථාව සලසමින් LOVOL හාවස්ටර් පංච මහා නිධානය යල කන්නය ඉලක්ක කරගනිමින් දියත් කරන ලදී.
සාමාන්‍යයෙන් ඕනෑම හාවස්ටරයක ඇති රබර් ට්‍රැක් යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වයත් සමඟම ඉක්මනින් ක්ෂය වන නිසා අනෙකුත් සියලු සමාගම් ඒ සඳහා වගකීමේ කාලයක් ලබා දෙනු නොලැබේ . මේ සඳහා විසඳුමක් ලෙස DIMO සමාගම සිය LOVOL හාවස්ටර් සඳහා යොදාගන්නා රබර් ට්‍රැක් සඳහා ආයු කාලය වැඩි කර මුල් වැඩ පැය 300 සඳහා සම්පුර්ණ වගකීම් සහතිකයක් ද, වැඩ පැය 300 සිට 500 දක්වා යන්ත්‍රයේ ක්‍රියාකාරි කාලයට සමානුපාතික වන ලෙස වගකිම් සහතිකයක් ද ලබාදීමට කටයුතු කර ඇත. මෙයට අමතරව DIMO සිය LOVOL හාවස්ටර් යන්ත්‍ර සඳහා අසමසම වසර දෙකක වගකිමක් ද පිරිනමයි.
තවද මෙවර යල කන්නයට සූදානම් වන LOVOL හාවස්ටර් හිමිකරුවන්ගේ නිවෙස්වලටම ගොස් හාවස්ටරය නොමිලේ පරීක්ෂා කර ඔවුන්ට අවශ්‍ය සියලුම අමතර කොටස්, තාක්ෂණික දැනුම, සහ අලුත්වැඩියා සේවා ලබාදෙමින් DIMO ආයතනය LOVOL සේවා සත්කාරය දියත් කරන ලදී. LOVOL සේවා සත්කාරය තුළින් නොමිලේ සිය LOVOL හාවස්ටරය පරීක්ෂා කර ගැනීම සඳහා හිමිකරුවන් විසින් දිනයක් සහ වේලාවක් DIMO සේවා කණ්ඩායම අමතා සිය ප්‍රදේශයන්ට අදාළ සේවා දින වකවානු තුළ වෙන්කර ගන්නා ලදී. මෙහිදී නොමිලේ පරික්ෂාවට අමතරව නිතර අත්‍යවශ්‍ය වන අමතර කොටස් ද DIMO සේවා කණ්ඩායම හිමිකරුවන්ගේ නිවෙස්වලට ගෙන එමින් නඩත්තු සේවාව එම මොහොතේම සම්පුර්ණ කිරීම නිසා හාවස්ටර් හිමිකරුවන්ගේ මුදල් සහ කාලය ඉතුරු කරගැනීමේ හැකියාව ද ඔවුන්ට ලැබිණි. ඒ වගේම මේ සේවා සත්කාරය තුළදී ලබාදෙන ලද සේවා උපදෙස් සහ තාක්ෂණික දැනුම කන්නය තුළ බාධාවකින් තොරව සිය වගාකටයුතු කිරීම සඳහා ඔවුන්ට ප්‍රයෝජනවත් වී ඇත .
2025 මැයි මස සිට ජුනි මස දක්වා මාස දෙකක් පුරාවට ක්‍රියාත්මක වූ මෙම LOVOL සේවා සත්කාරය DIMO හි පළපුරුදු කාර්මික ශිල්පීන් විසින් දකුණු, මධ්‍යම, උතුරු මැද, උතුරු සහ වයඹ යන පළාත් ආවරණය කරමින් අති සාර්ථක අන්දමින් නිමා කරනු ලැබීය.
LOVOL පාරිභෝගිකයින් සඳහා මෙතෙක් කෘෂි යන්ත්‍රෝපකරණ අංශය තුළ දිනුම් ඇදීමක් හරහා ලබාදෙන වටිනාම ත්‍යාගය වූ DIMO බට්ටා ලොරි රථ 5 ක් දිනාගැනීමේ අවස්ථාව සලසමින් LOVOL හාවස්ටර් පංච මහා නිධානය මෙවර යල කන්නයේදී සමාගම විසින් හඳුන්වා දෙන ලදී. මෙහිදී 2025 මැයි මස 01 වනදා සිට ජූලි මස 31 දක්වා LOVOL හාවස්ටර් යන්ත්‍රයක් මිලදී ගන්නා හිමිකරුවන් අතරින් දිනුම් ඇදීමෙන් තෝරාගන්නා ලද ජයාග්‍රහකයින් පස්දෙනෙක්ට අලුත්ම DIMO බට්ටා ලොරි රථ පහක් දිනාගැනීමට අවස්ථාව හිමි වේ. මිලදී ගන්නා සෑම නවතම LOVOL RG108 Plus හාවස්ටර් යන්ත්‍රයක්ම කුසපත් ඇදීම සඳහා සුදුසුකම් ලබන අතර අගෝස්තු මාසයේදී දිනුම් ඇදීම සිදුකරනු ලබයි.
රබර් ට්‍රැක් සඳහා වගකීමක්, දොරෙන් දොරට සේවා පහසුකම් සහ පංච මහා නිධානය යන වැඩසටහන් DIMO සමාගම හඳුන්වාදෙන ලද්දේ මෙරට කෘෂි යාන්ත්‍රීකරණය කඩිනම් කිරීමටත් එමඟින් කෘෂිකර්මාන්තයේ ඵලදායිතාවය වැඩි කිරීම සඳහා ය. එසේම ගොවි ජනතාවට විශ්වාසදායක අලෙවියෙන් පසු සේවාවන් ලබාදෙමින් ඔවුන්ගේ කාර්යක්ෂමතාවය සහ ජීවන තත්ත්වය නංවාලීම අනෙක් අරමුණු බව DIMO හි විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා පැවසීය.
මෙවැනි සුවිශේෂී අරමුණු සහ විසඳුම් තුළින් DIMO සමාගම කෘෂිකර්මාන්තයේ දියුණුව සඳහා දක්වන කැපවීමත් ගොවි ජනතාවගේ සිහින සහ අභිලාෂයන් බලගැන්වීමට දක්වන කැපවීමත් මනාව පැහැදිලි වේ .