Huawei සමාගම අවස්ථානුකූලව නිවැරදි තාක්ෂණය සොයා ගැනීමට උපකාරී වන නව්‍ය සේවා දියත් කරයි

Huawei සමාගම අවස්ථානුකූලව නිවැරදි තාක්ෂණය සොයා ගැනීමට උපකාරී වන නව්‍ය සේවා දියත් කරයි

බැංකොක් නුවර දී පැවති ‘HUAWEI CONNECT 2022’ සමුළුවේ දෙවන දිනයේ දී, අවස්ථානුකූලව  නිවැරදි තාක්‍ෂණය සොයා ගනිමින්, කර්මාන්ත ඩිජිටල්කරණය කිරීම සඳහා නව යටිතල පහසුකම් විසඳුම් මාලාවක් හඳුන්වා දීමට Huawei සමාගම සමත් විය. මෙහි දී ඩිජිටල් ක්ෂේත්‍රයේ  පාර්ශවකරුවන් එක්ව ‘ඩිජිටල් මුදා හැරීමට නව්‍ය යටිතල පහසුකම්’ යන තේමාව යටතේ සාකච්ඡා පැවැත්වූ අතර, එහි දී කර්මාන්ත ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම සඳහා පවතින අනාගත අවස්ථා සහ ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව ද පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. මෙම සමුළුවේ දී කර්මාන්ත ඩිජිටල්කරණයේ දී මුහුණ දීමට සිදුවන අභියෝග විශ්ලේෂණය කරමින්,  Huawei සමාගම එම අභියෝගවලට මුහුණ දීම සඳහා හඳුන්වා දී ඇති තාක්ෂණික විසඳුම් පිළිබඳව හඳුන්වා දීම ද සිදුකෙරිණි.

නිවැරදි අවස්ථාවේ දී  නිවැරදි තාක්ෂණය භාවිත කිරීම තුළින් ඩිජිටල්කරණ ඉලක්ක කරා ළඟාවීමේ පහසුව

Huawei Enterprise BG හි සභාපති රයන් ඩිංග් මහතා ‘කර්මාන්තය සවිබල ගැන්වීම හා වටිනාකම් නිර්මාණය කිරීම’ යන තේමාව යටතේ එහි ප්‍රධාන දේශනය පවත්වමින් පැවසුවේ, ” වඩාත් හොඳ ඩිජිටල් පරිවර්තනයක් සහිත සමාගම්වලට, නිරන්තරයෙන් වෙනස් වන ලෝකයකට ඉතා හොඳින් අනුවර්තනය වීමේ හැකියාව පවතිනවා. Huawei සමාගම සැමවිටම නිවැරදි තාක්‍ෂණය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් තම හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කරනවා. නිවැරදි අවස්ථාවේ දී ඩිජිටල් පරිවර්තනය කරා යොමු වීමට අපගේ පාරිභෝගිකයින්ට සහයෝගය ලබා දීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් ඩිජිටල් බලය මුදාහරිනවා.” යනුවෙනි.

ඩිජිටල් බලය මුදා හැරීම සඳහා ප්‍රධාන නවෝත්පාදන තාක්ෂණයන් සහ ශක්තිමත් යටිතල පහසුකම්

Huawei Enterprise BG සමාගමේ උප සභාපති බොබ් චෙන් මහතා අදහස් දක්වමින්, නිවැරදි අවස්ථාවේ දී අවශ්‍ය නිවැරදි තාක්‍ෂණය කුමක්දැයි තීරණය කිරීම සඳහා බහු-තාක්ෂණික සහයෝගීතාවේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කළේය. “නවීන ඩිජිටල් යටිතල පහසුකම් ඩිජිටල් පරිවර්තනය වේගවත් කරනවා. දත්ත යනු ඩිජිටල් පරිවර්තනයේ හරයයි. දත්ත ග්‍රහණය, සම්ප්‍රේෂණය, ගබඩා කිරීම සහ විශ්ලේෂණය මෙම ක්‍රමවේදයේ ප්‍රධාන පියවර හතර විදියට දැක්විමට පුළුවන්. මේ නිසා ම Huawei සමාගම පරිභෝගික ජනතාවගේ දත්තසැකසීමේ ක්‍රියාවලි වගේ ම ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම වෙනුවෙන් සුවිශේෂී නිෂ්පාදන හා සේවා රැසක් හඳුන්වා දීල තිබෙනවා.”

Huawei සමාගම සිය ගෝලීය හවුල්කරුවන් සවිබල ගන්වමින් ඔවුන් සඳහා දියුණු වන ඩිජිටල් පරිසර පද්ධතියක් ගොඩනැංවීම

මෙම අවස්ථාවේ දී Huawei සමාගම විසින් සිය සවිබල ගැන්වීමේ වැඩසටහනක් ද දියත් කරන ලද අතර, එය එම සමාගමේ ගෝලීය හවුල්කරුවන් සඳහා දියුණු වන ඩිජිටල් පරිසර පද්ධතියක් ගොඩනැංවීම ඉලක්ක කෙරිණි. මෙම වැඩසටහන හරහා Huawei සමාගම සිය හවුල්කරුවන් සමඟ එක්ව ඒකාබද්ධ නවෝත්පාදනයන් සිදු කිරීමට අරමුණු කරයි. නව රාමුවක්, නව සැලැස්මක් සහ ඒකාබද්ධ ක්‍රියාවලියක් මගින් සිය හවුල්කරුවන් සවිබල ගැන්වීමට මෙන් ම  Huawei ICT ඇකඩමිය හා Huawei බලයලත් අධ්‍යාපනික සහකරුවන් සමග එක් වී විවිධ වැඩසටහන් දියත් කරමින් දක්ෂතා සංචිතයක් ගොඩනැංවීමට ද Huawei සමාගම කටයුතු කරයි.  ඉදිරි වසර තුන තුළ ගෝලීය හවුල්කරුවන්ට සහාය වීම සඳහා මෙම වැඩසටහන වෙත ඇමරිකානු ඩොලර් මිලියන 300 ක මුදලක්  ආයෝජනය කරන බව ද Huawei සමාගම මෙහි දී නිවේදනය කළේය.