නවතම Huawei Y7P සඳහා දීප ව්‍යාප්ත සේවා මධ්‍යස්ථාන තුළින් විශිෂ්ඨ සේවාවක්

නවතම Huawei Y7P සඳහා දීප ව්‍යාප්ත සේවා මධ්‍යස්ථාන තුළින් විශිෂ්ඨ සේවාවක්

ජංගම දුරකථන තාක්ෂණයේ නවොත්පාදකයන් වන Huawei විසින්  සිය Y පරපුරේ ස්මාර්ට් ජංගම දුරකථන මාදිලි පෙළ  අතරට නවතම Y7P ස්මාර්ට් දුරකථනය හඳුන්වා දීම පසුගියදා සිදු කරන ලදී. වෙළද පොළ වෙත හඳුන්වා දීමත් සමඟ ඉහළ පාරිභෝගික ආකර්ෂණයකට ලක් වූ Y7P එදිනෙදා ජංගම දුරකථන කාර්යයන් සඳහා වඩාත් උචිත සහ ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් සුවිශේෂී ස්මාර්ට් දුරකථන මාදිළියකි.

Huawei ස්මාර්ට් දුරකථනය මිලදී ගන්නන් සඳහා විශේෂ වරප්‍රසාදය රැසක් සපයන Huawei විසින් සියලුම Y7P දුරකථන  පරිශීලකයන් සඳහාම ඔවුන්ගේ දීප ව්‍යාප්ත සේවා ජාලය තුල විශේෂ අලෙවියෙන් පසු සේවා රැසක් සැපයීමට කටයුතු යොදා තිබේ.  බම්බලපිටිය, මහරගම, අනුරාධපුරය, නුවර, ගාල්ල සහ යාපනය ඇතුළු ප්‍රදේශ 06ක ව්‍යාප්ත වී ඇති Huawei සේවා මධ්‍යස්ථාන හරහා මෙම සුවිශේෂී සේවාවන් ඉහළ තාක්ෂණික පුහුණුවක් ලැබූ Huawei කාර්ය මණ්ඩලය හරහා ලබා ගැනීමට සියලුම Y7P පරිශීලකයන්ට අවස්ථාව හිමි වේ.  තවද නවතම උපාංග, තාක්ෂණය, සහ උපකරණ තුලින්  ඉහළ කාර්යක්ෂම සේවාවක් සියලුම පරිශීලකයින් වෙත ලබා දීම සඳහා සියලුම Huawei සේවා මධ්‍යස්ථාන කැපවී සිටී. 

මේ පිළිබඳ සිය අදහස් දක්වමින් Huawei මෙරට ප්‍රධානී පීටර් ලියු මහතා මෙසේ සඳහන් කර සිටී ” මෑතකදී වෙළද පොළට හඳුන්වා දුන් Huawei Y7P ඉහළ කාර්යක්ෂමතාවයකින් සහ අසම සම විශේෂාංග රැසකින් සමන්විත ස්මාර්ට් දුරකථන මාදිලියක්. පරිශීලකයාට උසස් ජංගම දුරකථන අත්දැකීමක් ලබා දීම අපට ඉතා වැදගත් වන අතර ඒ හේතුවෙන් මෙලෙස ඔවුන් වෙනුවෙන්ම අප සේවා මධ්‍යස්ථාන තුල විශේෂ සේවා කලාප ඇති කිරීමට හැකි වීම පිළිබඳ අප සතුටට පත් වනවා. මේ හරහා ඕනෑම Huawei Y7P ස්මාර්ට් දුරකතනයක් තුල පැන නැගෙන දෝෂ සහ ගැටළු ඇත්නම් ඒ සඳහා පිළියම් කඩිනමින් ලබා ගැනීමට මෙම සේවා මධ්‍යස්ථාන හරහා හැකි  වනවා. තවද කිසිදු ආකාරයේ කාලය පිළිබඳ ගැටළුවක් ඇති නොවන ආකාරයෙන් ඉතාමත් කඩිනමින් මෙම සියලු සේවාවන් ලබා ගැනීමේ පහසුව පිණිස same day courier collections” සහ “same day repair and return” යන විශේෂ සේවාවන් ද්විත්වයක්ද දියත් කර තිබෙනවා.  මෙම සේවාවන් ලබා ගැනීම උදෙසා සේවා මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස සියලුම Huawei පාරිභෝගිකයින් වෙත මා ආරාධනා කර සිටිනවා”

සේවා මධ්‍යස්ථාන වෙත වැඩි දියුණු කිරීම් සඳහා ලබා දෙන සියලුම ස්මාර්ට් දුරකතන අදාළ වැඩි දියුණු කිරීම් සිදු කිරීමෙන් පසුව සේවා දායකයාට පහසු එකතු කිරීමේ මධ්‍යස්ථානයක් වෙත ලබා දීමට විශේෂ කුරියර් සේවාවක්ද සේවා මධ්‍යස්ථාන තුල දියත් කර තිබෙනවා. මේ හරහා සවස 3ට පෙර Huawei සේවා මධ්‍යස්ථාන වෙත බාර දෙන දුරකථන වැඩි දියුණු කිරීම් වලින් පසු එදිනම පරිශීලකයා අතට පත් වේ.  තවද දින තුනක් වැනි කෙටි කාල සීමාවක් ඇතුලත පරිශීලකයාට සිය ස්මාර්ට් දුරකථන අදාල එකතු කිරීමේ මධ්‍යස්ථාන තුලින් ලබා ගැනීමේ හැකියාව same day repair and return සේවාව මඟින් හිමි වේ. 

ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට නවතම ස්මාර්ට් දුරකථන අත්දැකීමක් ළඟා කරලීම සඳහා Y7P තුලට Huawei AppGallery හඳුන්වා දී ඇත. මෙය සියලුම පරිශීලකයින්ට අලුත් අත්දැකීමක් වන හෙයින් ඒ පිළිබඳව සිදු වන ඕනෑම ගැටළුවක් හෝ වෙනත් දැනගැනීමක් ඇත්නම් ඒ පිළිබඳ විශේෂ පළපුරුද්දක් ඇති සේවක මණ්ඩලය හරහා අසා නිරකරණය කර ගැනීමේ සුවිශේෂී අවස්ථාව පාරිභෝගිකයින්ට මෙම සේවා මධ්‍යස්ථාන තුලදී හිමි වේ. තවද මෙම මධ්‍යස්ථාන හරහා ඉතා අඩු මිලකට ඉහළ වගකීමක් සහිත ස්මාර්ට් දුරකථන උපාංග ලබා ගැනීමේ අවස්ථාවද හිමි වේ. 

ඉතා තියුණු, පැහැදිළි හා අලංකාර ඡායාරූප ලබා ගැනීම පහසු කිරීම සඳහා Intelligent rear කැමරා ත්‍රිත්වයකින්, 48MP ප්‍රධාන කැමරාවකින්, 8MP Ultra Wide Angle කැමරාවකින් සහ 2MP depth කැමරාවකින් Y7P සමන්විත වේ. තවද Y7Pහි සුවිශේෂී AI intelligent scene recognition තාක්ෂණය හරහා ස්වයංක්‍රීයව කාණ්ඩ 21ක් පුරා 500කට අධික දර්ශන ප්‍රමාණයක් තත්කාලීනව හඳුනා ගැනීමේ පහසුකම සපයයි. වඩාත් පුළුල් තිරයක අත්දැකීම පරිශීලකයාට ළඟා කරලීම සඳහා 90.15% screen-to-body ratio සහිත අඟල් 6.39 තරම් වූ punch hole display එකකින් Y7P යුක්ත වේ. තවද නවතම blind hole තාක්ෂණය මඟින් දුරකතනයේ ඉදිරිපස කැමරාව, එහි තිරයට යටින් පිහිටා ඇති අතර, ඒ හරහා කිසිඳු බාධාවකින් තොරව තිරය පරිහරණය කිරීමේ පහසුව පරිශීලකයාට හිමි වේ.

4GB RAM සහ 64 GB ROM සමඟින් එන Huawei Y7P එහි ඇති විශාල මතක ධාරිතාවය හේතුවෙන් වෙළඳපොල තුල දැඩි ආකර්ෂණයකට ලක් වනු බව කිව හැකි අතර, මේ හේතුවෙන් පරිශීලකයින්ට කිසිඳු බාධාවකින් තොරව applications කිහිපයක් වුවත් එක වර ක්‍රියාත්මක කිරීමේ හැකියාව හිමි වේ. EMUI 9.1 මඟින් Y7P බලගන්වා ඇති හෙයින් අවම බල වැයවීමක් සහ වේගවත් ක්‍රියාකාරීත්වයක්ද සනාථ කරයි.