Huawei 2020 වර්ෂයේ අදායම ඇමරිකානු ඩොලර් බිලියන 136.7ක් ලෙස වාර්තා වේ

Huawei 2020 වර්ෂයේ අදායම ඇමරිකානු ඩොලර් බිලියන 136.7ක් ලෙස වාර්තා වේ

Huawei විසින් ඔවුන්ගේ 2020 වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන වාර්තා එළි දැක්විය. මන්දගාමී වර්ධනයක් වාර්තා වුවද, සමාගමේ ව්‍යාපාර ක්‍රියාකාරීත්වය පෙර පුරෝකථනයනය කල අගයන්ට බෙහෙවින් අනුකූල වී ඇති බව දක්නට ලැබිණි. 2020 වර්ෂයේදී  Huawei හි විකුණුම් ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 136.7 ක් (චීන යුවාන් බිලියන 891.4) ක් වූ අතර එය 3.8% වසරින් වසර වර්ධනයකි.  Huawei හි ශුද්ධ ලාභය ඇමරිකානු ඩොලර් බිලියන 9.9 (චීන යුවාන්  බිලියන 64.6) ක් ලෙස වාර්තා වන අතර, එය පෙර වසර හා සැසඳීමේ දී 3.2% ක ඉහළ වර්ධනයකි. 

2019 සහ 2020 වර්ෂයන් හිදී  ඇමරිකාව විසින් Huawei හට විවිධ මෙහෙයුම් සම්බාධක පැනවූ අතර, එම  අභියෝග මධ්‍යයේ  මූල්‍ය ප්‍රකාශන ස්වාධීනව විගණනය කිරීමේ කාර්යය Huawei විසින් KPMG සමාගම වෙත ලබා දී ඇත. KPMG විසින් විගණනය කරන ලද මෙම මූල්‍ය වාර්තා තුලින් Huawei සිය හවුල්කරුවන්, ගනුදෙනුකරුවන්,  සේවකයන් සහ සියලුම සැපයුම්කරුවන් සඳහා ඉහළ විනිවිදභාවයකින් යුතුව සියලුම මෙහෙයුම් දත්ත විධිමත් ලෙස අනාවරණය කර ඇත.

2020 වර්ෂයේදී Huawei carrier business අංශය විසින් ලොව පුරා රටවල් 170ක, 1500කට අධික ජාල සඳහා ස්ථාවර මෙහෙයුම් සහතික කළ අතර, එය කොවිඩ් ව්‍යාප්තියත් සමඟ එම රාජ්‍යන්හි ටෙලිවර්ක්, මාර්ගගත ඉගෙනුම් (online learning)  සහ මාර්ගගත සාප්පු සවාරි (online shopping) වැනි තාක්ෂණික සේවා  සඳහා බෙහෙවින් ඉවහල් විය. ලොව පුරා තාක්ෂණික සමාගම් සමඟ එක්ව කටයුතු කරන Huawei, ප්‍රජාවට සහ ව්‍යාපාර සඳහා උසස්  තාක්ෂණික අත්දැකීමක් ලබා දීමට අඛණ්ඩව   ක්‍රියා කරයි.  තවද,  ගල් අඟුරු කැණීම්, වානේ නිෂ්පාදනය, වරාය සහ නිෂ්පාදන වැනි කර්මාන්ත 20 කට අධික සංඛ්‍යාවක 5G නවෝත්පාදන ව්‍යාපෘති 3,000 කට අධික සංඛ්‍යාවක් සමඟ Huawei carrier business අංශය ඉදිරියටම ඇදෙයි. 

Huawei’s enterprise ව්‍යාපාර අංශයද,  නවෝත්පාදනයන් මත පදනම් වූ විසඳුම් සංවර්ධනය කිරීම සහ ඒකාබද්ධ කිරීම සඳහා වූ ඩිජිටල් පද්ධතියක් නිර්මාණය කිරීමට කැපවී ක්‍රියා කරයි.  විශේෂයෙන්ම කොවිඩ් 10 වසංගත තත්වයෙන් ප්‍රජාවට වන ඍණාත්මක බලපෑම් අවම කිරීම උදෙසා වූ විවිධ තාක්ෂණික නවෝත්පාදන සහ විසඳුම් ඉදිරිපත් කිරීමට Huawei enterprise ව්‍යාපාර අංශය ක්‍රියා කරන ලදී.  ඒ අතර, ලොව පුරා රෝහල්වලට ඔවුන්ගේ වෛද්‍ය යටිතල පහසුකම් මත ඇති පීඩනය අවම කර ගැනීමට උපකාර කළ හැකි  HUAWEI CLOUD මත පදනම් වූ AI ආධාරයෙන් රෝග විනිශ්චය කිරීමේ විසඳුම් පද්ධති හඳුන්වා දීම පෙන්වා දිය හැකිය. තවද, ප්‍රාථමික හා ද්විතීයික පාසල් සිසුන් මිලියන 50 කට වැඩි සංඛ්‍යාවක් සඳහා Cloud  මත පදනම් වූ online  ඉගෙනුම් වේදිකා දියත් කිරීම සඳහා Huawei විවිධ හවුල්කරුවන් සමඟ කටයුතු කරන ලදී.

Huawei Consumer ව්‍යාපාර අංශය තුළද වර්ධනීය වෙනස්කම් රැසක් වාර්තා වූ අතර, HarmonyOS සහ  Huawei Mobile Services (HMS) හඳුන්වා දීම ඒ අතර සුවිශේෂී වේ.  තවද,  ස්මාර්ට් ඔෆිස්, සෞඛ්‍යය, ස්මාර්ට් නිවාස, පහසු ගමන් සහ විනෝදාස්වාදය කෙරෙහි අවධානය යොමු කරමින් පාරිභෝගිකයින්ට සියළුම උපාංග හරහා AI  අත්දැකීමක් ලබා දීමට  (“1 + 8 + N”) උපායමාර්ගය භාවිත කිරීම හැඳින්විය හැකිය. 

මේ පිළිබඳ අදහස් දක්වමින් Huawei හි වර්තමාන සභාපති කෙන් හූ මෙලෙස පවසා සිටියි.  “අපගේ ගනුදෙනුකරුවන් සඳහා ඉහළ වටිනාකමක් නිර්මාණය කිරීමට, වසංගතයට එරෙහිව සටන් කිරීමට, ඒ හමුවේ වූ අභියෝග සඳහා සාර්ථකව මුහුණ දීමට මෙන්ම ලොව පුරා ආර්ථික පුනර්ජීවනය සහ සමාජ ප්‍රගතියට සහාය වීමට අප විවිධ නවෝත්පාදනයන් රැසක් සිදු කළා. ඉදිරියේදීත් අපගේ සියලුම මෙහෙයුම් තුළ වර්ධනීය වෙනසක් අප අපේක්ෂා කරනවා. සමස්තයක් ලෙස සමාජයට ඉහළ  වටිනාකමක් නිර්මාණය කිරීමේ වැදගත්කම Huawei විසින් මැනවින් හඳුනාගෙන ඇති අතර,  පුළුල් ආර්ථික, සමාජීය හා පාරිසරික අරමුණු ඉටු කර ගැනීම සඳහා විවිධ හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අප ඉදිරියේදීත් කටයුතු කරනවා. 

ශ්‍රම බලකායේ අභියෝගයන්ට මුහුණ දීම සඳහා, ඉගෙනීමේ සම්පත් සැපයීම සහ ඩිජිටල් කුසලතා වර්ධනය කිරීමේ ප්‍රමුඛ අරමුණ ඇතුව,  Huawei ASEAN ඇකඩමිය, Digital Training Bus සහ  Seeds for the Future වැඩසටහන ඇතුළු  විවිධ වැඩසටහන් රාශියක් Huawei විසින් ආසියානු කලාපය තුල දියත් කර ඇත. තවද, ඉදිරි පස් වසරක කාලය තුළ අවම වශයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා වලින් පිරිපුන් 300,000 ක ශ්‍රම බලකායක් ආසියානු කලාපය තුළ සංවර්ධනය කිරීමට Huawei අරමුණු කරගෙන සිටියි.  

KPMG විසින් විගණනය කරන ලද 2020 Huawei මූල්‍ය වාර්තා https://www.huawei.com/en/annual-report/2020 හරහා ඩවුන්ලෝඩ් කරගත හැකිය.