පෙරේරා ඇන්ඩ් සන්ස් මනු මෙහෙවර තුළින් බරම්පොළ ප්‍රජාව වෙත RO ඒකකයක් ලබා දෙයි

පෙරේරා ඇන්ඩ් සන්ස් මනු මෙහෙවර තුළින් බරම්පොළ ප්‍රජාව වෙත RO ඒකකයක් ලබා දෙයි

Off By Mic

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S),  සිය ආයතනික සමාජ සත්කාර වැඩසටහන වන  ‘මනු මෙහෙවර’ ඔස්සේ තිරසාරත්වය සහ ප්‍රජාවගේ යහපැවැත්ම වෙනුවෙන් සමාගම සිදු කරන අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරයි.

පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බරම්පොල ප්‍රදේශයේ පවුල් 100කට ආසන්න සංඛ්‍යාවකට පිරිසිදු, ආරක්ෂිත පානීය ජලය ලබා ගැනීම සඳහා, ජල පිරිපහදු ඒකකයක්  (Reverse Osmosis) සමාගමේ නවතම සමාජ සත්කාර මුලපිරීම තුළින් පරිත්‍යාග කර තිබේ.   පෙරේරා ඇන්ඩ් සන්ස් හි අධ්‍යක්ෂ, අවිෂ්ක පෙරේරා,  පෙරේරා ඇන්ඩ් සන්ස් නියෝජිතයින්, නාවික හමුදාවේ නිළධාරීන් ඇතුළු බරම්පොළ ප්‍රජාවේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දා මෙය උත්සවශ්‍රීයෙන් විවෘත කරන ලදී.

ජනතාවගේ ජීවිත වැඩිදියුණු කිරීමට හා තමන් සේවය කරන ප්‍රජාවට  කාලයක් පවතින ධනාත්මක බලපෑමක් ඇති කිරීම වෙනුවෙන් P&S දරන කැපවීමට මෙම ජල පිරිපහදු ඒකකය සාක්ෂි දරයි. P&S විසින් මෙම මූලික අවශ්‍යතාව ඉටු කිරීම තුළින් එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනයේ 06වන ඉලක්කය වන, පිරිසිදු පානීය ජලය හා සනීපාරක්ෂාව යන ඉලක්කය සාක්ෂාත් කරයි. P&S හි පුළුල් CSR ප්‍රයත්නයන් තවදුරටත් පුළුල් කරමින්, 10වන හා 12වන තිරසර සංවර්ධන ඉලක්කයන් වන, අසමානතාව අවම කිරීම හා වගකීමෙන් යුත් පාරිභෝජනය හා නිෂ්පාදනය සඳහා ඔවුන් දායක වෙයි.

P&S හි අධ්‍යක්ෂ සහ සමාගම් නායකත්වයේ පස්වන පරම්පරාවේ සාමාජික අවිශ්ක පෙරේරා මහතා, “පෙරේරා ඇන්ඩ් සන්ස් හි අපි සිදු කරන සෑම දෙයකම හදවත, ආයතනික සමාජ වගකීමයි.  මනු මෙහෙවර මුලපිරීම තුළින් මෙසේ RO ඒකකයක් පරිත්‍යාග කිරීම, අපගේ ප්‍රජාව වෙනුවෙන් සෞඛ්‍ය සම්පන්න සහ වඩාත් තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අප සිදු කරන කර්තව්‍යයන් හා කැපවීම පිළිබිඹු කරනවා. පිරිසිදු පානීය ජලය සඳහා ප්‍රවේශය සහතික කිරීමෙන් බරම්පොළ පදිංචිකරුවන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා අපි විශාල පියවරක් තබනවා” යනුවෙන් පැවසීය.

P&S විසින් 2021 වසරේ සිට වාර්තාගත ලෙස RO ඒකක ස්ථාපිත කිරීමේ ව්‍යාපෘති වෙනුවෙන් තම ක්‍රියාකාරී සහයෝගය දක්වමින්, ප්‍රජාවට ඉතාමත් ප්‍රයෝජනවත් වන වටිනා දායකත්වයක් ලබා දී තිබේ. P&S සිය ව්‍යාපාරික මෙහෙයුම්වලින් ඔබ්බට ගොස්, ප්‍රජාවන් නඟා සිටුවීම සහ ඔවුන්ගේ ජීවිතවල අර්ථවත් බලපෑමක් ඇති කිරීම සඳහා වන සමාගම් මෙහෙවරෙහි තවත් සන්ධිස්ථානයක් මෙම නවතම මුලපිරීම වෙතින් පෙන්නුම් කරයි.

සාඩම්බර ශ්‍රී ලාංකික සමාගමක් වන P&S, ජාතියට සහ එහි ජනතාවට නැවත ලබා දීම වෙනුවෙන් කැප වී සිටියි. එහි ආචාර ධර්ම සහ ආයතනික සමාජ වගකීම් හි මුලපිරීම් වෙත තිරසාරභාවය එක් කිරීමෙන්, ආදර්ශයෙන්ම ඉදිරියට යමින්, සමාජයේ යහපැවැත්මට මෙන්ම ආයතනික අභිලාෂයන්ට ප්‍රමුඛත්වය දෙන වගකිවයුතු සන්නාමයක් ලෙස එහි කීර්ති නාමය තහවුරු කරයි.

මනු මෙහෙවර සහ අනෙකුත් ආයතනික සමාජ ව්‍යාපෘති හරහා, ක්ෂණිකව ප්‍රජා අවශ්‍යතාවයක් සපුරාලීම P&S විසින් අඛණ්ඩව සිදු කරන අතර සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා වඩාත් සාධාරණ සහ තිරසාර අනාගතයක් සඳහා අඩිතාලම දමමින් සිටියි.

Image Caption :
P&S අධ්‍යක්ෂ අවිෂ්ක පෙරේරා විසින් සමරු ශිලා ඵලකය නිරාවරණය කිරීම.