විශේෂිත ගොල්ෆ් මාදිලියක් සමඟ එන Huawei Watch GT2 Pro

විශේෂිත ගොල්ෆ් මාදිලියක් සමඟ එන Huawei Watch GT2 Pro

Huawei Watch GT2 Pro යනු ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei විසින් හඳුන්වා දුන් නවතම ස්මාර්ට් වොච් එක වේ.   සෞඛ්‍යය, ක්‍රීඩා, විනෝදාස්වාදය සහ එදිනෙදා ක්‍රියාකාරකම් වැනි ජීවිතයේ සෑම අංශයක්ම වැඩිදියුණු කරන විශේෂාංග රැසකින් යුත් නවීන තාක්‍ෂණයෙන් මෙම ඔරලෝසුව සමන්විත වේ.  

Huawei Watch GT2 Pro අඟල් 1.39 ක AMOLED ස්පර්ශක තිරයක් සහිත අතර එහි  බල බොත්තමක් (power button) සහ ක්‍රියාකාරී බොත්තමක් (Function button) ඇත. එහි ප්‍රධාන රාමුව ටයිටේනියම් වන අතර එහි මුහුණත sapphire crystal වලින් සාදා ඇති අතර, එම  නිසා ඉතා සුන්දර නිමාවක් මෙයට ලැබී ඇත. මෙම ස්මාර්ට් වොච් එක ඉතා සැහැල්ලු වන අතර එහි බර  ග්‍රෑම් 52 (පටි  රහිතව) වේ. Huawei Watch GT2 Pro පැළදීම ඉතා පහසු වන අතර ජලයට ඔරොත්තු දීමේ හැකියාවද පවතී.

Huawei Watch GT2 Pro විසින්  fitness technology හි  විප්ලවීය වෙනසක් සිදු කරයි. කඳු නැගීමේ මාදිලිය, එළිමහන් ධාවනය, ඔරු පැදීම, සර්ෆින් සහ ටෙනිස් වැනි ක්‍රියාකාරකම්ද  “ව්‍යායාම ක්‍රම” 100 කට අධික සංඛ්‍යාවක්ද  මෙහි අන්තර්ගතය. Huawei Watch GT2 Pro ස්මාර්ට් වොච් එක මගින් හෘද ස්පන්දන වේගය, සාමාන්‍ය වේගය, උපරිම බෑවුම, හිම මත ලිස්සා යාම සදහා විශේෂ වූ වැඩසටහන් ලබාදෙන අතර AI පද්ධතියක් මගින් එම දත්ත ව්ශ්ලේෂණය කරමින් වඩා නිරවධ්‍ය වූ වර්ධන ක්‍රමෝපායන් යෝජනා කරයි .

Huawei Watch GT2 Pro සිය නව ගොල්ෆ් මාදිලිය මගින් පුද්ගලික ගොල්ෆ් පුහුණුකරුවෙකු ලෙස ක්‍රියාත්මක වෙමින් golf ක්‍රීඩාවේ යෙදෙන්නන්ගේ  swing posture ,swing speed, frequency වැඩි දියුණු කිරීම සඳහා යෝජනා ලබා ගන්නා අතරම පරිශීලකයන්ට එම ඉරියව්ව විශ්ලේෂණය කරමින් දුර්වල හා සාර්ථක හැකියාවන් පිළිබද නිගමනයන් ලබාදේ. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Golf Pro බවට පත්වීමට අවශ්‍ය සහය ඔබට ලබාදේ.

Huawei Watch GT2 Pro පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ Huawei උපාංග ප්‍රධානී පීටර් ලියු මහතා මෙසේ පැවසීය. “Huawei Watch GT2 Pro හි පරිශීලකයාගේ සිතැගි ලෙස තෝරා ගැනීම සඳහා ඔරලෝසු මුහුණු 200 කට වඩා ඇත. උසස් තත්ත්වයේ හා අධි තාක්‍ෂණික ස්මාර්ට් ඔරලෝසුවක් සොයන වෘත්තිකයින්ට සහ විධායකයින්ට ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ  දැමීමට මෙම Huawei Watch GT2 Pro හැකිවනු ඇතැයි අප විශ්වාස කරමු.”

AI ඇල්ගොරිතම සමඟ බල ගැන්වෙන මෙම ස්මාර්ට් ඔරලෝසුව රුධිර ඔක්සිජන් සන්තෘප්තිය (SpO2) හෝ හෘද ස්පන්දන වේගය පැය 24 ක් නිවැරදිව මනින අතර බලශක්ති පරිභෝජනය ඵලදායී ලෙස අඩු කරයි. Huawei TruSleep තාක්‍ෂණය සමඟින් GT2 ස්මාර්ට් ඔරලෝසුවට හොඳ නින්දක් සඳහා යෝජනා සපයන අතරම පොදු නින්දේ ගැටළු විද්‍යාත්මකව සොයා ගැනීමට සහ හඳුනා ගැනීමට අවස්ථාව සපයයි.  Huawei TruRelax තාක්‍ෂණයේ සහාය ඇතිව එහි ආතතිය අධීක්‍ෂණය කිරීමේ අංගය අධික වැඩ බරක් ඇති පරිශීලකයින්ට ආතතිය පාලනය කිරීම සඳහා වඩාත් සුදුසු වන අතර එය ආතති මට්ටම් මුදා හැරීම සඳහා හුස්ම පුහුණුව වැනි යෝජනා සපයයි. Huawei Watch GT2 Pro හි GPS විශේෂාංගය ගමන් මාර්ගය ඉතා නිවැරදිව සටහන් කරන අතර නැවත එම මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය විට ඒ සදහා අවශ්‍ය සහය ලබාදේ.

Huawei Watch GT2 Pro අතේ ඇති හෙයින්, පරිශීලකයින්ට ව්‍යායාම හා ක්‍රීඩා වල යෙදෙන අතරතුර දුරකථනය නොමැති වුවද ඇමතුම් ලබාගැනීමේ හැකියාව ලබාදේ . එහි 4GB Memory  සමඟින්, ගීත 500 ක් දක්වා ගබඩා කිරීමේ හැකියාව ඇති අතර එමඟින් පරිශීලකයින්ට දුරකථනය නොමැතිව සංගීතයට සවන්දිය  හැකි අතර ඔවුන්ට ඇමතුම් ලැබීමට, ප්‍රතික්ෂේප කිරීමට හෝ නිශ්ශබ්ද කිරීමට  දුරකථනයේ බ්ලූටූත් සම්බන්ධතාවය උපකාරි වේ.

ස්මාර්ට් ඔරලෝසුව Huawei Share පහසුකමද ලබාදෙන අතර එමඟින් පරිශීලකයන්ට සංගීතය සහ ඡායාරූප වැනි දත්ත මාරු කිරීමටද  ඉඩ සලසයි, එවිට ඔරලෝසු මුහුණ ප්‍රියතම ඡායාරූප සමඟ රිසිකරණය කර සංගීතයට සවන් දීමටද ඔවුන්ට හැකි වේ. දුරස්ථ පාලකයක් ලෙසද මෙම ස්මාර්ට් වොච් එක ක්‍රියාකරන අතර දුරකථනය මගින් චායාරුප ගැනීමද මෙමගින් පාලනය කල හැක .

Wireless charge කිරීමේ  පහසුකම පවතින මෙම උපාංගය සහ reverse charging පහසුකමද සලසයි. මිනිත්තු පහක රැහැන් රහිත ඉක්මන් Wireless charge කිරීම මගින් පැය 10 ක් භාවිතා කළ හැකි අතර සම්පූර්ණයෙන්ම charge කළ විට එය දින 14 ක් පමණ පවතී.

Huawei Watch GT2 Pro රු. 54,999.00 මිළකට සියලුම Huawei Experience Centers, දිවයින පුරා සිංගර් ප්‍රදර්ශනාගාර වලින්, Daraz.lk හා Singer.lk වෙතින්ද මිලදී ගත හැකි වෙයි.