Huawei සමාගමේ 2019 වර්ෂයේ ආදායම ඇ.ඩො. බිලියන 123 ඉක්මවයි – 19% ක වාර්ෂික වර්ධනයක්

Huawei සමාගමේ 2019 වර්ෂයේ ආදායම ඇ.ඩො. බිලියන 123 ඉක්මවයි – 19% ක වාර්ෂික වර්ධනයක්

පසුගියදා නිකුත් කල 2019 වර්ෂය සඳහා වූ Huawei සමාගමේ වාර්ෂික ගිණුම් වාර්තාවන්ට අනුව සමාගම මුල්‍යමය වශයෙන් විශාල ප්‍රගතියක් අත්පත් කර ගෙන ඇත. 2019 වර්ෂය සඳහා සමාගමේ ගෝලීය විකුණුම් ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 123 ක් (CNY බිලියන 858.8)  වූ අතර එය වාර්ෂිකව ගත් කල 19.1% ක ඉහළ වර්ධනයකි. සමාගමේ ශුද්ධ ලාභය ඇමරිකානු ඩොලර් බිලියන 9 ක් (CNY බිලියන 62.7 ක්) ලෙස වාර්තා වූ අතර සමාගමේ මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් ජනනය කරන ලද මුදල් ප්‍රවාහය ඇමරිකානු ඩොලර් බිලියන 13.1 ක් (CNY බිලියන 91.4 ක්) දක්වා ඉහළ ගොස් ඇති අතර එය වාර්ෂිකව 22.4% ක වර්ධනයකි. තවද සමාගමේ දිගු කාලීන තාක්‍ෂණික, නවෝත්පාදන හා පර්යේෂණ ක්‍රියාකාරකම් සඳහා Huawei විසින්  2019 වර්ෂයේ ආදායමෙන් 15.3% ක් හෙවත් ඇමරිකානු ඩොලර් බිලියන 18.8 ක් නැවත ආයෝජනය කිරීමට තීරණය කරන ලද අතර පසුගිය දශකයක කාලය තුළ සමාගමේ මුළු පර්යේෂණ හා සංවර්ධන වියදම් ඇමරිකානු ඩොලර් බිලියන 85.9 ඉක්මවා ඇත.

මෙම විශිෂ්ඨ මුල්‍ය සාර්ථකත්වය පිළිබඳ අදහස් දක්වමින් Huawei සමාගමේ වර්තමාන සභාපති එරික් ෂූ මෙසේ පවසා සිටියේය. “2019 වර්ෂය අප සියලු දෙනාට ඉතා වැදගත් මෙන්ම අභියෝගවලින් පිරිපුන් වසරක් ලෙස මා දකිනවා.  වෙළද පොළ පීඩනය හමුවේ අපගේ ගණුදෙණු කරුවන්ට සහ හවුල් කරුවන්ට වටිනාකම් නිර්මාණය කිරීමේ කාර්යේ අපි අඛණ්ඩව නිරත වූ අතර ඔවුන්ගේ ගෞරවය සහ විශ්වාසය දිනා ගැනීම වෙනුවෙන් අප ඉතා වෙහෙස මහන්සි වී වැඩ කටයුතු සිදු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම සාර්ථකත්වය මම දකිනවා”

2019 වර්ෂයේදී Huawei හි carrier business අංශය 5G හඳුන්වා දීමේ මෙහෙයුම් වල අඛන්ඩව නිරත වූ අතර, වාණිජමය වශයෙන් 5G යෙදවුම් භාවිතය වර්ධනය කිරීම සහ ඒ ආශ්‍රිත නවෝත්පාදනය දිරිමත් කිරීම සඳහා සමාගම විසින් ඒකාබද්ධ 5G නවෝත්පාදන මධ්‍යස්ථාන ලොව පුරා දියත් කරන ලදී. තවද Huawei’s RuralStar base station විසඳුම් තුළින් ග්‍රාමීය මට්ටමේ ප්‍රදේශ වල නෙට්වර්ක් සහ ආවරණ ගැටළු සඳහා විසඳුම් සැපයීමට සමාගම ක්‍රියා කරන ලදී. දැනට මෙම විසඳුම් රටවල් 50 කට අධික සංඛ්‍යාවක භාවිතා වන අතර ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන මිලියන 40 කට අධික ජනතාවකට අන්තර්ජාල පහසුකම්  ගෙන එයි. 2019 වර්ෂයේ දී, මෙම ව්‍යාපාර අංශයේ විකුණුම් ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 42.5 ක් (CNY බිලියන 296.7) දක්වා ළඟා වූ අතර එය වසරින් වසර ගත් කල 3.8% ක වර්ධනයකි.

Huawei Enterprise ව්‍යාපාර අංශයද මෙවර බිලියන 12.8 (CNY බිලියන 89.7) ක් අදායමක් කරා ළඟා වූ අතර එය වසරින් වසර ගත් කල 8.6% ක වර්ධනයකි. මෙම අංශය මගින් විවිධ කර්මාන්ත වල ඩිජිටල් පරිවර්තනය සඳහා අඛණ්ඩව සහය දක්වන අතර ගෝලීයව ගත් කල Fortune Global ආයතන 500න් 228ක්ම Huawei සිය ඩිජිටල් පරිවර්තන සහකරු ලෙස තෝරා ගෙන ඇත. තවද 2019 වර්ෂයේදී Huawei විසින් බුද්ධිමත් ලොවක් යන තේමාව යටතේ සිය computing උපායමාර්ගය දියත් කරන ලද අතර මේ හරහා සමාගම ලොව වේගවත්ම AI ප්‍රොසෙසරය වන ඇසෙන්ඩ් 910 සහ AI training cluster Atlas 900 දියත් කරන ලදී.

Huawei consumer ව්‍යාපාර අංශයද ස්මාර්ට් දුරකථන ඒකක මිලියන 240ක් නැව් ගත කිරීමෙන් පසුව මෙවර ඉහළ වර්ධනයක් අත් පත් කර ගත් අතර, 2019 වර්ෂයේදී  එම අංශයේ  විකුණුම් ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 66.9ක්  (CNY බිලියන 467.3) දක්වා ළඟා විය. එය වාර්ෂිකව ගත් කල 34% ක වර්ධනයකි.

“ඉදිරියේදී වෙළද පොළ ඉතා තරඟකාරී වන අතර, අපගේ නිෂ්පාදන හා සේවාවන්හි තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම,  නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීම සහ අපගේ ගනුදෙනුකරුවන්ට සහ සමාජයට විශාල වටිනාකමක් ලබා දීම අප විසින් කළ යුතුය. මෙහිදී ගණුදෙණු කරුවන්ට තරගකාරී නිෂ්පාදන සහ සේවා ලබා දීමට අප නිරන්තරයෙන්ම කැප වී සිටිනවා” ෂූ පවසා සිටියේය

2019 වාර්ෂික වාර්තාවේ සියලුම මූල්‍ය ප්‍රකාශන ස්වාධීනව විගණනය කරන ලද්දේ KPMG සමාගම විසිණි.  2019 වාර්ෂික වාර්තාව ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා  www.huawei.com/en/press-events/annual-report/2019 වෙත පිවිසෙන්න.