නත්තලසැමරීම වෙනුවෙන්Pepsi®සිය නවතම වෙළෙඳ දැන්වීම සහ උත්සව ඇසුරුම එළිදක්වයි

නත්තලසැමරීම වෙනුවෙන්Pepsi®සිය නවතම වෙළෙඳ දැන්වීම සහ උත්සව ඇසුරුම එළිදක්වයි

Pepsi® සිය SWAG සංකල්පය මූර්තිමත් කරමින් උත්සව නිවාඩුව සමරයි

මෙවර නත්තල් උත්සවය සැමරීම වෙනුවෙන් විශේෂ ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කරමින්, Pepsi® නත්තල් උත්සව සමය ඉලක්ක කර ගත් සිය නවතම රූපවාහිනී දැන්වීම එළි දැක්වීම පසුගිය දා සිදු කෙරිණි. උත්සව සමයට සරිලන පානයක් ලෙසින්  Pepsi®  සතු ආකර්ෂණීය බව සහ නත්තලේ ප්‍රීතිමත් බව මනාව ගැබ් කොට නිර්මාණය කර ඇති මෙම නව දැන්වීම  මගින්  නත්තල සංකේතවත් කරන ප්‍රබලතම සන්නාමයක් වන නත්තල්සීයා සමඟ Pepsi® SWAG සංකල්පය බද්ධ කර ඇති අතර, මෙවර උත්සව සමය වෙනුවෙන් ම සුවිශේෂී වූ  PET බෝතලය හඳුන්වා දීමට ද විශේෂිත ය.

සජීවී Pepsi® දැන්වීම ආරම්භ වන්නේ සෑම දෙනාගේ ම ප්‍රියතම චරිතයක් වන නත්තල් සීයා, Pepsi® Cool ඇඳුමකින් සැරසී ගුවන් තොටුපළට ඇතුළු වීමේ දර්ශනයකිනි.  එහි දී නත්තල් සීයාගේ අසාමාන්‍ය නිවස වන උත්තර ධ්‍රැවය පිළිබඳ ව  දැන ගැනීමෙන් ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය මවිතයට පත් වෙති. එම පිරිස  විස්මයට පත් වූ බව නිරීක්ෂණය කරන නත්තල් සීයා ඔහුගේ චමත්කාරය සහ මායාව යොදා ගනිමින් Pepsi® බෝතලයක් හරහා සියලු දෙනා වශීකෘත කොට ආශ්චර්යවත් ලෝකයක් වෙත ඔවුන් ගෙන යයි. දැන්වීම අවසන් වන්නේ නත්තල් සීයා නව නත්තල් ඇසුරුමකින් යුත් Pepsi® තොල ගාමින්, සෑම දෙනාට ම Pepsi® බෝතලය බැගින් ලබා දීමෙනි.

මෙම නව රූපවාහිනී දැන්වීම පිළිබඳ ව අදහස් දක්වමින් PepsiCo හි ශ්‍රී ලංකා කලාපයේ  ජ්‍යෙෂ්ඨ අලෙවි අධ්‍යක්ෂ අනුජ් ගෝයල් මහතා පැවසුවේ, “වසර අවසාන උත්සව සමය පාරිභෝගික ජනතාව තම ආදරණීයයන් සමඟ එක් වී නත්තල සමරමින් සතුටු වන කාලයක්. මෙම නව ප්‍රචාරණ ව්‍යාපෘතිය  තුළින් අපි නැවත නැවතත් අවධාරණය කරන්නේ Pepsi® යනු මිතුරන් සහ පවුලේ අය සමඟ, ඕනෑ ම විටෙක දී, විශේෂයෙන් උත්සව අවස්ථාවල දී  භුක්ති විඳිය හැකි පානයක් බවයි.  අපගේ නව දැන්වීම තුළින්  සාම්ප්‍රදායික නත්තල් සීයා SWAG සංකල්පය සමඟ බද්ධ කරමින් ආස්වාද ජනක හැඟීමක් ජනිත කිරීමට අපි සමත් වෙලා තිබෙනවා. ඊට අමතර ව ඒ හරහා උත්සව සමය පුරා ප්‍රීතිය පැතිරවීමට අප අරමුණු කරනවා.” යනුවෙනි.

Pepsi® නව ප්‍රචාරණ ව්‍යාපෘතිය , ඩිජිටල්, එළිමහන් සහ සමාජ මාධ්‍ය යන මාධ්‍යන් හරහා සමාජගත කිරීමට සැලසුම් කර ඇති අතර, දිවයින පුරා පිහිටි වෙළඳසැල් හරහා මෙන් ම තෝරා ගත් ඊ-වාණිජ්‍ය වේදිකාවලින් ද අවශ්‍ය ප්‍රමාණවලින් ලබා ගත හැකි ය.

නිර්මාණාත්මක ආයතනය, LOOPS ඒකාබද්ධ වේ.

වීදියෝව වෙත යොමුව- https://youtu.be/M1TGu291jkM