Colombo Expats Cultural Association වෙතින්  ළමා ආරක්ෂණ නිවාස වල වෙසෙන දරුවන්ගේ ජිවිත වලට නව අරමුණක්

Colombo Expats Cultural Association වෙතින් ළමා ආරක්ෂණ නිවාස වල වෙසෙන දරුවන්ගේ ජිවිත වලට නව අරමුණක්

ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය යන රට වලින් පැමිණි 160 කට ආසන්න පිරිසකගෙන් සැදුම් ලත් ශ්‍රී ලංකාව තුල පවතින විචිත්‍රවත් ප්‍රජාවකින් සමන්විත Colombo Expats Cultural Association විසින් ලංකාව තුල පවතින ළමා නිවාස  විශාල ප්‍රමාණයක් අතුරෙන් තෝරාගත් දරුවන් 60 දෙනෙකු සඳහා දීප ව්‍යාප්ත චිත්‍ර තරඟයක් සංවිධානය කිරීමට යයි. ඔවුන් මෙම ක්‍රියාවලියෙහි දෙවන අදියරෙහි සිටින අතර අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය, පරිවාස හා ළමා ආරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු අනෙකුත් සහයෝගිතාවය දක්වන ආයතන වන Facia, Taj Samudra Colombo, Coca-Cola Sri Lanka, Anilana Hotels & Properties PLC, Trident Corporation, Asian Paints Causeway, Lanka IOC, Dialog Axiata, BookMyShow, Nestle Lanka, Diamond Cutters Limited, B R De Silva & Co, House of Fashion, 3 Star Labour and Machinery Supply Co., Kings Hospital, Far Shipping Agencies Pvt Ltd and CEAT Kelaniයන ආයතන සමුහයක දායකත්වය තුලින් මෙය සිදුකරනු ලැබීමට නියමිතයි.

මෙම ක්‍රියාවලියේ ප්‍රථම අදියර 2020 වසරේදී  covidතත්ත්වය නිසා සිදු වූ රට වසා දැමීම අතරතුර සිදු කරන ලද චිත්‍ර ප්‍රදර්ශනයක් වන අතර දිවයින පුරා ළමා නිවාස 369 කින් ළමුන් 4,375 ක් එයට සහභාගී වූ අතර, විවිධ වයස් කාණ්ඩ වලින් තෝරාගත් ජයග්‍රාහී සිතුවම් 60 ක් සුබ පැතුම් පත් මත මුද්‍රණය කර විකුණන ලද අතර ඉන් ලද  ආදායම ළමා ආරක්ෂණ නිවාසවල ජීවත්වන දරුවන්ගේ සුභසාධනය සඳහා යොදවන ලදී.

මෙම උදාර මුලපිරීම තුලින් දරුවන්ට ත්‍යාග පිරිනැමීමට සුදානම්ව සිටින අතරම ඔවුන් දකින ලෝකයට අමතරව කැපවීමෙන් අධිෂ්ටානයෙන් කටයුතු කිරීම තුලින් ඔවුනට ඔවුනට අත්පත් කර ගත හැකි සුන්දර ලොවක් ඇති බව යන පණිවිඩය ඔවුනට ලබාදීමද ඔවුන්ගේ අරමුණ වේ. මෙම දෙවන අදියරේදී ජයග්‍රාහී දරුවන් 60 දෙනා අප්‍රේල් 10 වන දින කොළඹට රැගෙන විත්  ඔවුන්ට රාත්‍රියක් ටජ් සමුද්‍රා හෝටලයේ ගතකිරීමට අවස්ථාව ලබා දී  ඔවුන් කොළඹ නගරයේ  චාරිකාවකට රැගෙන යාමට සහ Scope සිනමා ශාලාවේ අනුග්‍රහයෙන් චිත්‍රපටයක් රසවිදිමටද අවස්ථාව ලබාදීමට නියමිතය. මෙවරද  චිත්‍ර  තරඟයක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර  මිනිත්තු 30 ක සංස්කෘතික වැඩසටහනක් කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන CECA ළමුන් සහ Swami Vivekananda සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සිදු කරනු ලැබේ. එම චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයින්ට වැඩිහිටිභාවයට පත්වීමෙන් පසු ප්‍රයෝජනයට ගත හැකි විශේෂ පොලී අනුපාත යටතේ පෑන් ඒෂියා බැංකුව විසින් සපයනු ලබන දරුවන්ගේම ඉතුරුම් ගිණුම් ස්වරූපයෙන් සහතික සහ මුදල් ත්‍යාග ප්‍රදානය කෙරේ. මෙම කලා තරඟයට සහභාගී වන සියලුම දරුවන්ට වැඩිහිටිභාවයට පත්වීමෙන් පසු භාවිතා කළ හැකි විශේෂ ඉතුරුම් ගිණුමක මුදල් ත්‍යාග ලැබෙනු ඇත.

කොළඹ විදේශ සංස්කෘතික සංගමය (CECA) පිළිබඳව :

CECA යනු Capt. A. Banerjee ගේ  සභාපතිත්වයෙන්  යුතු  ක්‍රියාකාරී සාමාජිකයින් 160 කට වැඩි සංඛ්‍යාවකින් සමන්විත බහු සංස්කෘතික සංවිධානයකි.  ශ්‍රී ලංකා ප්‍රජාවට සේවය කිරීම සඳහා CSR ව්‍යාපෘති රාශියක් CECA විසින් සිදු කර ඇත. 2020 අපේ‍්‍රල් – මැයි කාලයේදී covidතත්ත්වය නිසා සිදු වූ රට වසා දැමීම අතරතුර  CECA විසින් බස්නාහිර  පළාතේ විවිධ දරුවන්ගේ නිවාස 52 කට වියළි සලාක සැපයීමද නත්තල් සමයේදී ළමුන්ගේ නිවෙස් සඳහා සෙල්ලම් බඩු සහ ඇඳුම් බෙදා හැරීමේ වැඩසටහනක් CECA පසුගිය වසරේ “සැන්ටා රිටර්න්ස්” නමින් ආරම්භ කරන ලදී.