The International Learning Academy ඔබේ වෘත්තීය අභිලාෂයන් සපුරාලීමේ පළමු පියවරයි

The International Learning Academy ඔබේ වෘත්තීය අභිලාෂයන් සපුරාලීමේ පළමු පියවරයි

ගතික ලෝකයේ ව්‍යාපාරයක් කළමනාකරණය කිරීම වැඩිම ඉල්ලුමක් සහිත කුසලතාවය බවට පත්ව තිබේ. ඔබ ව්‍යවසායකයෙකු, ව්‍යාපාර නායකයෙකු හෝ වෙනත් ඕනෑම වෘත්තිකයෙකු වේ නම් ඔබ සතුව්‍යාපාර කළමනාකරණ කුසලතා සහ විවේචනාත්මක චින්තනය විශිෂ්ට වෘත්තීය ජීවිතයක් ගොඩ නැගීම සඳහා ශක්තිමත්ම පදනම ලබා දෙනු ඇත.

International Learning Academy (ILA) යනු අනාගතය වෙනුවෙන් එම පදනම ගොඩනඟා ගැනීමට ඔබට උපකාරී වන ආයතනයකි. ඉගැන්වීම පිලිබඳ දශක දෙකකට වැඩි වෘත්තීය පළපුරුද්දක් ඇති පිළිගත් අධ්‍යාපන ආයතනයක් වන Nanaska විසින් අනුග්‍රහය දක්වන ILA , ද්විතීයික පාසලේ ශිෂ්‍යයාගේ සිට, වඩාත් පළපුරුදු වෘත්තිකයින් දක්වා සියලුම සිසුන් හටඅවශ්‍ය සුදුසුකම් රාශියක් පිරිනමනු ලබයි.

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල කිහිපයක් සමඟ සහයෝගීතාවයෙන්, ILA ව්‍යාපාර කළමනාකරණ ක්ෂේත්‍රයේ සුදුසුකම් රාශියක් පිරිනමයි. ILA විසින් පිරිනමනු ලබන සමහර වැඩසටහන් සඳහා, කැනඩාවේ ඔන්ටාරියෝ හි පිහිටි ලන්ඩන් ජාත්‍යන්තර ඇකඩමිය මඟින් ලබාදෙන ඔන්ටාරියෝ ද්විතීයික පාසල් ඩිප්ලෝමා (OSSD) වැනි විශ්වවිද්‍යාල ප්‍රවේශය සපයන වැඩසටහන් ඇතුළත් වන අතර එමඟින් සාම්ප්‍රදායික උසස් පෙළ සුදුසුකම් නොමැතිව විශ්වවිද්‍යාල වෙත සෘජු ප්‍රවේශය ලබා දේ. තවද මැලේසියාවේ IEG කැම්පස් සහ පකිස්ථානයේ සහ මොරිෂස් හි ගෞරවනීය ග්‍රීන්විච් විශ්ව විද්‍යාලය සමඟ සහයෝගීතාවයෙන් පශ්චාත් උපාධි වැඩසටහන්ද ILA විසින් පිරිනමනු ලබයි.

ILA හි ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සමඟ වූ සහයෝගීතාවයසහ සංකීර්ණ, විවිධාංගීකරණය වූ විෂයමාලාවන් නිසා සැබෑ ලෝකයට අවශ්‍ය නවෝත්පාදන සහ ව්‍යවසායකත්වයන් සවිබල ගැන්වෙන අතර නිර්මාණශීලීව සිතීමට, අවදානම් ගැනීමට සහ ඵලදායී කණ්ඩායම් සාමාජිකයින් වීමට සිසුන් දිරිමත් කරයි.

අන්තර්ජාල සහ දුරස්ථ ඉගෙනුම් වැඩසටහන් වල ශ්‍රී ලංකාවේ පුරෝගාමියා වන Nanaska (Pvt) Ltd. සිය අඛණ්ඩ සහයෝගය ILA වෙත නොබදව ලබාදෙයි. ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේදී දැඩි ප්‍රමිතීන් පවත්වා ගෙන යන Nanaska, 2009 වසරේදී විදේශයන්හි සිටින සිසුන්ට මූල්‍ය කළමනාකරණ අධ්‍යාපනය ලබාදෙමින් සිය ආරම්භය සනිටුහන් කළ අතර දශකයකයකට වැඩි කාලයක් සිය සේවාවන්හි අඛණ්ඩව නිරතවී සිටී. ILA හි අධ්‍යාපනය, සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන සහ කුසලතා සංවර්ධනය සඳහා පහසු ප්‍රවේශයක් සපයයි. Nanaska හි කථිකාචාර්යවරුන් සතු දශක ගණනාවක ඉගැන්වීමේ පළපුරුද්ද සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වීමේ අත්දැකීම් මඟින් සිසුන්ට ගෝලීය තරඟකාරීත්වයකින් යුතු, තම ක්ෂේත්‍රය සහ සමාජය තුළ ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි දක්ෂ ව්‍යාපාරික නායකයින් වීමට අවශ්‍ය මාර්ගෝපදේශ සපයයි.

ILA හි පීඨාධිපතිවරුන් ලෙස චන්න ගුණවර්ධන මහතා සහ ආචාර්ය නිර්මාල් ද සිල්වා කටයුතු කරයි. මූල්‍ය හා කළමනාකරණය පිළිබඳ සුදුසුකම් වලින් සපිරුණු චන්න ගුණවර්ධන මහතා, වර්තමානයේ ප්‍රමුඛ පෙළේ පොදු ලැයිස්තුගත සමාගමක කීර්තිමත් ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස සේවය කරන අතර ගෝලීය CIMA ත්‍යාගලාභීන් බිහිකිරීමේ වාර්තාවන්ටද හිමිකම් කියයි. ආචාර්ය නිර්මාල් ද සිල්වා මහතා බහුජාතික සහ ෆෝචූන් 500 සමාගම්වලට උපායමාර්ගික නායකත්වය සපයන, විවිධ මණ්ඩලවල සේවය කරන, ආරම්භක සහ සමාජ ව්‍යවසායයට බලපෑම් කිරීම සම්බන්ධයෙන් පුළුල් විශේෂඥ දැනුමක් ඇති දක්ෂ උපාය මාර්ග උපදේශකයෙකු, කුඩා පරිමාන ව්‍යවසායන් වලට බලපෑම් කරන්නෙකු, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු සහ  සහකාර මහාචාර්යවරයෙකු ලෙස සේවය කරයි.

හයිබ්‍රිඩ් ඉගැන්වීමේ ක්‍රම සහ තනි තනිව උපදේශනයන් ලබාදෙමින් සිසුන්ට ඔවුන්ගේ උපරිම හැකියාවන් ළඟා කර ගැනීමට මග පෙන්වීම සඳහා වූ ILA හි කැපවීම අසමසම ය. මැයි මස කොළඹ රාමඩා හිදී පැවැත්වූ ILAහි සමාරම්භක උත්සවයට එක්වෙමින් ප්‍රධාන කථිකාචාර්ය චන්න ගුණවර්ධන මහතා පැවසුවේ,” අපගේ දූරදර්ශී නායකත්වය සිසුන්ට හොඳම අධ්‍යාපනය ලබා දෙන බව සහතික කරයි. අපි සිසුන්ට නිවැරදි ගැළපෙන වැඩසටහන් ඔස්සේ ඕනෑම දුෂ්කරතාවයකින් ජය ගැනීමට තනි තනිව ඉගැන්වීම් සිදු කරන්නෙමු. අපගේ සිසුන්ට ඔවුන්ගේ පුහුණුවේ කොටසක් ලෙස සිදුකරන සීමාවාසික පුහුණුවීම්, ජාත්‍යන්තර වැඩසටහන්, රැකියා අවස්ථා සඳහා ජාත්‍යන්තර මට්ටමේ ආයතන සමඟ සම්බන්ධ වීමට Nanaska Connect හරහා අවස්ථාව හිමිවේ. ILA හි අධ්‍යාපනය යනු අනාගත ව්‍යාපාරික නායකයින් ලෙස තම හැකියාවන් ප්‍රගුණ කිරීමට ඕනෑම සිසුවෙකු ගතයුතු පළමු පියවරයි.”

ILA හඳුන්වාදීම තුළින් ශ්‍රී ලංකාව කලාපීය ව්‍යාපාර නායකයෙකු ලෙස පමණක් නොව, ශීඝ්‍රයෙන් වේගයෙන් වෙනස් වන ලෝකයක නව්‍ය අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනය තුළින් ලෝක මට්ටමේ ව්‍යාපාරික නායකයින් ගොඩනැගීමට හැකියාව ඇති ප්‍රමුඛ අධ්‍යාපන සැපයුම්කරුවෙකු ලෙසද ස්ථානගත වනු ඇත.