බිග් බැඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය නැවත වරක් ඔන්ලයින් මඟින් පැවැත්වේ

බිග් බැඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය නැවත වරක් ඔන්ලයින් මඟින් පැවැත්වේ

වාර්ෂිකව ශ්‍රී ලාංකිකයින් අතරට පැමි‍ණෙන ඔවුන්ගේ ප්‍රියතම වෘකයා වන බිග් බැඩ් වුල්ෆ් දෙවන වරටත් ඔන්ලයින් පොත් ප්‍රදර්ශනයක් ලෙසින් ඔවුන්ගේ පස්වන ලංකාගමනය සනිටුහන් කරමින් ශ්‍රී ලාංකීය පොත් ලෝලීන් වෙත පැමිණීමට නියමිතය. බිග් බෑඩ් වුල්ෆ් ලංකාවට පැමිණීමට ඉතාමත් සුළු කාලයක් පවතින අතර මෙවර ඔවුන්ගේ පොත් ලෝලීන්ට නැවුම් අත්දැකීමක් ගෙන ඒමට ඔවුන් සැදී පැහැදී සිටි. 2021 මැයි 5 වැනිදා සිට 12 වැනිදා දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිත අතර මෙවරද අති උත්කර්ශවත් අන්දමින් සහනදායී මිලට පොත් මිලදී ගැනීමේ හැකියාව පොත් ලෝලීන්ට ලබාදීමට නියමිතය.

පුරා වසර දෙකක් පුරාවටම පොත් ප්‍රදර්ශනය ඔන්ලයින් ආකාරයෙන් පැවැත්වීමට හේතුව වුයේ ලංකාවාසී පොත් ලෝලීන්ට ආරක්ෂිතව සහ සුවපහසු අන්දමින් පොත් ප්‍රදර්ශනය රසවිදීමට ඉඩ සැලසීමත්, ඒ අතරම ජාත්‍යන්තර සංචාරක නීති සහ සීමාවන් තවමත් කොවිඩ් තත්වයට පෙර පැවති ආකාරයට සකස් වී නොමැති වීමත්ය. එසේම ගිය වසරේ පැවති පොත් ප්‍රදර්ශනය තුලින් අවධාරණය  වූ කරුණක් වුයේ ලංකාවාසී පොත් ලෝලීන් බිග් බෑඩ් වුල්ෆ්ව ඔන්ලයින් ස්වරුපයෙන් මුණ ගැසීමට වඩාත් කැමැත්තක් දක්වන බවයි.

ගිය වර පැවති  පොත් ප්‍රදර්ශනය තුලින් ලද අත්දැකීම් තුලින් මෙවර ප්‍රදර්ශනය ඊට සාපේක්ෂව සියලු අංගයන්ගේ වැඩිදියුණු කිරීම් සහ වෙනස්කම්  සහිතව නැවුම් ආකාරයකින් පැවැත්වීමට කටයුතු සලසා ඇත.

මෙවරද බිග් බැඩ් වුල්ෆ් ඔන්ලයින් පොත් ප්‍රදර්ශනය 50,000 කට වඩා වැඩි නවතම ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රබන්ධ, හොදම අලෙවියක් සහිත, සාහිත්‍යය, ප්‍රබන්ධ නොවන, ව්‍යාපාර, ආහාර වට්ටෝරු පොත්, චිත්‍ර සහ නිර්මාණ මෙන්ම නව ඉංග්‍රීසි පොත් 90% ක දක්වා වූ වට්ටම් සහිතව ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

ඒ අතරම මෙවර පැය 24 පුරාම මිලදී ගැනීමේ යෙදිය හැකි ආකාරයට සියල්ල සකස්කොට තිබෙන අතර කාර්යක්ෂම නිවසට ගෙන්වා ගැනීමේ ක්‍රමයක් අනුගමනය කිරීමට නියමිතය.

ඊට අමතරව සිය වෘක පිරිවරට ආරක්ෂිත සහ පහසු ගෙවීමේ ක්‍රමයක් සැපයීමේ අරමුණින් මෙවර බිග් බැඩ් වුල්ෆ් සිය නිල බැංකු සහකරු ලෙස සම්පත් බැංකුව තෝරාගෙන ඇත.

එසේම පොත් ලෝලීන්ට මෙවර බිග් බැඩ් වුල්ෆ්හි නිල රේඩියෝ සහකරුවන වන Lite 87 සහ TNL Radio වෙතින් පවත්වනු ලබන විවිධ තරඟ සදහා සහභාගී වීමට අවස්ථාවද උදාවනු ඇත.

බිග් බැඩ් වුල්ෆ් විසින් ඔවුන්ගේ පොත් ලෝලී සෑම සියලු දෙනාටම ආරාධනා කර සිටින්නේ ළඟ ළඟම  පැමිණෙන පොත් ප්‍රදර්ශනය පිළිබඳව වැඩිදුර විස්තර බලාපොරොත්තුවෙන් සිටින ලෙස ය.