Ocean Lanka විසින් දීර්ඝ කාලීනව සේවයේ නිරත වූ සේවකයින් 39 දෙනෙකු ඇගයීමට ලක් කරයි

Ocean Lanka විසින් දීර්ඝ කාලීනව සේවයේ නිරත වූ සේවකයින් 39 දෙනෙකු ඇගයීමට ලක් කරයි

ශ‍්‍රී ලංකාවේ විශාලතම weft knitted ඇගළුම් නිෂ්පාදකයා වන Ocean Lanka විසින් පසුගියදා සිය සමාගම තුළ වසර 25ක සහ 20ක සේවා කාලයක් සම්පුර්ණ කරන ලද සේවකයින් 39 දෙනෙකු අගයමින් මුදල් ත්‍යාග පිරිනැමිණි. 

මේ පිළිබඳව අදහස් දක්වමින්  Ocean Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ඔස්ටින් අවු මහතා අවධාරණය කළේ මෙවැන්නකි. ” Ocean Lanka  සමාගම කලාපයේ ප්‍රමුඛතම රෙදිපිළි නිෂ්පාදකයා බවට පත් වීම පිටුපස සිටින්නේ  අප සමාගමේ වටිනා සේවක මණ්ඩලයයි.  අද දින අප සමාගම අත්පත් කරගෙන ඇති මෙම ගෞරවනීය තත්ත්වය උදාකර ගැනීම වෙනුවෙන් නිරන්තරයෙන් පාක්‍ෂිකත්වයෙන් හා කැපවීමෙන් අප හා රැඳී සිටින සේවක මහත්ම මහත්මීන් පිරිසක් ලැබීම අප ආයතනයේ මහත් භාග්‍යයක්.  අප සේවක මණ්ඩලය සඳහා ඉහළ විනිවිදභාවයකින් සහ විශ්වාසයකින් කටයුතු කිරීම සඳහා අවශ්‍ය ආයතනික පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අප නිරතුරුවම කැපවෙමින් කටයුතු කරනවා.  අප සමඟ මෙතරම් දිගු කාලයක් සේවය කල සේවක මණ්ඩලයක් සිටීම තුළින් ගම්‍ය වන්නේද අප ආයතනය තුළ සේවකයින් වෙනුවෙන් නිර්මාණය කර ඇති සුවපහසු පරිසරයයි.”

Ocean Lanka Service Awards සමාගමේ 25වන සංවත්සර සැමරුමේ එක් වැදගත් සේවක ඇගයීම් ක්‍රියාකාරකමක් වන අතර, එය සේවා අභිමන් සේවක ඇගයීමේ සම්මාන උළෙල හා සමාන්තරව ක්‍රියාත්මක වේ.  තවද වසර පුරාම සිය කාර්ය මණ්ඩලයේ වෘත්තීය සංවර්ධනය උදෙසා විවිධ දිරිගැන්වීම් සිදු කිරීම පිළිබඳව සමාගම කැපවී ක්‍රියා කරයි. 

1996 වසරේදී ස්ථාපිත කරන ලද Ocean Lanka (Pvt) Ltd යනු ලොව ඉහළම පිළිගැනීමක් ඇති ව්‍යාපාරික සන්නාම වන Victoria’s Secret, PVH (Tommy Hilfiger/Calvin Klein), Nike, Uniqlo, GAP, Amazon, Michael Kors, Marks and Spencer, Lacoste, Puma, Intimissimi සහ  Hanes  ආදිය වෙත ඉහළම තත්ත්වයේ ඇඟළුම් නිෂ්පාදනය සම්බන්ධයෙන් වසර 20 කට වැඩි කාලයක විශේෂඥ පළපුරුද්දක් ඇති ශ‍්‍රී ලංකාවේ විශාලතම weft knitted  නිෂ්පාදන සමාගම වේ. හොංකොංහි පිහිටි Fountain Set Holdings  සහ Hirdaramani Group සහ Brandix Lanka Limited  වැනි දේශීය සමාගම් සමග ව්‍යාපාරික හවුල්කාරීත්වයකින් මෙම සමාගම ක‍්‍රියාත්මක වෙයි.