ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය (PRISL) විසින් ගෝලීය කර්මාන්ත සහ කාර්මික නවෝත්පාදනය සවිබල ගැන්වීම වෙනුවෙන් සුවිශේෂී අවස්ථා ද්විත්වයක් සැලසුම් කරයි

මේ වසරේදී මෙරට කාර්මික ක්ෂේත්‍රය තුළ පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට ඉවහල් වන සුවිශේෂී සන්ධිස්ථාන ද්විත්වයක් පිළිබඳ ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය (PRISL) විසින් පසුගියදා නිවේදනය කරන ලදී . ඒ අනුව PRISL සම්මාන උළෙල සහ COMPLAST-RUBEXPO-COMXPO 2025 ප්‍රදර්ශනය පැවැත්වීම සඳහා සියලුම කටයුතු මේ වන විට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් සහ රබර් කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහළම පිළිගැනීමක් සහිත උත්සව අවස්ථාවක් වන 2025 PRISL සම්මාන උළෙල 2025 නොවැම්බර් 25 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මෙම ඉහළ පෙළේ සම්මාන රාත්‍රියේදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ අපනයනකරුවන්ගේ සිට අධ්‍යයන ආයතන සහ වෘත්තිකයන් දක්වා විවිධ පාර්ශ්වකරුවන් විසින් දක්වන ලද සුවිශේෂී දායකත්වයන් සහ නවෝත්පාදනයන් අගයනු ලැබේ. ස්වාධීන සහ විශ්වසනීය විනිශ්චය මණ්ඩලයක් මෙහි සියලුම විනිශ්චය කටයුතු සිදු කරන අතර මනා විනිවිදභාවයක් සහ ජාතික වටිනාකම් සහතික කරමින් ඉහළ පෙළේ ආයතන විසින් අනුමත කරනු ලැබේ. මෙම සම්මාන උළෙල ඔස්සේ අතීත ජයග්‍රාහණ සඳහා ගෞරව කිරීම පමණක් නොව ශ්‍රී ලංකාවේ කාර්මික හා නිෂ්පාදන අංශවල අනාගතය සඳහා ද නව මිණුම් සලකුණු සකසයි. වසර 05ක විරාමයකින් පසු 2024 සඳහා PRISL සම්මාන උළෙලේ පූර්ව දැනුවත් කිරීම (පෙර සංස්කරණය) නවෝත්පාදන, තිරසාරභාවය සහ කාර්මික විශිෂ්ටත්වය ඉස්මතු කරමින් පසුගිය ජනවාරි මාසයේදී පැවැත්විණි.මෑත කාලීන ඉතිහාසය දක්වා පොලිමර් පාදක කරගත් කර්මාන්ත සඳහා ශ්‍රී ලංකාවේ එකම අධ්‍යාපන සහ පුහුණු සැපයුම්කරු ලෙස PRISL දශක 06කට අධික කාලයක් පොලිමර් තාක්‍ෂණය , ප්ලාස්ටික් සහ රබර් කර්මාන්ත සංවර්ධනය පිළිබඳ ජාතික අධිකාරිය වශයෙන් ඉහළ සේවයක් ඉටු කර තිබේ. වර්තමානයේ බිලියන ගණනක විදේශ ආදායමක් උපයන මෙම කර්මාන්තය කෙරෙහි PRISL සුවිසල් දායකත්වයක් පිරිනමා ඇත.
මෙහිදී විවිධ කාණ්ඩ යටතේ සම්මාන රැසක් ප්‍රදානය කිරීමට අපේක්ෂා කෙරේ. එ අනුව ‘පොලිමර් තාක්ෂණ අධ්‍යයන අංශයේ විශිෂ්ටත්වය’, ‘වසරේ විශිෂ්ටතම නව නිපැයුම'(රන්, රිදී, ලෝකඩ සම්මාන ), ‘තිරසාරභාවය පිළිබඳ සම්මානය – පාරිසරික වගකීම (රන්, රිදී, ලෝකඩ සම්මාන), ‘මහා පරිමාණ ව්‍යාපාර අංශයේ වඩාත්ම කැපී පෙනෙන ව්‍යවසායකත්වය’ (රන්, රිදී, ලෝකඩ) ,කුඩා හ මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ වඩාත්ම කැපී පෙනෙන ව්‍යවසායකත්වය’ ආදී සම්මාන රැසක් මේ යටතේ පිරිනමයි. එමෙන්ම ප්ලාස්ටික්, රබර් සහ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ සම්මාන (සම්මාන 9), ප්ලාස්ටික් සහ රබර් අංශයේ වසරේ හොඳම සේවා සපයන්නා , වසරේ ශ්‍රී ලාංකික සන්නාමය (කුඩා හා මධ්‍ය පරිමාණ අංශය); වසරේ වෘත්තිකයා (ක්‍රියාකරුගේ සිට ප්‍රධාන විධායක නිලධාරියා දක්වා සියලුම මට්ටම් නියෝජනය කරමින්); වසරේ ව්‍යවසායකයා; සහ වසරේ කැපී පෙනෙන අපනයනකරු (රන්, රිදී, ලෝකඩ) ආදී සම්මාන ද මෙහිදී ප්‍රදානය කෙරේ.
මෙම සම්මාන පිළිබඳව අදහස් දක්වමින් PRISL සභාපති චමින්ද විද්‍යාරත්න මහතා මෙසේ සඳහන් කළේය. “මෙම ක්ෂේත්‍රයේ ප්‍රගතිය අගය කිරීම සඳහා PRISL 2025 සම්මාන උළෙල කදිම වේදිකාවක්. නවෝත්පාදනය, තිරසාරභාවය සහ වෘත්තීය විශිෂ්ටත්වය හඳුනා ගනිමින්, නිර්භීත ලෙස සිතීමට, සදාචාරාත්මකව ක්‍රියා කිරීමට සහ ගෝලීය වශයෙන් තරඟ කිරීමට මේ හරහා අපි ශ්‍රී ලංකාවේ කාර්මික ප්‍රජාවට දිරිගැන්වීමට බලාපොරොත්තු වෙනවා.අපේ රට තරඟකාරිත්වය සහ වර්ධනය පිළිබඳ නව යුගයක් වෙත ගමන් කරන විට අවශ්‍ය වන පරිවර්තනය සහ විශිෂ්ටත්වය මෙම සම්මාන මගින් අපි සමරනවා.”

ප්ලාස්ටික් සහ රබර් සඳහා වන ශ්‍රී ලංකාවේ විශාලතම කාර්මික වෙළඳ ප්‍රදර්ශනය වන COMPLAST-RUBEXPO-COMXPO 2025 ප්‍රදර්ශනයේ 8 වන වරටත් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී 2025 අගෝස්තු 29 සිට 31 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.මෙම ප්‍රදර්ශන ත්‍රිත්වයේ සජීවී අත්දැකීම සමඟ නිෂ්පාදන එළිදැක්වීම , අධ්‍යාපනික සංසද සහ B2B ජාලකරණය ඇතුළත් වේ.එමෙන්ම මේ ඔස්සේ ගෝලීය ප්‍රදර්ශකයන් දේශීය ගැනුම්කරුවන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සේවා සපයන්නන්, සිසුන් සහ ආයෝජකයන් ඒකරාශී කෙරේ.
මෙම සුවිශේෂී අවස්ථාවන් ද්විත්වය සමඟ කර්මාන්ත 300කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් කලාපීය සහ ගෝලීය කර්මාන්ත නායකන් 500කට අධික සංඛ්‍යාවක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික්, රබර්, ඇසුරුම් සහ නිෂ්පාදන වටිනාකම් දාමයන් හරහා විශිෂ්ටත්වය පෝෂණය කිරීම, තිරසාරභාවය දිරිමත් කිරීම සහ ආර්ථික වර්ධනය දිරිගැන්වීම මෙම අවස්ථා ද්විත්වයේ ප්‍රධාන අරමුණයි.
ප්ලාස්ටික් සහ රබර් සැකසුම් යන්ත්‍රෝපකරණ, ස්වයංක්‍රීයකරණය සහ සුහුරු නිෂ්පාදනය, ඇසුරුම්කරණ නව නිපැයුම්, තිරසාර ද්‍රව්‍ය සහ ප්‍රතිචක්‍රීකරණ තාක්ෂණ, ඉංජිනේරු විසඳුම් සහ හරිත බලශක්තිය, FMCG, ඇඟලුම්, ප්‍රවාහන, කෘෂිකර්මාන්තය සහ ඉදිකිරීම් ආදි ක්ෂේත්‍ර ගණනාවක නව නිපැයුම්වල දියුණුව පිළිබඳ පූර්ණ අත්දැකීමක් මෙම ප්‍රදර්ශනයනය මඟින් ලබා ගත හැකිය. දින තුනක් පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශන අත්දැකීම විඳගැනීම සඳහා කර්මාන්තකරුවන්, අපනයනකරුවන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, එම විෂයන් හා සම්බන්ධ කථිකාචාර්යවරුන්, සිසුන් මෙන්ම වෘත්තිකයන් ඇතුළුව බොහෝ පිරිසක් පැමිණෙනු ඇතැයි PRISL අපේක්ෂා කරයි. මේ පිළිබඳ ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන සහ මෙම ක්ෂේත්‍රයේ සබඳතාවන් වර්ධනය කරගැනීමට උනන්දුවක් දක්වන පිරිසට මෙන්ම තම ව්‍යාපාර කලාපීය සහ ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙන ව්‍යවසායන්ට මෙය කදිම තෝතැන්නක් වනු ඇත.
PRISL හි අධ්‍යක්ෂ ජනරාල් චමින්ද පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් සිය අදහස් මෙසේ එකතු කළේය. “COMPLAST-RUBEXPO-COMXPO 2025 යනු අවස්ථාව, තාක්ෂණය සහ ජනතාව එකට එක් කරන ස්ථානයයි. ඔබ වෙළෙඳපලට ප්‍රවේශ වීමට අපේක්ෂා කරන කුඩා හෝ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙකු වුවද, නවෝත්පාදනයන් සොයන නිෂ්පාදකයෙකු වුවද නැතහොත් මෙම වෘත්තීන් පිළිබඳ අධ්‍යයනය කරන ශිෂ්‍යයෙකු වුවද මෙම ප්‍රදර්ශනට ඔබට ඒ සඳහා කදිම පිටිවහලක් වෙනවා.අන්තර්ජාතික වේදිකාව තුළ ශ්‍රී ලංකාව බැබළවිය හැකි මෙම පුළුල්, අනාගත කාර්මික වේදිකාව සවිබල ගැන්වීමට හැකියාව ලැබීම ගැන PRISL ලෙස අපි නිහතමානීව සතුටු වෙනවා. ”
නිෂ්පාදකයන්, සැපයුම්කරුවන් සහ සේවා සපයන්නන්, අපනයනකරුවන් සහ ආනයනකරුවන්, ව්‍යවසායකයන් සහ ආයෝජකයන්, වෙළෙඳ වෘත්තිකයන් සහ කර්මාන්ත සංසදයන්, පොලිමර් විද්‍යාව පිළිබඳ විද්වතුන්, පර්යේෂකයන් සහ සිසුන්, රාජ්‍ය ආයතන සහ නියාමන අධිකාරීන්, මාධ්‍ය ආයතන සහ මාධ්‍ය සංවිධාන, මහජනතාව සහ මේ පිළිබඳ උනන්දුවක් දක්වන පාරිභෝගිකයන් ඇතුළු විවිධ පාර්ශවයන් රැසක් ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන් ද්විත්වය PRISL විසින් දියත් කරනු ලැබේ. මෙම වැඩසටහන් ඔස්සේ රාජ්‍ය සහ පෞද්ගලික සහයෝගීතාවය, ESG මූලධර්ම සහ කාර්මික පරිවර්තනය පිළිබඳ තරුණයන්ගේ කාර්යභාරය පිළිබිඹු කරයි. වෘත්තීය පිළිබඳ තොරතුරු, අධ්‍යාපන අවස්ථා ප්‍රදර්ශනය කිරීම මෙන්ම සම්මාන ද මේ වැඩසටහන් තුළ අන්තර්ගත කර ඇත.
ජාතික වශයෙන් ඉහළ පිළිගැනීමක් සහ වසර 65ක උරුමයක් සහිත PRISL, ශ්‍රී ලංකාවේ පොලිමර් සහ කාර්මික සංවර්ධනයට මඟ පෙන්වන බලයලත් ආයතනය ලෙස අඛණ්ඩව කටයුතු කරයි. පසුගිය වසරවලදී පැවත්වුණු COMPLAST සහ RUBEXPO හිදී අන්තර්ජාතික ප්‍රදර්ශකයන්ගේ පිළිගැනීම ලබා ඇති අතර වාණිජ වශයෙන් ධනාත්මක ප්‍රතිඵල ලබා දෙමින් කර්මාන්ත සහ ශාස්ත්‍රීය සම්බන්ධතා සවිමත් කර ඇත. උත්කර්ෂවත් PRISL සම්මාන උළෙල සහ සුවිසල් ප්‍රදර්ශන තුනක් ඒකාබද්ධ කරන 2025 නව වැඩසටහන් මාලාව ඔස්සේ නව නිපැයුම් පිළිබඳ ඉහළ ඇගයීමක් පිරිනැමෙන අතර කර්මාන්තයේ විවිධ පාර්ශවකරුවන් සඳහා විශේෂ සන්ධිස්ථානයක් වනු ඇත.
මේ සඳහා සියලුම පාර්ශවකරුවන්ට ලියාපදිංචි වීමට මෙන්ම අනුග්‍රහය දැක්වීමට, ප්‍රදර්ශනය කිරීමට සහ සහභාගී වීමට PRISL ගෞරවයෙන් ඇරයුම් කරයි. දේශීය මෙන්ම ජාත්‍යන්තර පාර්ශවකරුවන්ට ද මෙම ප්‍රදර්ශනය විවෘත අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සංස්ථා, ආයතන සහ අනුග්‍රාහකයන් සඳහා විශේෂයෙන්ම සැකසූ පැකේජ පිරිනමයි. ගෝලීය පොලිමර් අවකාශය තුළ තම අනන්‍යතාවය සනිටුහන් කිරීමට අපේක්ෂා කරන සමාගම්වලට මෙම උත්සව දෙක සඳහා ප්ලැටිනම්, රන්, රිදී සහ ලෝකඩ අනුග්‍රාහකත්වයක් ලබා ගනිමින් සිය සන්නාම සඳහා වැඩි ප්‍රචාරණයක් හිමි කර ගැනීනට අවස්ථාව ලබා ගත හැකිය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.prisrilanka.com වෙබ් අඩවිය ඔස්සේ හෝ @prisrilanka (Facebook | LinkedIn | Instagram)සමාජ මාධ්‍ය වේදිකාවන් ඔස්සේ හෝ [email protected] විද්‍යුත් තැපෑල ඔස්සේ ලබා ගත හැකිය.