ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනවල ප්‍රමුඛ සමාගමක් වන, ස්වදේශී කර්මාන්තායතනය විසින් ආලෝකමත් කරන ලදී.
2025 ජුනි මස 26 වන දින සිට ජුලි 10 දක්වා පැවැත්වෙන මෙම ආලෝක පූජාව “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” යන තේමාව යටතේ පැවැත්වේ. ස්වදේශී විසින් මෙම ආලෝක පූජාවන්ට සහයෝගය දක්වන්නේ 24වන වරටයි.
ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය මෙම ආලෝක පූජා වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ශ්‍රී ලාංකික සමාගමක් ලෙස ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප්‍රදායික උරුමය ආරක්ෂා කරමින් මෙවැනි වාර්ෂික ආලෝක පූජාවන්ට සහයෝගය දැක්වීම අප සතු යුතුකමක් බව සඳහන් කළාය. ස්වදේශී විසින් මෙරට ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීම සියලු වන්දනාකරුවන්ට ප්‍රයෝජනවත් වන අතර, ශ්‍රී ලාංකික උරුමයන් සුරැකීමේ වැදගත්කම පිළිබඳව මතු පරපුරට දැනුම් ප්‍රදානය කිරීමටද සහාය වන බව ඇය තවදුරටත් සඳහන් කළාය. ආලෝක පූජාවෙන් පසුව ශ්‍රී ලාංකික සම්ප්‍රදායයන් සහ ඉතිහාසය පිළිබිඹු කරන වර්ණවත් සංස්කෘතික පෙරහැරක් ද පැවැත්වීණි.
“ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරයට” සමගාමීව පෙරහැරට සහභාගී වූ, කතරගම කිරිවෙහෙර රජමහ විහාරයේ දහම් පාසල් තූර්ය වාදන කණ්ඩායම සඳහා ස්වදේශී කොහොඹ පෞද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන පරිත්‍යාගයක් ස්වදේශී කර්මාන්තායතනය විසින් සිදු කරන ලදී.
බුදුරජාණන් වහන්සේගේ තුන්වන ලංකාගමනයේ දී ධර්ම දේශනය සඳහා කතරගම කිහිරි උයනට වැඩම කිරීම සිහිපත් කරමින් මහානාග රජු විසින් කිරි වෙහෙර තැන වූ බව මහාවංශයේ දැක්වේ. ශ්‍රී ලංකාව ආරක්ෂා කර ගැනීම පිණිස තැබූ භාරයක් ඉටු කිරීමක් ලෙසින් දුටු ගැමුණු රජු විසින් කතරගම දේවාලය ඉදි කරන ලදී. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව විවිධ ජන වර්ගවලට අයත් විවිධ ජාතීන් හා ආගම්වල ජනයා විසින් කතරගම දෙවියන් වන්දනාමාන කරනු ලබයි.
2013 වර්ෂයේදී ඓතිහාසික දඹදෙණි රජමහා විහාරස්ථානයේ අතීත ශ්‍රී විභූතිය යළි ගෙන එමින් දළදා වහන්සේ තැන්පත් කර ඇති ශ්‍රී දළදා මාලිගාව සහ පෞරාණික බිතු සිතුවම් ප්‍රතිසංස්කරණය කරන ලද්දේ කඳාන ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය විසිනි. අමරි විජයවර්ධන මැතිණිය, ක්‍රි. ව. 1927 දී කැලණිය රජ මහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ මී මිණිබිරියයි.
දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහා දේවාලය, අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලය, මහනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලය, සබරගමු මහා සමන් දේවාලය, රිදීගම රිදී විහාරය, ලංකාතිලක රජමහ විහාරය, දැරණියගල සමන් දේවාලය, අම්මඩුව කුඩා කතරගම දේවාලය, සංඛපාලි රජමහ විහාරය, කොළඹගම රජමහ විහාරය, දඹදෙණිය රජමහ විහාරය, අත්තනගල්ල රජ මහා විහාරය, සහ කෑරගල රජමහ විහාරය යන ආගමික සිද්ධස්ථානයන් හී වාර්ෂික ආලෝක පූජාවන් වෙත ස්වදේශී කොහොඹ සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙයි.
100%ක් දේශීය ව්‍යාපාරයක් ලෙස ස්වදේශී කර්මාන්තායතනය, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් සමාජය ගොඩ නැංවීමේ සත්කාර වැඩසටහන් වෙත සිය අඛණ්ඩ අවධානය යොමු කර ඇත. ස්වදේශී කොහොඹ සන්නාමය සොබාදහමේ ආරක්ෂාව සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම උදෙසා තිරසර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැප වී සිටියි. සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් තුළින් ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය ඔස්සේ දිවයින පුරා විහාරස්ථානවල වාර්ෂික ආලෝකකරණයට දායක වෙමින් “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”, කොහොඹ රුක් රෝපණ ව්‍යාපෘතිය “ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය” ,වියළි කලාපයේ පාසල් සහ විහාරස්ථාන සඳහා ජල ටැංකි පරිත්‍යාග කිරීම “ස්වදේශී කොහොඹ ගමට සත්කාරය”, ළදරු රැකවරණය පිළිබඳ මවුවරුන් දැනුවත් කරන “ස්වදේශී කොහොඹ ළදරු මාතෘ සත්කාරය” ලෙස ප්‍රජා සත්කාර වැඩසටහන් ශ්‍රී ලංකාව පුරා සිදු කිරීමට ස්වදේශී කර්මාන්තායතනය කටයුතු කරයි.
“ශ්‍රී ලංකාවේ පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අපි අපගේ සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍ය වල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීමට කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්‍රී ලංකීය ශාකසාර පමණක් භාවිතා කරන අතර, සෑම අමු ද්‍රව්‍යයක්ම පුළුල්ව පරීක්ෂණයන්ට ලක් කිරීමෙන් අනතුරුව නිෂ්පාදන සඳහා භාවිත කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100%ක් ශාකසාර අමු ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. ස්වදේශී කොහොඹ , රාණි සඳුන් , ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය නිර්මාංශ සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළයි.” මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතයන් මෙන්ම පාරිභෝගිකයන් සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් වෙත යොමු කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. ස්වදේශී කර්මාන්තායතනය සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්‍යයමත්බව හා පාරිසරික බලපෑම සලකා ඇති අතර, එයට ප්‍රමුඛත්වය ලබා දෙමින් අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි.
ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපල ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය 1941 වසරේ ආරම්භ කරන ලද අතර ISO 9001 – 2015 සහතිකය ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මගින් වෙළඳපලට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර ස්වදේශී කොහොඹ, රාණි සදුන්, ස්වදේශී කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ් ප්ල්ස්, ලක් බාර්, බ්ලැක් ඊගල් පර්ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ක්‍රීම් නිෂ්පාදන පෙළ ඇතුලත් වේ. එසේම ස්වදේශී විසින් ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සන්නාමය, ස්වදේශී කොහොඹ සහ රුව දිදුලන රාණි සදුන් නිෂ්පාදනය හා අලෙවිය සිදු කරයි.
සියලුම ස්වදේශී නිෂ්පාදන ශ්‍රී ලංකා සෞඛ්‍යය අමාත්‍යාංශයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ ලියාපදිංචි කර ඇති අතර ස්වදේශී නිෂ්පාදනවල භාවිතා වන සියලුම සුවඳ විලවුන් ගෝලීයව පිළිගත්, ජාත්‍යන්තර සුවඳ විලවුන් සංගමය (IFRA) විසින් සහතික කර ඇති අතර ISO 9001 – 2015 ප්‍රමිතීන් යටතේ නිෂ්පාදනය කෙරේ.