රාණි සඳුන් ශ්‍රී ලාංකික  උරුම පෞද්ගලික සනීපාරක්ෂක  සන්නාමය වෙතින්  “රාණි සඳුන්  වාසනා වරමේ”  ජයග්‍රාහකයින් අගයයි

රාණි සඳුන් ශ්‍රී ලාංකික උරුම පෞද්ගලික සනීපාරක්ෂක සන්නාමය වෙතින් “රාණි සඳුන් වාසනා වරමේ” ජයග්‍රාහකයින් අගයයි

ස්වදේශී කර්මාන්තායතනය, විශ්වාසනීය රාණි සඳුන් පාරිභෝගිකයන් ඇගයීමේ අරමුණින් දියත් කළ රාණි සඳුන් වාසනා වරම ප්‍රවර්ධන වැඩසටහනෙහි රන් මාල දිනා ගත්  ජයග්‍රාහකයන් මෑතක දී ප්‍රකාශයට පත් කර කෙරුණි.

යූ. මාරියන් ප්‍රනාන්දු (මාරවිල), ඩබ්.ඩී සමරකෝන් (අනුරාධපුර), නදීෂා දීප්ති ජයතිලක (මැල්සිරිපුර), එච්. පුෂ්පා මාලනී (මැදිරිගිරිය), රෂ්මි මදුෂාලි (වැලිපැන්න), ටී.ඩී. මාලනී ප්‍රියන්තිකා (අම්පාර) යන ජයග්‍රාහකයින් සය දෙනා වෙත  කැරට් 22 රන් මාල ප්‍රදානය කරන ලදි.

පසුගිය වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසයන් හි දී ක්‍රියාත්මක වූ රාණි සඳුන් වාසනා වරම වෙත විශාල ලෙස ප්‍රතිචාර හිමිව තිබූ අතර කුසපත් ඇදීමෙන් ජයග්‍රාහකයින් තෝරා ගන්නා ලදි. රන් මාල ප්‍රදානය හැරුණු විට, සති 06ක ප්‍රවර්ධන කාලය තුළ රෙදි සෝදන යන්ත්‍ර 06ක්, මයික්‍රොවේව් උදුන් 06ක්, ගෑස් උදුන් 06ක් සහ රාණි තෑගි පාර්සල් 84ක් ද ලෙසින් තෑගි පිට තෑගි ප්‍රදානය කරන ලදි.

“රාණි සඳුන් සමගින් දිගු කාලයක පටන් විශ්වාසයෙන් බැඳී සිටින පාරිභෝජිකයන් වෙත කරන්නා වූ උපහාරයක් ලෙසින් ඔවුනට මෙසේ ත්‍යාග ප්‍රදානය කිරීමට ලැබීම අපට ඉමහත් සතුටක්. මෙම වැඩසටහන වෙනුවෙන් අප ලැබූ උණුසුම් ප්‍රතිචාර තවත් තරඟ වටයක් පැවැත්වීම වෙනුවෙන් අවශ්‍ය පසුබිම සකසනවා. බොහෝ ජන ප්‍රසාදය මෙන්ම ඉහළ ඉල්ලුමක් දිනා ගත් රාණි සඳුන් මෙම ප්‍රවර්ධන වැඩසටහනෙහි ප්‍රමුඛයායි.  සඳුන් අඩංගු රාණි සඳුන් යුවතියන්ගේ රුව වඩන සන්නාමයක් ලෙස යුවතියන් අතර වඩාත් කැපී පෙනෙනවා.” යනුවෙන් ස්වදේශී  හි ප්‍රකාශකයෙකු සිය අදහස් දැක්වීය.”

රාණි සඳුන් ‍යුවතියන්ගේ ලස්සන වීමේ අභිලාසයන් සපුරාලන ගමනේ දී, සම සුමුදු, සුසිනිදු කරමින් නිරෝගී, දිදුලන,  හා කාන්තිමත් සමක් පවත්වා ගෙන යාමට උපකාර කරයි.  ශ්‍රී ලංකාවේ රුව වඩන සබන් අතර රැජිණ ලෙස දශක 08ක කාලයක් පුරා විශ්වාසනීය සන්නාමයක් ලෙස අඛණ්ඩව කිරුළු දරයි. රාණි සඳුන් මේ වන විට විදෙස් වෙළෙඳ පොළේ ද පිළි  ගැනීමට ලක්ව ඇත.

ශ්‍රී ලංකාවේ ශාකසාර සබන් නිෂ්පාදනය කළ පළමු සමාගම වන්නේ ස්වදේශී කර්මාන්තායතනයයි.  මෙහි නවෝත්පාදන හා පර්යේෂණ  පදනම් කර ගත් සංවර්ධනය නිසාවෙන්  සබන් නිෂ්පාදන රැසක්  ප්‍රථම වරට ක්ෂේත්‍රයට හදුන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට නිෂ්පාදිත සබන් බවට ද පත් වෙමිනි. ඒ ප්‍රථම රුව වඩන හා සඳුන් සබන් නිෂ්පාදනය වන රාණි සඳුන් සබන්, ප්‍රථම ශාකසාර සබන් – කොහොඹ සහ ප්‍රථම ශාකසාර ළදරු නිෂ්පාදන පෙළ කොහොඹ බේබි, වශයෙනි. ස්වදේශී හි ප්‍රමුඛ සන්නාමයන්ට කොහොඹ ශාකසාර, රාණි සඳුන්, කොහොඹ බේබි, ලිට්ල් ප්‍රින්සස්, පර්ල්වයිට්, ලක් බාර්, ලේඩි, බ්ලැක් ඊගල් පර්ෆියුම් සහ ස්වදේශී බොඩි වොෂ් සහ ෂවර් ජෙල් නිෂ්පාදන පෙළ අන්තර්ගත වේ.

ස්වදේශී කර්මාන්තායතනය ISO 9001: 2015 සහතික ලත් සමාගමක් වන අතර, හොඳම සෞඛ්‍යාරක්ෂිත ශාකසාර  මිශ්‍රන භාවිත කරන අතර, නිෂ්පාදන සඳහා යොදා ගන්නා සෑම අමුද්‍රව්‍යයක්ම, පුළුල් ලෙස පර්යේෂණවලට භාජනය කරමින් නිෂ්පාදන කටයුතු සිදු කරන සමාගමකි. සියලු ස්වදේශී නිෂ්පාදන 100% ක් ශාකසාර වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි.

Photo Caption: ස්වදේශී කර්මාන්තායතනයේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වය සහ රාණි සඳුන් වාසනා වරමින් රන් මාල දිනා ගත් ජයග්‍රාහකයන්