ලංකා හොස්පිට්ල්ස් විසින් නව ප්‍රජා කේන්ද්‍රීය සත්කාර සේවාවන් ද්විත්වයක් ලංකාලයිෆ්ලයින් – LankaLifeLine සහ ලංකාකෙයාර් LankaCare හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය යළි ප්‍රතිනිර්මාණය සඳහා සන්ධිස්ථානීය පියවරක් තබමින්, ලංකා හොස්පිට්ල්ස් විසින් 2025 ජූලි මස 02 වැනි දින මහත් හරසරින් යුතුව පැවැත්වූ උත්සවයකදී එහි සුවිශේෂී කැපවීමක් පෙන්වන අවදානම් තත්ත්වයන් සඳහා ප්‍රතිකාර සේවාව වන ලංකාලයිෆ්ලයින් (LankaLifeLine)සහ එහි පුළුල් පරාසයක විහිදුණු නිවාස ආශ්‍රිත සත්කාර සේවාව වන ලංකාකෙයාර් (LankaCare)නිල වශයෙන් දියත් කරන ලදී.
මෙම උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය ගරු රුවන් රණසිංහ යන මහත්වරුන්ගේ ගෞරවනීය සහභාගීත්වය යටතේ පැවැත්විණි. මෙම අවස්ථාවට තරුණ්‍යයේ ආකර්ෂණය එකතු කරමින් මිස් ශ්‍රී ලංකා 2025 කිරුළ හිමිකර ගත් අනුදි ගුණසේකර මෙනෙවිය සහ මිස්ටර් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගත් මේඝ සූරියආරච්චි මහතා සහභාගී වූහ. ඔවුන් දෙදෙනාම රෝහල විසින් දියත් කළ සත්කාර සේවාවන්හි ජනතා කේන්ද්‍රීය ප්‍රවේශය අගය කළහ. මෙම උත්සවයට විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන්, ප්‍රමුඛ වෛද්‍ය වෘත්තිකයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් ඇතුළු සම්භාවනීය හා ගෞරවනීය ආරාධිතයන් පිරිසක් සහභාගී වූ අතර, එය මෙම මුලපිරීමේ ජාතික වැදගත්කම සහ පොදුවේ සියලු අංශ කෙරෙහි ඉන් ඇතිකළ බලපෑම පිළිබිඹු කරනු ලැබීය.
මෙම දියත් කිරීම ලංකා හොස්පිට්ල්ස් හි සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරන ලද්දේ, එය සෞඛ්‍ය සේවාවේ සාම්ප්‍රදායික සීමාවන් ඉක්මවා යන, රෝගී ජනතාව වෙතම වඩාත් යහපත් අභිප්‍රායන් පෙරදැරිව ගමන් කරන නිසාවෙනි.
එහිදී, ඔවුන්ගේ නවතම අවදානම් තත්ත්වයන් සඳහා ප්‍රතිකාර සේවාව වන ලංකාලයිෆ්ලයින්, අවදානම් තත්ත්වයන් සඳහා ගොදුරු වූ රෝගීන්, අනතුරක් හෝ ස්වාභාවික විපතක් වැනි භයානක සිදුවීමක් සඳහා පැය 24 පුරා සහ අඛණ්ඩ ප්‍රතිචාර දැක්වීමේ පද්ධතියක් ලෙස ක්‍රියාත්මක කර ඇත. ඒ තුළින් ක්ෂණික සම්බන්ධීකරණය, ගිලන් රථ සූදානම් කිරීම, වේගවත් රෝහල් අතර මාරුවීම් සහ බහුවිධ අවදානම් තත්ත්වයන් සඳහා විශේෂඥ වෛද්‍ය වෘත්තිකයන් සඳහා ප්‍රවේශය ඒකාබද්ධ කිරීමෙන් සියල්ල තනි අඛණ්ඩ ක්‍රියාවලියක් ලෙස සත්කාර ක්ෂේත්‍රයෙහි තීරණාත්මක හිදැසක් සම්පූර්ණ කර ඇත. නමුත් මෙම සේවාව යටිතල පහසුකම් අභිභවා ගිය සේවාවක් බව පැවසිය යුතුය. එය සහකම්පනය කැටිකර ගත්, ප්‍රජා අවබෝධය සහ විවිධ සංස්කෘතීන් අතර ක්‍රියා කිරීමේ හැකියාවෙන් පරිණත වූ සේවාවකි. එහිදී, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන් සන්නිවේදනය කළ හැකි පුහුණු අවදානම් තත්ත්වයන් සඳහා ප්‍රතිචාර දක්වන්නන්ගේ සේවය සමග ලංකාලයිෆ්ලයින්, කම්පනයට ගොදුරු වූවන් වෙත දක්වන ආරම්භක ප්‍රතිචාරය හෙවත් බොහෝ විට වඩාත්ම තීරණාත්මක අවධියල වේගවත් ක්ෂණික ප්‍රතිචාරයකින් නොනැවතීල වඩාත් සංවේදී, මානුෂීය සහ රෝගීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල කනස්සල්ලට ගැඹුරින් අනුගත වන සේවාවක් සහතික කර ඇත.
ශ්‍රී ලංකාවේ අධික ලෙස පීඩාවට පත් ප්‍රජා අවදානම් තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ඒකක වෙත පවතින දැඩි පීඩනය ලිහිල් කරමින්, ලංකාලයිෆ්ලයින් ජාතික සෞඛ්‍ය සේවාවේ බර බෙදාහදා ගැනීමට ලංකා හොස්පිට්ල්ස් දක්වන කැපවීම පෙන්නුම් කර ඇත.
මේ අතර, අනෙකුත් හඳුන්වාදීම වන ලංකාකෙයාර්, නිවසේදී පමණක් නොවල බොහෝ දුර බැහැර සිටින තම ආදරණීයයන් වෙත පවා වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම වඩාත් පහසු කර කර තිබේ. ඒ අනුවල ඔවුන් දේශීයව හෝ විදේශයන්හි පදිංචිව සිටියත් ශ්‍රී ලංකාවේ වෙසෙන තම ආදරණීයයන් සඳහා අඛණ්ඩ හා වෘත්තීයමය සෞඛ්‍ය සේවාවක් සහතික කිරීමට කැමති පවුල් සඳහා ලංකාකෙයාර් නිර්මාණය කර ඇත්තේ, රෝගියෙකුගේ නිවසට කැඳවන ඕනෑම තැනකට රෝහල් ශ්‍රේණියේ සහායක් ලබාදීම තහවුරු කරමිනි. ශල්‍යකර්මයකින් පසු රෝගී කළමනාකරණය සහ නිදන්ගත රෝග කළමනාකරණයේ සිට වැඩිහිටි සත්කාර සහ සහන සහාය දක්වා වූ මෙම සේවාව මගින්, පුද්ගල සායනික සත්කාර, දුරස්ථ අධීක්ෂණය සහ පවුල ඇතුළත් සම්බන්ධීකරණය යන සියලු ක්ෂේත්‍රවල බාධාවකින් තොර සම්මිශ්‍රණයක් ලෙස පහසුකම් සලසා ඇත. එහිදී, සෙසු සේවාවන්ගෙන් ලංකාකෙයාර් වෙන්කර හඳුනා ගැනීමට හැකිවන්නේ, එය රැකවරණය ලබාදෙන ස්ථානයකින් ඔබ්බට, විවිධ සංස්කෘතීන් අතර වූ සංවේදීතාව සහ සහයෝගීතාවයෙන් යුතු සුවිශේෂී සේවාවක් ලෙසිනි.
විශේෂඥ හෙද සේවය, භෞත චිකිත්සාව, ඖෂධ කළමනාකරණය සහ දුරකථන හරහා සිදුවන දුරස්ථ උපදේශන ලබාදෙන අතරම, විනිවිදභාවයෙන්, රෝගියාගේ ආරක්ෂාව යළි සහතික කරමින් පවුලේ සාමාජිකයන් සමග සමීපව කටයුතු කරනු ලැබේ. මෙම නවතම දියත් කිරීමේ කැපී පෙනෙන සිදුවීමක් වූයේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට 1,000 වන ලංකාකෙයාර් සාමාජික කාඩ්පත උත්සවාකාරයෙන් භාරදීමත් සමගිනි.
මෙම දියත් කිරීමේ උත්සවයේදී, ලංකා හොස්පිට්ල්ස් සමූහයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ චාමින්ද කුමාරසිරි මහතා, මෙම මුලපිරීම් දෙක පිටුපස ඇති සුවිශේෂී ක්‍රියාවලිය මෙසේ විස්තර කළේය.
“ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකදීම උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් ලබාගත හැකි බව තහවුරු කිරීමට අපි කැපවී සිටිනවා. එහිදී, සෑම පුද්ගලයෙකුටම උපරිම ගෞරවයෙන් හා සැලකිලිමත්භාවයකින් සත්කාර ලැබීමට අයිතියක් ඇති බව ලංකා හොස්පිට්ල්ස් හි අපි විශ්වාස කරන අතරම, අප සේවය ලබා ගන්නා සියලු ජනතාවගේ ජීවිතවල වෙනසක් කිරීමට සහකම්පනයෙන් යුතුව සංවේදීව කටයුතු කිරීමටද වගබලා ගන්නවා. ලංකාලයිෆ්ලයින් සහ ලංකාකෙයාර් සමග, අපි එම පොරොන්දුව රෝහල් ගොඩනැගිලිවලින් ඔබ්බට විහිදුවමින්, රට පුරා ප්‍රජාවන් සහ නිවාස වෙත විශේෂඥ සත්කාර සේවාවන් ලබාදීමට කැපවීමෙන් ක්‍රියා කරනවා.”
මෙම ද්විත්ව දියත් කිරීම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ ලංකා හොස්පිට්ල්ස් හි සිය භූමිකාව පුළුල් වෙනසක ආරම්භයක් පමණක් යැයිද කුමාරසිරි මහතා තවදුරටත් පැවසීය. ලංකාලයිෆ්ලයින් සහ ලංකාකෙයාර් යන සේවාවන් දෙකෙහිම අනාගත ව්‍යාප්තිය සැලසුම් කර ඇති බැවින්, කොළඹ ආශ්‍රිතව පමණක් නොව දිවයින පුරා සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවන් ගොඩනැගීම සඳහා ඒකාබද්ධල ප්‍රජා -නැඹුරු සෞඛ්‍ය සේවා විසඳුම් සඳහා තවදුරටත් ආයෝජනය කිරීමට ලංකා හොස්පිට්ල්ස් සමූහය සූදානමින් සිටී.
Lanka Hospitals LankaCare & Lanka LifeLine PR – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා
- උපුටා ගැනීම : අද දෙරණ