ඩර්ඩන්ස් රෝහල, ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුවිධ සුවතා සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය වන ‘Revive by Durdans’ එළිදක්වයි

Off By Mic

ඩර්ඩන්ස් රෝහල විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුවිධ සුවතා සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය වන Revive by Durdans නිල වශයෙන් එළිදක්වා තිබේ. මෙය එක් එක් පුද්ගලන් සඳහා විශේෂයෙන් සකස් කළ ප්‍රතිකාරයන්ගෙන්, නවතම සහ වඩාත්ම දියුණු චිකිත්සක ක්‍රමවලින් සහ රෝගවලට ප්‍රතිකාර කිරීම අභිබවා යමින් ශාරීරික සහ මානසික සෞඛ්‍ය රැකගැනීමට අවශ්‍ය පහසුකම්ගෙන් සමන්විත වේ. මෙම මධ්‍යස්ථානය ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, විශේෂඥ වෛද්‍යවරුන් සහ සුවතා වෘත්තිකයන් කණ්ඩායමක මඟපෙන්වීම යටතේ ජාත්‍යන්තර මට්ටමේ පුනරුත්ථාපන සේවා රැසක් එකම ස්ථානයකින් ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව සලසා දෙයි.

උසස් පුනරුත්ථාපන ක්‍රමවේදයන් සහ නවීන ජීවන රටාවට ගැළපෙන සුවතා ප්‍රතිකාර ඒකාබද්ධ කිරීමෙන්, Revive by Durdans සුවපත් වීම යන සංකල්පයට නව අරුතක් එක්කරයි. මෙම මධ්‍යස්ථානය දිගුකාලීන සුවපත්භාවය සහ සෞඛ්‍යය රැකගැනීම සඳහා අවශ්‍ය සියලු සේවා ඒකාබද්ධ කරගනිමින් රෝගීයාටම සුවිශේෂී වූ ප්‍රතිකාර ක්‍රමයක් අනුගමනය කරයි. තවද භෞත චිකිත්සාව, ස්නායු, හෘද සහ අස්ථි පුනරුත්ථාපනය, මනෝවිද්‍යාත්මක සහාය, පෝෂණ උපදෙස්, යෝග්‍යතා පුහුණුව, යෝග සහ සිහිය පදනම් කරගත් ප්‍රතිකාර ඇතුළු සේවාවන් රැසක් මෙහිදී පිරිනැමේ.

ඩර්ඩන්ස් රෝහලේ වසර 80ක විශ්වාසනීය සෞඛ්‍ය සේවා උරුමය සමඟින් Revive, ශ්‍රී ලංකාවේ බහුවිධ පුනරුත්ථාපනය සඳහා වූ වර්ධනය වන අවශ්‍යතාවය සපුරාලයි. එය ශල්‍යකර්ම, තුවාල හෝ නිදන්ගත තත්වයන්ගෙන් සුවය ලබන පුද්ගලයන්ට මෙන්ම සෞඛ්‍යය යහපැවැත්ම නැවත ලබා ගැනීමට හෝ අඛණ්ඩව පවත්වා ගැනීමට අපේක්ෂා කරන අයටද සිය සේවය සපයයි.

ඩර්ඩන්ස් රෝහලේ සභාපති අජිත් තූඩාවේ මහතා මේ පිළිබඳ සිය අදහස් මෙසේ පැවසීය: “ඩර්ඩන්ස් රෝහලේ අපගේ ඉලක්කය සැමවිටම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ ප්‍රමිතිය ඉහළ නැංවීමයි. Revive එළිදැක්වීමත් සමඟින්, සායනික පුනරුත්ථාපනය, ජීවන රටාව කේන්ද්‍ර කරගත් සුවතාවය සමඟ ඒකාබද්ධ කරමින් අපි එම කැපවීම තවදුරටත් ශක්තිමත් කරමු. මෙම මධ්‍යස්ථානය රෝගී සත්කාරයේ අපගේ අඛණ්ඩ නවෝත්පාදනය පිළිබිඹු කරනවා පමණක් නොව, ස්වයං අධිෂ්ටානයකින් යුතුව සුවය ලැබීමේ ගමනක් ආරම්භ කරන අයට බලාපොරොත්තුවේ පහනක්ද වේ.”

ඩර්ඩන්ස් රෝහලේ විධායක අධ්‍යක්ෂ රක්ෂිත තූඩාවේ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය: “Revive by Durdans නිර්මාණය කරන ලද්දේ සැබවින්ම  පුද්ගලීකරණය කරන ලද සහ උසස් පුනරුත්ථාපන සේවා සැපයීම සඳහායි. නවීනතම පහසුකම්, ශාරීරික සහ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සහ විශේෂඥයන් විසින් මෙහෙයවනු ලබන වැඩසටහන් තුළින්, සුවය ලැබීමේ ක්‍රියාවලිය ශාරීරිකව මෙන්ම චිත්තවේගීයව සහ මානසිකව ද සුවිශේෂී අත්දැකීමක් බවට අපි පත් කරන්නෙමු.”

දේශීය හා විදේශීය රෝගීන් දෙපාර්ශවයටම සැලසුම් කර ඇති Revive, ශ්‍රී ලංකාව වෛද්‍ය පුනරුත්ථාපනය සහ සුවතාවය සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ස්ථානගත කරයි. මෙහිදී ක්‍රීඩා ආබාධයකින්, හෘද රෝගයකින්, ස්නායු රෝගයකින් සුවය ලබන, නැතහොත් යමක් වැලැක්වීමට සෞඛ්‍ය විසඳුම් සොයන, ඕනෑම අවශ්‍යතාවයකින් යුතු රෝගියෙකු සඳහා වෛද්‍යවරුන්, භෞත චිකිත්සකවරුන්, මනෝවිද්‍යාඥයින්, පෝෂණවේදීන් සහ සුවතා පුහුණුකරුවන්ගෙන් සමන්විත බහුවිධ කණ්ඩායමක් විසින් සකස් කරන ලද පුද්ගලීකරණය කරන ලද සත්කාර සැලැස්මක් හිමිවේ.

මෙම මධ්‍යස්ථානය සුවපත් වීමේ ක්‍රියාවලියේ සෑම අදියරකදීම එනම්, වේදනා කළමනාකරණය, ඉරියව් නිවැරදි කිරීම, අස්ථි හා ක්‍රීඩා ආබාධ පුනරුත්ථාපනය, ස්නායු හා හෘද පුනරුත්ථාපනය, සහ ශල්‍යකර්මයෙන් පසු සුවය ලැබීම ඇතුළු සියලු අදියරයන් සඳහා අවශ්‍ය සහාය ලබාදීමට පුළුල් පරාසයක සේවාවන් සපයයි. තවද යෝග, භාවනා, ක්‍රියාකාරී පුහුණුව, මනෝවිද්‍යාත්මක උපදේශනය සහ ආතති කළමනාකරණය වැනි සුවතා ප්‍රතිකාර මඟින් රෝගීන්ගේ සුවපත් වීමේ ගමන තවදුරටත් ශක්තිමත් කරයි. සෑම වැඩසටහනක්ම පුද්ගලීකරණය කරන ලද පෝෂණ සහ ජීවන රටා උපදෙස් මගින් සමස්ත සුවතාවය වැඩි දියුණු කිරීම වෙනුවෙන්ම සකස් කොට ඇත.

ඩර්ඩන්ස් රෝහල, මෙම එළිදැක්වීම තුළින් සුවපත් වීමේ ක්‍රියාවලිය උසස්, පුද්ගලීකරණය කරන ලද සහ සියලු සේවාවන් එකට එක්කොට ලබාදිය හැකි බව සනාථ කරමින් ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපනය පිළිබඳ මහජන මතයට නව අරුතක් එක්කිරීමට අපේක්ෂා කරයි. Revive by Durdans යනු පහසුකමකට එහා ගිය, එක් එක් පුද්ගලයාගේ සම්පූර්ණ සුවතාවය වටා සත්කාර කේන්ද්‍රගත කරන දර්ශනයකි.

Revive by Durdans පිළිබඳ වැඩිදුර දැන ගැනීමට සහ පවතින වැඩසටහන් ගවේෂණය කිරීමට, පිවිසෙන්න: 🔗 www.durdans.com/revive-by-durdans

අවසානය