HUAWEI CONNECT 2022 ගෝලීය සංසදය මෙවර  බැංකොක් හි දී

HUAWEI CONNECT 2022 ගෝලීය සංසදය මෙවර බැංකොක් හි දී

ගෝලීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් Huawei සමාගම වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රමුඛතම වැඩසටහනක් වන ‘HUAWEI CONNECT’ සැසියේ 7 වැන්න වන ‘HUAWEI CONNECT 2022’ සැසිය බැංකොක් නුවර දී  ආරම්භ කෙරිණි.  ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේදයන් වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කරන ආකාරය, ඩිජිටල් ආර්ථික සංකල්පය ප්‍රවර්ධනය සහ ශක්තිමත් ඩිජිටල් සංස්කෘතියක් ගොඩනැංවීම යන අරමුණු මූලික කරගනිමින්, ලොව පුරා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, විශේෂඥයින් හා හවුල්කරුවන් 10,000 ක ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙවර සැසියේ තේමාව වූයේ ‘ඩිජිටල්කරණය මුදාහැරීම (Unleash Digital)’ යන්නයි.

මෙම අවස්ථාවෙහි දී, Huawei සමාගම විසින් පුළුල් පරාසයක විහිදී ඇති ව්‍යාපාරික ක්ෂේත්‍රයක් ඔස්සේ ඩිජිටල් සංවර්ධනය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ගන්නා ලද පියවර පිළිබඳව පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලද අතර, ගෝලීය වෙළෙඳපොළ වෙත නව Cloud සේවාවන් 15කට අධික සංඛ්‍යාවක් නිකුත් කිරීම ද සිදු කෙරිණි.

සියලු ව්‍යාපාර ඩිජිටල්කරණය කිරීම සඳහා සහයෝගය ලබා දීමට නවතම ක්‍රමවේද 3ක්.

සැසිය ආරම්භයේ දී Huawei සමාගමේ සභාපති කෙන් හූ මහතා ඩිජිටල් පරිවර්තනය සඳහා බලපා ඇති පොදු බාධක බිඳ දැමීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය වෙත සහයෝගය ලබා දෙන ක්‍රමවේද 3ක් පිළිබඳ ගෙනහැර දක්වමින්  ප්‍රධාන දේශනය ඉදිරිපත් කළේය.

Ÿ   වඩා ශක්තිමත් සබඳතාවක් සහ සවිමත් මෙන් ම විවිධාංගීකරණය වූ පරිගණක සම්පත් ඇතුළු ඩිජිටල් යටිතල පහසුකම් ඉහළ නැංවීම.

Ÿ  සාම්ප්‍රදායික සරල Cloud සේවාවන්ගෙන් ඔබ්බට යමින් නවීන Cloud  සේවාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ආයතනවලට සහයෝගය ලබා දීම සඳහා  උසස් තාක්‍ෂණික සේවාවන් කෙරෙහි අවධානය යොමු කිරීම.

Ÿ   සහයෝගීතා සංවර්ධනය, ඩිජිටල් කුසලතා සංචිතය ශක්තිමත් කිරීම සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා වැඩි සහයෝගයක් ලබා දීම ඇතුළුව දේශීය ඩිජිටල් තාක්ෂණික පරිසර පද්ධති ගොඩනැංවීම.

ඉන්දුනීසියාවේ නව Huawei Cloud කලාප, සහ 15කට අධික නව සේවා

මෙම උත්සවයේ දී Huawei Cloud හි ප්‍රධාන විධායක නිලධාරී සැන්ග් පින්ගැන් මහතා ඉන්දුනීසියාවේ සහ අයර්ලන්තයේ නව Huawei Cloud කලාප දියත් කිරීම පිළිබඳ නිල වශයෙන් නිවේදනය කළේය.  2022 වසර අවසානය වන විට, Huawei Cloud සේවාව ලොව පුරා කලාප 29 ක කොට්ඨාස 75 ක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, රටවල් 170කට වැඩි ප්‍රමාණයකට සේවා ලබා දීමට ද අරමුණු කරයි.

සාර්ථක හවුල්කාරීත්වයක් සඳහා දේශීය ඩිජිටල් තාක්ෂණික පරිසර පද්ධති ගොඩනැංවීම

මෙම අවස්ථාවේ දී Huawei විවෘත ලෙස, සහයෝගීතාව යන සංකල්පය වර්ධනය කිරීම සඳහා සිය කැපවීම තහවුරු කළ අතර, සභාව සමඟ සිය සාර්ථකත්වය පිළිබඳව තොරතුරු බෙදාහදා ගත්තේය. එමෙන් ම නවෝත්පාදන සහයෝගීතාවන් ගොඩනඟන, ඩිජිටල් කුසලතා සංචිතය ශක්තිමත් කරන මෙන් ම ඩිජිටල් ක්ෂේත්‍රය වෙත ආධුනිකයින්ට සහයෝගය ලබා දෙන දේශීය ඩිජිටල් පරිසර පද්ධති සංවර්ධනය හා ප්‍රචලිත කිරීම සඳහා තමා හා වඩාත් සමීපව කටයුතු කරන ලෙස Huawei සමාගම රජයන් සහ ව්‍යවසායන්ගෙන් ඉල්ලා සිටියේය.

‘HUAWEI CONNECT 2022’ සැසිය ශ්‍රී ලාංකේය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයට ඉතා වැදගත් වන්නේ ඩිජිටල් පරිවර්තනය ගෝලීය වශයෙන් ආර්ථික වර්ධනයේ ප්‍රධානතම අංගය බවට පත්ව ඇති නිසා වන අතර, එය වර්තමාන ලෝකය තුළ තරුණ තරුණියන්ට හා අනාගත  පරපුරට වැඩි අවස්ථා නිර්මාණය කරමින් වේගවත් ආර්ථික වර්ධනයක් කරා පිය නැඟීමට පදනම නිර්මාණය කරයි. එමෙන් ම ‘HUAWEI CONNECT 2022’ මගින් ලබාගත හැකි තොරතුරු හා සහයෝගය  ශ්‍රී ලංකාවේ අනාගතය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය තිරසාර  සංවර්ධනයක් කරා ගෙනයාමට අවශ්‍ය නවීන තාක්ෂණය භාවිතයට හා ගවේෂණයට බෙහෙවින් උපකාරී වනු ඇත.

බැංකොක්හි පැවැත්වෙන මෙම  තෙදින සමුළුව 2022 වසරේ දී HUAWEI CONNECT හි ගෝලීය සංචාරයේ පළමු නැවතුම වන අතර, ප්‍රධාන සැසි දෙකකින්, සමුළු හයකින්, බහුවිධ සැසි හා තවත් විවිධ විශේෂාංගවලින් සමන්විත මෙවර සැසිය ඩිජිටල් පරිවර්තනයේ දී රජයන් හා ව්‍යවසායන් මුහුණ දෙන අභියෝ පිළිබඳ ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරයි.