ශ්‍රී ලංකා ජාතික රෝහල ‘Medicare 2025’ ජාත්‍යන්තර සෞඛ්‍යප්‍රදර්ශනය සමඟ එක්වෙයි

ශ්‍රී ලංකා ජාතික රෝහල ‘Medicare 2025’ ජාත්‍යන්තර සෞඛ්‍යප්‍රදර්ශනය සමඟ එක්වෙයි

Off By Mic

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ජාතික රෝහල ‘මෙහෙවර අභිමන්’ ආයතනික සමාජ වගකීම් (CSR) වැඩසටහනේ උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස Medicare 2025 සමඟ අත්වැල් බැඳගෙන තිබේ. වසර ගණනක සිට පැවත එන මෙම සහයෝගීතාවය, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවන්හි ගුණත්වය ඉහළ නැංවීමත් සැමට දයානුකම්පිත සේවාවක් සැපයීමත් අරමුණු කරයි. ශ්‍රී ලංකා ජාතික රෝහල, සුවසේවා ප්‍රදර්ශනය ආරම්භයේ සිට මේ දක්වා ලබාදුන් සහයෝගයට කෘතගුණ සැලකීමක් ලෙස Medicare 2025 ආයතනික සමාජ වගකීම් වැඩසටහනෙහි සුවිශේෂී ස්ථානයක් ජාතික රෝහල වෙනුවෙන් ලබාදීමට Medicare 2025 කටයුතු කර තිබේ.

14 වෙනි වරටත් පවත්වන Medicare 2025 ප්‍රදර්ශනය 2025 පෙබරවාරි 28 සිට මාර්තු 2 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ක්ෂේත්‍රයේ විශේෂඥයන්/ප්‍රවීණයන් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සහ ආයතන රැසක් සහභාගී වීමට නියමිතයි. එමඟින් නූතන වෛද්‍ය තාක්‍ෂණය සහ දියුණු සෞඛ්‍ය සේවාවන් එකම ස්ථානයකදී අත්විඳීමට සැමට අවස්ථාව හිමිවේ. Asia Wellness Forum සහ Aitken Spence Conventions & Exhibitions සමඟ එක්ව සංවිධානය කර ඇති අතර මෙවර ප්‍රදර්ශනයේ තේමාව ” නිරෝගීමත් ශ්‍රී ලංකාවක් උදෙසා ” යන්නයි.

රටේ සෞඛ්‍ය සේවා සැපයීමේ ප්‍රමුඛයා ලෙස ශ්‍රී ලංකා ජාතික රෝහල, විවධ අභියෝග මධ්‍යයේ වුවද පුද්ගලයින් දහස් ගණනකට දෛනිකව සත්කාර සිදුකරනු ලබයි. ජාතික රෝහල සෞඛ්‍ය සේවා සැපයීමේදී ලබා ඇති විශිෂ්ට ජයග්‍රහණ දැකබලා ගැනීමට මෙන්ම රටේ සෞඛ්‍යය තත්වය ආරක්ෂා කිරීමට ගෙන ඇති වැදගත් පියවරයන් පිළිබඳ  අවබෝධයක් ලබාගැනීමට ද මෙවර ප්‍රදර්ශනය තුළින් අවස්ථාව හිමිවේ.

මෙවර ශ්‍රී ලංකා ජාතික රෝහලේ අවධානය යොමු වී ඇත්තේ අනතුරු සඳහා ගත හැකි ප්‍රතිකාර සහ අනතුරු වළක්වාගැනීමේ පියවරයන් පිළිබඳ වේ. එහිදී ඔවුන් අනතුරුවලට ගොදුරු වූවන් සඳහා කරන සත්කාරයන්ට අමතරව අනතුරු වළක්වාගැනීමේ ක්‍රමවේදයන් සහ එවැනි සිදුවීම් නැවත ඇති නොවන ලෙස ක්‍රියා කරන්නේ කෙසේද යන්නත් පිළිබඳව අවධානය යොමු කරනු ඇත. මේ තුළින් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමට අමතරව සහ අනතුරු වලින් පුද්ගලයින්ට සහ මහජනතාවට වන බලපෑම අවම කිරීම සඳහා විසඳුම් ඉදිරිපත් කිරීමට නියමිතයි.

Medicare – ‘මෙහෙවර අභිමන්’ වැඩසටහන, ප්‍රජාව සමඟ සම්බන්ධ වීමට, දැනුම බෙදා ගැනීමට සහ සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් සඳහා සිදුකරන සාමූහික ක්‍රියාකාරකම් දිරිගන්වන විශිෂ්ට වේදිකාවකි. මේ තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මෙතෙක් ඇගයීමට ලක් නොවූ සුවිශේෂී චරිත හඳුනාගැනීමටද ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමටද අවස්ථාව හිමිවේ. Medicare 2025 සමඟ වූ මෙම සහයෝගිතාවය සෞඛ්‍ය යහපැවැත්ම නංවාලීමත් සහ සෞඛ්‍ය සේවා වෙත සැමට එකලෙස පිවිසිය හැකි වීමත් යන දැක්ම මෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සෞඛ්‍ය සම්පන්න අනාගතයක් ගොඩනැංවීමට කරන අසීමිත කැපවීමද මනාව පිළිඹිබු කරයි.