චින්ට් එනර්ජි වෙත සුවිශේෂී ගෝලීය ජයග්‍රහණයක්

චින්ට් එනර්ජි වෙත සුවිශේෂී ගෝලීය ජයග්‍රහණයක්

ලොව ප්‍රමුඛ චින්ට් සන්නාමයේ විදුලි කාර්මික උපකරණ බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් නියෝජිතයා වන චින්ට් එනර්ජි සමාගම වෙත, පසුගියදා පැවැත්වුණු චින්ට් ගෝලීය සමුළුවේදී අලෙවිකරණ නවෝත්පාදනය සඳහා වූ ගෞරවනීය  සම්මානය ( Marketing Innovation Award) හිමි වී ඇත.

මෙවර චින්ට් ගෝලීය සමුළුව ඔන්ලයින් ක්‍රමයට සංවිධානය කර තිබුණු අතර,  ඒ සඳහා ලොව පුර විසිර සිටින චින්ට් හා බැඳුණු බලයලත් බෙදාහරින්නන් ඇතුළු පාර්ශවකරුවන් 150කට අධික ප්‍රමාණයක් සහභාගී විය.  අලෙවිකරණයේ විශිෂ්ටත්වය,  100% ක් වූ වෙළඳ පොළ වර්ධනය සහ ශක්තිමත් වෙළඳ පොළ කොටස හේතුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කල චින්ට් එනර්ජි විසින් මෙම ගෞරවනීය සම්මානය දිනා ගැනීමට සමත් විය. 

සම්ප්‍රදායික සහ ඩිජිටල් අලෙවිකරණ ක්‍රමවේදයන් මනා ලෙස සංකලනය කරමින් සිය අලෙවි උපායමාර්ගයන් වඩාත් කැපී පෙනෙන අන්දමින් භාවිත කිරීම චින්ට් එනර්ජි හි වෙළඳ පොළ කොටස වර්ධනයට තුඩු දුන් බව කිව හැකිය. තවද, දිනෙන් දින වර්ධනය වන චින්ට් අලෙවි නියෝජිත ජාලය සහ නිෂ්පාදනයන්  තුළ සිදුවන සුවිශේෂී වර්ධනය චින්ට් සන්නාමය කෙරෙහි ගනුදෙනුකරුවන් අතර පවතින විශ්වාසය ඉහළ නංවා ඇත.  මේ හේතුවෙන් විවිධ ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද සමාගමට 2020 වර්ෂයේදී ඉහළ වර්ධනයක් හිමි විය. 

මෙම සුවිශේෂී සම්මානය පිළිබඳ සිය අදහස් දක්වමින් චින්ට් එනර්ජි හි සභාපති ෆහාම් නෝමන් මහතා මෙසේ පැවසීය. 

“රටවල් 150ක් අතරින් ගෝලීය සම්මාන උළෙලකදී, ශ්‍රී ලංකාවට මෙම සුවිශේෂී ජයග්‍රහණය හිමි කර දීමට හැකිවීම පිළිබඳ අප නිහතමානීව ආඩම්බර වනවා.  මෙම සම්මානය පිටුපස සිටින්නේ ඉලක්ක වෙත දැඩි කැපවීමෙන් සහ කාර්යක්ෂම ලෙස හඹා යන අප සමාගමේ සේවක මණ්ඩලය කිවහොත් මා නිවැරදියි. ඔවුන් සියලු දෙනාගේ ජයග්‍රහණයක් ලෙස මෙම සම්මානය හැඳින්වීමට මා කැමතියි.  තවද, මෙම අසීරු කාල සීමාව තුලදී චින්ට් ග්ලෝබල් විසින් සියලුම බෙදාහරින්නන් සඳහා ලබා දෙන අඛණ්ඩ සහයෝගය අගය කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා”.

මේ පිළිබඳ අදහස් දක්වමන්  චින්ට් එනර්ජි හි කළමණාකාර අධ්‍යක්ෂ කාමිල් හුසේන් මහතා මෙසේ පවසා සිටී. “මෙම සම්මානය ජයග්‍රහණය කිරීම පිළිබඳ අප ආඩම්බරයට පත් වනවා මෙන්ම, මෙය අපට විශාල ගෞරවයක්. මෙම ගෝලීය සම්මාන උළෙලේ අළෙවිකරණ නවෝත්පාදනය අගයමින් ලබා දෙන එකම සම්මානය මෙය වීම නිසා අපට ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් අත්කර දීමට අවස්ථාව හිමි වුණා.  අපගේ දක්ෂ සේවක මණ්ඩලයට මෙම සම්මානයේ පුර්ණ අයිතිය හිමි වනවා”.

චින්ට් හි විකුණුම් හා අලෙවිකරණ කළමනාකරු නිලංග රත්නායක මහතාගේ නායකත්වයෙන් යුත් සමාගමේ විකුණුම් හා බෙදාහැරීමේ කණ්ඩායමේ දුරදක්නා දැක්ම චින්ට් සමාගමේ ඉහළ ප්‍රගතිය පිටුපස තිබෙන ප්‍රධාන බලවේගයයි. 

චින්ට් ග්ලෝබල් මඟින් 2019 වර්ෂයේදී ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් බෙදා හරින්නා ලෙස චින්ට් එනර්ජි පත් කළ අතර,   චින්ට් ගෝලීය දැක්ම ශ්‍රී ලංකාව තුළ ඉදිරියට ගෙන යාමට චින්ට් එනර්ජි සමාගම කටයුතු කරයි. චින්ට් එනර්ජි විසින් ස්විච්, සොකට්,  සර්කිට් බ්රේකර්ස්, ප්‍රොටේක්ෂන් ඩිවයිසස්, මෝටර් කන්ට්‍රෝල්,  කන්ට්‍රැක්ටර්ස්, සූර්ය බල ශක්ති උපාංග ඇතුළු ස්මාර්ට් එනර්ජි විසඳුම් රැසක් පාරිභෝගිකයාට ඉදිරිපත් කරයි.   සෑම චින්ට් නිෂ්පාදනයක්ම, පාරිභෝගිකයින්ට විශිෂ්ට විදුලි උපාංග මාදිලි පෙළක ප්‍රයෝජනය අත්විඳිය හැකි ලෙසින් ඉතාමත් තරගකාරී මට්ටමෙන් නිම කළ නිෂ්පාදන වේ. බෙදා හැරීමේ ස්ථාන 25 ක් හරහා මෙන්ම සුවිශාල අලෙවි කණ්ඩායමක් හරහා චින්ට් නිෂ්පාදන දිවයින පුරාම මිලදී ගැනීමේ හැකියාව පවතී. චින්ට් නිෂ්පාදන පහසුවෙන් එකම ස්ථානයකදී මිලදී ගැනීම සඳහා  චින්ට් එක්පීරියන්ස් සෙන්ටර් ද දැන් කොළඹ දී විවෘතව පවතී

බල ශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් හා පළපුරුදු වෘත්තිකයින්ගෙන් සමන්විත සේවක මණ්ඩලය, අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව සහ දිගු වගකීම් කාලය, අවම මිල සමඟින් ඉහළම ගුණත්වය යන සාධක චින්ට් නිෂ්පාදන පාරිභෝගිකයින්ගේ ප්‍රියතම තේරීම බවට පත් කර තිබෙනවා. 

ඡායාරූප විස්තරය :

1. චින්ට් එනර්ජි සමාගමේ සභාපති ෆහාම් නෝමන්

2. චින්ට් එනර්ජි සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ කාමිල් හුසේන්