ශ්‍රී ලංකාවේ නෛතික සාක්ෂරතාවය සවිමත් කරමින්  ‘Know Your Neethi’ මාධ්‍ය ව්‍යාපෘතිය දියත් කෙරේ

Off By Mic

යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය මගින් (JURE) නෛතික දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සඳහා ‘Know Your Neethi’මාධ්‍යව්‍යාපෘතිය දියත් කෙරේ

: ‘Know Your Neethi’ (i.e. Know Your Laws) නමින් නවතම මාධ්‍යව්‍යාපෘතියක් අද දින එළිදැක්වූ අතර සියලු ශ්‍රී ලාංකිකයන්ට මෙම වැඩසටහන හරහා නෛතික දැනුම ලැබීම තහවුරු කරමින් අද මෙම වැඩසටහන නිල වශයෙන් දියත් කරනු ලැබුයේ ජාතික නායකයන් සහ අන්තර්ජාතික මට්ටමේ පාර්ශවකරුවන් රැසකගේ සහභාගීත්වයෙනි. මෙම අවස්ථාවට ගරු අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා; යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයිනට තානාපති වන ගරු කාමන් මොරේනෝ මහත්මිය; ශ්‍රී ලංකාවේ UNDP ආයතනයෙහි නේවාසික නියෝජිත වන අසූසා කුබෝටා මහත්මිය සහ නීති හා යුක්ති පසිඳලන ක්ෂේත්‍රයේ ප්‍රධාන නිලධාරීන් සහභාගී වන ලදී.

මෙම ව්‍යාපෘතිය හරහා නෛතික සාක්ෂරතාවය ජනතාව තුළ තහවුරු කිරීමට ප්‍රථමයෙන්ම; දේශීය භාෂාවන් හරහා රට තුළ නීති දැනුම ප්‍රවර්ධනය කිරීමත්, එලෙසම ශ්‍රී ලංකාවේ නීති ඉතා සරලව හා මහජනතාවට අවබෝධ කරගත හැකි අන්දමින් ප්‍රචාරණය කිරීමටත් අපේක්ෂා කරනු ලැබේ. මෙම ව්‍යාපෘතිය හරහා දූෂණ විරෝධීබව, ගෘහස්ථ හිංසනය, රැකියා අයිතිවාසිකම්, පාරිසරික ආරක්ෂාව, පරිගණක අපරාධ සහ මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වැරදි ඇතුළු ශ්‍රී ලාංකික ජනතාවගේ එදිනෙදා ජීවිතයට බලපාන ප්‍රධාන කරුණු ආවරණය කිරීමට අපේක්ෂා කරයි.

2022 දී ශ්‍රී ලංකාවේ රත්නපුර පොලිස් කොට්ඨාසය විසින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව ඊට සහභාගිවූවන්ගෙන් 65%ක් අවම නෛතික සාක්ෂරතාවය හේතුවෙන් අපරාධවලට ගොදුරු වී ඇති බව මෙන්ම, 85%ක් අපරාධ විනිශ්චය පද්ධතිය තුළ ඇති දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බවත් වාර්තා කර තිබේ. සහභාගිවූවන්ගෙන් සාපරාධී ක්‍රියාකාරකම්වල යෙදී සිටි පුද්ගලයන්ගෙන් 90%ක්ම එවැනි නීති විරෝධී ක්‍රියාවල යෙදීමට, නෛතික දැනුමක් නොමැතිකම හේතු වී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ගරු අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෙසේ පැවසීය. “තාක්‍ෂණික දියුණුවීම්, පාරිසරික අභියෝග සහ සමාජීය වෙනස්වීම් මත හැඩ ගැසෙන ලෝකයක් තුළ ජනතාවට විශ්වාසයෙන් හා පැහැදිලිව නෛතික ආරක්ෂාව ලබා ගැනීමට හැකි වන බව සහතික කිරීම අපගේ යුතුකමයි. Know Your Neethi ව්‍යාපෘතිය තුළින් සියලු දෙනා ඇතුළු කරගත්, විනිවිද පෙනෙන, වඩාත් සාධාරණ නීති පද්ධතියක් සංවර්ධනය කිරීම සඳහා අපගේ කැපවීම නැවත තහවුරු කරනු ලැබේ.”

මෙම වැඩසටහනේ මුලපිරීම, යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතියේ (JURE) කොටසක් වන අතර එයට යුරෝපා සංගමය විසින් අරමුදල් සපයනු ලැබේ. JURE ව්‍යාපෘතිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ යුනිසෙෆ් ශ්‍රී ලංකා යන ආයතන විසින් ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන අතර එයට අධිකරණ අමාත්‍යංශය මඟින් පහසුකම් සපයනු ලැබේ. මෙම වැඩසටහන JURE ව්‍යාපෘතියේ පුළුල් උත්සාහයන් මත ගොඩනඟා ඇති අතර එමඟින් ප්‍රයත්න දරනුයේ සියලු ශ්‍රී ලාංකිකයින්ට අවැසි නීති ආධාර පහසුවෙන් ලබාදීමට මංපෙත් තැනීමයි. මෙහි සඳහන් කලයුත්තක් වන්නේ JURE ව්‍යාපෘතියේ ප්‍රතිඑලයක් ලෙස 2024 දී  ව්‍යාපෘතියේ  සහය ඇතිව පුද්ගලයින් 40,000කට අධික සංඛ්‍යාවකට නීති ආධාර ලබාදීමට හා නීතිමය දැනුවත් කිරීමේ සැසිවාරවලට සහභාගී වීමට අවස්ථාව උදාකර දීමයි.

මෙම වැඩසටහනේ මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින්, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයිනට තානාපති වන ගරු කාමන් මොරේනෝ මහත්මිය මෙසේ පැවසීය. “නීතිය මගින් පුද්ගලයන් ආරක්ෂා කිරීම පමණක් නොව, ඔවුන්ව බලගැන්වීම ද සිදු කළ යුතුය. එම බලගැන්වීම පටන් ගන්නේ දැනුමෙන්. දැනුවත් පුරවැසියන් මහජන සංවාදයට සහභාගී වීමට වැඩි ඉඩක් ඇති අතර ඔවුන් නෛතික ප්‍රතිසංස්කරණ සඳහා ද දායක වේ. එවිට, බලයේ සිටින අයව වගකිවයුත්තන් බවට පත් කිරීමට ද ඔවුන් කටයුතු කරයි. විනිවිදභාවය සහ සහභාගීත්වය මත පදනම් වූ නෛතික සංස්කෘතියක් යුක්තිය වඩාත් ඵලදායී කරයි.”

‘Know Your Neethi’ ව්‍යාපෘතිය කේන්ද්‍රගත වී ඇත්තේ නෛතික සාක්ෂරතාවය ගොඩනඟන දැනුම් කේන්ද්‍රයක් මතයි. එහිදී නරඹන්නන්ට කෙටි චිත්‍රපට, විශේෂඥ සම්මුඛ සාකච්ඡා සහ සිංහල සහ දෙමළ භාෂා ද්විත්වයෙන්ම පැහැදිලි කිරීමේ වීඩියෝ නැරඹිය හැකිය. YouTube, Facebook සහ Instagram යන සමාජ මාධ්‍ය ජාලා හරහා මෙම ව්‍යාපෘති නාලිකාවේ නෛතික තොරතුරු වෙත ප්‍රවේශ විය හැකි අතර ඒවායෙහි සරල, ආකර්ෂණීය අන්තර්ගතයන් ජනතාවට නීති දැනුම ඉතා සරල, වඩාත් ප්‍රවේශය විය හැකි, ක්‍රියාවට නැංවිය හැකි මට්ටමින් ඉදිරිපත් කරනු ලැබේ.

ඩිජිටල් ව්‍යාපෘතියකට එහා යමින් ‘Know Your Neethi’ මඟින් ප්‍රජාව වෙත ළඟා වීමට කටයුතු කරන අතර ඉදිරියේදී නෛතික දැනුවත් කිරීමේ දින දෙකක කඳවුරක් මෙම වසරේදී බදුල්ලෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. එමඟින් එම ප්‍රදේශයේ ජනතාවට විශේෂයෙන්ම; ආන්තීකරණයට හා අවදානම් වලට ලක්වන ජනතාවට නෛතික අධ්‍යාපනය, නෛතික ආධාර සායන සහ නෛතික ආයතන සමඟ සෘජුවම සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීමට අවස්ථාව සලසන වැඩසටහනක් JURE ව්‍යාපෘතිය සැලසුම් කරනු ලැබේ.

මෙහිලා, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ භූමිකාව ඉස්මතු කරමින්, ශ්‍රී ලංකාවේ UNDP ආයතනයෙහි නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය මෙසේ අදහස් දැක්වීය. “මෙම මාධ්‍ය ව්‍යාපාරය හරහා ජනතාවට හුදූ ලෙස තොරතුරු ලබා දීම පමණක් අපේක්ෂා නොකරන අතර එමඟින් ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම, තමන් සතුව නීතිය පිළිබඳව හොඳ අවබෝධයක් පවතින බවට ප්‍රකාශ කිරීමට ඔවුන් සවිබලගැන්වීම මෙන්ම ඔවුන්ට තමන්ගේ අයීතීන්, තමන්ගේ නීතීන් පිළිබඳව පුළුල් අවබෝධයක් පවතින බවට විශ්වාසයෙන් පැවසීමට හැකියාව ලබාදීමට ශක්තිය ලබාදෙයි. UNDP සහ අප, අපගේ ව්‍යාපෘති හවුල්කරුවන් හා නෛතික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සාඩම්බරයෙන් යුතුව, පුද්ගලයින්ව ඔවුන්ගේ අයිතිවාසිකම් තේරුම් ගැනීමට හැකි වන පරිදි සවිබලගැන්වීමටත් ඒ හරහා ගැටුම්වලින් මිදීමට ශක්තිය ඇති, යුක්තිසහගත, සියලු දෙනාට ගරු කරන සමාජයක් ගොඩනැගීමටත් ප්‍රයත්න දරනු ලැබේ.”

‘Know Your Neethi’  වැඩසටහන මතුවන්නේ මෙවන් ප්‍රයත්නයක දැඩි අවශ්‍යතාවයක් පවතින තත්ත්වයක වන අතර මෙම ව්‍යාපාරය හරහා, නෛතික දැනුම සුඛෝපභෝගී දෙයක් නොවන බවත්, එය අපරාධ වැළැක්වීම, ආරක්ෂාව සහ යුක්තිය තහවුරු කිරීම සඳහා පවතින  මෙවලමක් වන බවත් යන පණිවිඩය ලබා දෙයි. නෛතික තොරතුරු ප්‍රවේශ විය හැකි සහ තේරුම් ගත හැකි ආකාරයට සකස් කිරීම මඟින්, මෙම ව්‍යාපෘතිය හරහා සෑම පුද්ගලයෙකුම තම අයිතිවාසිකම් හඳුනන, තම වගකීම් පිළිබඳව අවබෝධයක් පවතින සහ යුක්තිය ඉල්ලා සිටීමට කටයුතු කරන සමාජයක් ගොඩනැගීමට අපේක්ෂා කරයි.

මෙම ව්‍යාපෘතිය ගැන වැඩි විස්තර දැනගැනීමට, Instagram, Facebook සහ YouTube නාලිකා සමඟ වන @knowyourneethi පිටු සමඟ සම්බන්ධ වන්න.